IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කතරගම පෙරහරේ පුරාණ චාරිත්‍ර රැසක් ඉටු කරයි

(කේ.ඩී.දේවප්‍රිය)

කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමිව සිදු කරන පැරණි චාරිත්‍ර රැසක්  අද  දින සිදු කෙරිණි. 

දුටුගැමුණු රජ දවසේ පටන් පවත්වා ගෙන එනු ලබන බස්නායක නිළ මැඳුරේ ඇති ගොම මැටි ගෑ බිමේ සිදු කරන දාන පිංකම දින බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් මහා සංඝයා වහන්සේලා වෙත පිලිගැන්වීම සිදු කරන ලදී.

දාන පිංකම සදහා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිති  කොබවක ධම්මින්ද හිමි. කතරගම ශ්‍රීි අභිණවාරාම විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණ තිස්සහිමි. තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමි. සිතුල්පව්ව රාජමහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති මැටරඹ හේමරතන හිමියන් වැඩම කර සිටියහ.

මෙයට අමතරව දේවාලය ඉදිරිපිට වු කොළ අතු පන්දළම නව කොළ අතු දමා අලුතින් සකස් කිරිම ද සිදු විය. දේවාලයේ පෙරහැරේ ගමන් ගන්නා වාසනා හස්තියා ප්‍රමුඛ අලි ඇතුන් සම්බන්ද කර ගනිමින් ඩිෂාන් ගුණසේකර මහතා එක් ව ප්‍රථම දඹ කොළ අත්තක් දේවාලයේ වාසනා හස්තියා වෙත ලබා දිමෙන් අනතුරුව අතු පන්දළම සකස් කිරිම සිදුවිය.

දුටුගැමුණු මහා රජතුමාට යුද්ධයේ දි උපකාර කල කඩොල් ඇතුගේ දළ යුගල මහජන ප්‍රදර්ශනයට දේවාලයේ ඇතුල් මාලිගයේ සිට එළියේ මණ්ඩපයට වෙත තැම්පත් කිරිමද සිදුවිය. අද දින 2022 ඇසළ මංගල්‍යයේ පෙරහැරේ බස්නායක නිළමේ වරයා ප්‍රථමයෙන් ගමන් ගන්නා දිනය වීම ද විශේෂීිත වේ .



අදහස් (0)

කතරගම පෙරහරේ පුරාණ චාරිත්‍ර රැසක් ඉටු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 520 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site