
(අංජුල මහික වීරරත්න)
කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේ ජන රැලියක දී පැවසීය.
පරදින්නේ නැති ආකාරයට සාක්ෂි එකතු කර මහාධිකරණයේ අදාල නඩු පවරන බවද ජනාධිපතිවරයා කීය.
"කතරගම ගෙදර" ලයිට් බිලක් බිත්තියේ ගහල තියෙන කොට පාරේ යන කෙනෙක් අහුල ගෙන මට එවල තියෙනවා. ඒ බිලේ තියෙන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියලා.ලයිට් බිලේ තියෙන්නේ එහෙම. හැබැයි ගේ එයාගේ නෙවෙයිලු.රක්ෂිත ඉඩමක ගේ හැදුවේ කොහොමද? මුදල් කොයින්ද? හොයන්න ඕන නැද්ද?ගේ හැදුවනම් හැදුවා කියන්න එපැයි, යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් රටේ තවත් ලොකුම ප්‍රශ්නයක් ඉක්මණට විසඳන්න.
කතරගම ගෙදර වගේම දෙවුන්දර දෙහිගෙදර ගැනත් බලන්න. පොලීසිය කුඩු ප්‍රවර්ධනය කරන්නෙ කොහොමද කියල සාධක හම්බ වෙයි.
ඕවා කෙරුවයි නැතැයි කියලා ජනතාවට ඇති වැඩක් නෑ. තමන් පහුගිය මාස හයේ ජනතාවට සහනයක් දෙන, රටේ දියුණුවට කරපු වැඩ ගැන පුලුවන් නම් කියන්න. කලින් දීපු බොරු ඡන්ද පොරොන්දු වලට මොකද උනේ?
" හිටපු ඇමති වරු හතර දෙනෙක් හිරේ. මැණික් මල්ලත් ආපහු ඇවිල්ල.පොලිස් පතිලත් හිරේ. කවද වෙච්ච වැඩද මේවා නේද මන් අහන්නේ ? " ඕව අර චන්දයක් අතළඟ තියාගෙන පට්ටගහන පරණ සුරංගනා කතා නෙවේ නේද සහෝදරයා. හය මාසයක් තිස්සේ ඔය කතා අහල අහල අපට දැන් ඇතිවෙලා තියෙන්නේ. කතාව පැත්තකින් තියල වැඩ කරලා පෙන්නුවොත් තමා හොඳ.
අනේ පිං! පින්ඩිඳ ලඟ චීත්ත අඳගත්ත උදවිය තමයි මේවගේ කතා කියන්නේ. හොඳට තේරෙනවා කවුද, කොහෙන්ද ආවේ, මොන තරාතිරමක කෙනෙක්ද කියලා!
අපට කණගාටු චන්දෙට කලින් කියන ඒවා චන්දෙට පස්සේ අමතක වෙන එකනේ ?
ඕයි..අර නඩුවයි මේ මගුලයි කියලා මිනිස්සුන්ව ප්‍රශ්න අමතක කරවන්නැතුව හාල් ටිකයි පොල් ටිකයි දෙනව....
හදිස්සි නොවී නඩුව පවරමු. ඡන්දය යි නඩුවයි දෙකම දිනන්න හැකියි.
ලයිට් ගත්තෙ එයාගෙ නමට වුණාට ඉඩමයි, ගෙදරයි මගෙ වෙන්න බැරිද? ටක් ගාල නඩුව අහල ගෙදර අයිතිය මටම ලබාදෙන්න.
එකවගේ හත් දෙනෙක් ඉන්නවා කියලා කතාවක් අහල තියෙනවා. නම එකම වුණාට, ඕක මගෙ නොවී, වෙන කෙනෙක්ගෙ වෙන්න බැරිද?
අර ගෙදර මේ ගෙදර කිය කිය ආයෙමත් තර්ජන ගර්ජන දදා අනුර ජනපති රට වටේ වෛරය පතුර පතුර ගොබ්බ මිනිස්සු මුලාකරගෙන මුලාකර ගෙන යනවා ඡන්ද ගුණ්ඩු දාන්න .දැන් නම් මේ මනුස්සයාගේ කපටි කයිරාටික කම් දැකලා අහලා අප්පිරියා වෙලා තියෙන්නෙ.ජනතාව හැමදාම රැවටුණා.රැ වැටුන වලේ දවල් වැටෙන්න එපා කියලා කතාවක් තියෙනවා නේද?බිමල් වසන්ත හඳුනා ටිල්වින් සමන්ත කෙපර බානවා.
ඔය ගෙදර නඩුව බොහොම හොඳට මාකට් කරන්න පුළුවන් නේද සෑර්, රටේ ආර්ථිකය එක්ක බැලුවම නොගිනිය හැකි සුළු දෙයක් වුනත් අපේ ඡන්ද කැම්පේන් එක කරන්න පුළුවන් නම් ඒවා නේද ප්‍රමුඛතාව වෙන්නේ නේද? අර කෝටි දාස් ගණන් පාඩු වුනු ඒවා ගැන මොකද හිතන්නේ? මම අහල තියෙනවා ඔය රටට පාඩු කරපු ලොකු කොම්පැනි කීපෙක ලොක්කන් ආණ්ඩුවේ ලොකු තැන් වලට පත්කරලා කියල. එක බොරුවක් නේද සෑර්.
මේවා ඡන්ද ගුණ්ඩු... ඉදිරි මැතිවරණයෙන් ඡන්ද ප්‍රතිශතය වැටෙන බව දන්නවා.
මිනිස්සුන්ට දිගින් දිගටම කැරට් අල ගිල්ලවන්න බැහැ ,
ලේලිට විරුද්ධවච කේලම් කියන නැන්දම් කෙනෙක්වමයි මතක් වෙන්නේ
ඉස්සර අපේ ගමේත් හිටියා මේවගේ කිසිම වැදගැම්මකට නැති දේවල් කිය කියා යන කාන්තාවක්...