IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


’’කතරගම ගෙදර’’ නඩුව ඉක්මනට

(අංජුල මහික වීරරත්න)

කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේ ජන රැලියක දී පැවසීය.

පරදින්නේ නැති ආකාරයට සාක්ෂි එකතු කර  මහාධිකරණයේ අදාල නඩු පවරන බවද ජනාධිපතිවරයා කීය.

"කතරගම ගෙදර" ලයිට් බිලක් බිත්තියේ  ගහල තියෙන කොට පාරේ යන කෙනෙක් අහුල ගෙන මට එවල තියෙනවා. ඒ බිලේ  තියෙන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියලා.ලයිට් බිලේ තියෙන්නේ එහෙම. හැබැයි ගේ එයාගේ නෙවෙයිලු.රක්ෂිත ඉඩමක ගේ හැදුවේ කොහොමද? මුදල් කොයින්ද? හොයන්න ඕන නැද්ද?ගේ හැදුවනම් හැදුවා කියන්න එපැයි, යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.

 



අදහස් (16)

’’කතරගම ගෙදර’’ නඩුව ඉක්මනට

Sara Sunday, 30 March 2025 02:23 PM

ඔව් රටේ තවත් ලොකුම ප්‍රශ්නයක් ඉක්මණට විසඳන්න.

:       0       2

වින්සන්ට් කජ්ජා Sunday, 30 March 2025 02:37 PM

කතරගම ගෙදර වගේම දෙවුන්දර දෙහිගෙදර ගැනත් බලන්න. පොලීසිය කුඩු ප්‍රවර්ධනය කරන්නෙ කොහොමද කියල සාධක හම්බ වෙයි.

:       0       9

යෝගා Sunday, 30 March 2025 02:48 PM

ඕවා කෙරුවයි නැතැයි කියලා ජනතාවට ඇති වැඩක් නෑ. තමන් පහුගිය මාස හයේ ජනතාවට සහනයක් දෙන, රටේ දියුණුවට කරපු වැඩ ගැන පුලුවන් නම් කියන්න. කලින් දීපු බොරු ඡන්ද පොරොන්දු වලට මොකද උනේ?

:       10       8

SIRI Sunday, 30 March 2025 02:55 PM

" හිටපු ඇමති වරු හතර දෙනෙක් හිරේ. මැණික් මල්ලත් ආපහු ඇවිල්ල.පොලිස් පතිලත් හිරේ. කවද වෙච්ච වැඩද මේවා නේද මන් අහන්නේ ? " ඕව අර චන්දයක් අතළඟ තියාගෙන පට්ටගහන පරණ සුරංගනා කතා නෙවේ නේද සහෝදරයා. හය මාසයක් තිස්සේ ඔය කතා අහල අහල අපට දැන් ඇතිවෙලා තියෙන්නේ. කතාව පැත්තකින් තියල වැඩ කරලා පෙන්නුවොත් තමා හොඳ.

:       4       12

Kolitha Sunday, 30 March 2025 03:10 PM

අනේ පිං! පින්ඩිඳ ලඟ චීත්ත අඳගත්ත උදවිය තමයි මේවගේ කතා කියන්නේ. හොඳට තේරෙනවා කවුද, කොහෙන්ද ආවේ, මොන තරාතිරමක කෙනෙක්ද කියලා!

:       3       9

de silva Sunday, 30 March 2025 03:19 PM

අපට කණගාටු චන්දෙට කලින් කියන ඒවා චන්දෙට පස්සේ අමතක වෙන එකනේ ?

:       2       9

Rosa Sunday, 30 March 2025 03:20 PM

ඕයි..අර නඩුවයි මේ මගුලයි කියලා මිනිස්සුන්ව ප්‍රශ්න අමතක කරවන්නැතුව හාල් ටිකයි පොල් ටිකයි දෙනව....

:       5       11

සිල්වා Sunday, 30 March 2025 03:21 PM

හදිස්සි නොවී නඩුව පවරමු. ඡන්දය යි නඩුවයි දෙකම දිනන්න හැකියි.

:       2       6

කව්ද බෝයි Sunday, 30 March 2025 03:35 PM

ලයිට් ගත්තෙ එයාගෙ නමට වුණාට ඉඩමයි, ගෙදරයි මගෙ වෙන්න බැරිද? ටක් ගාල නඩුව අහල ගෙදර අයිතිය මටම ලබාදෙන්න.

:       0       6

නන්දසේන Sunday, 30 March 2025 03:56 PM

එකවගේ හත් දෙනෙක් ඉන්නවා කියලා කතාවක් අහල තියෙනවා. නම එකම වුණාට, ඕක මගෙ නොවී, වෙන කෙනෙක්ගෙ වෙන්න බැරිද?

:       2       4

MD Sunday, 30 March 2025 04:54 PM

අර ගෙදර මේ ගෙදර කිය කිය ආයෙමත් තර්ජන ගර්ජන දදා අනුර ජනපති රට වටේ වෛරය පතුර පතුර ගොබ්බ මිනිස්සු මුලාකරගෙන මුලාකර ගෙන යනවා ඡන්ද ගුණ්ඩු දාන්න .දැන් නම් මේ මනුස්සයාගේ කපටි කයිරාටික කම් දැකලා අහලා අප්පිරියා වෙලා තියෙන්නෙ.ජනතාව හැමදාම රැවටුණා.රැ වැටුන වලේ දවල් වැටෙන්න එපා කියලා කතාවක් තියෙනවා නේද?බිමල් වසන්ත හඳුනා ටිල්වින් සමන්ත කෙපර බානවා.

:       6       9

ගුණරත්න Monday, 31 March 2025 08:03 AM

ඔය ගෙදර නඩුව බොහොම හොඳට මාකට් කරන්න පුළුවන් නේද සෑර්, රටේ ආර්ථිකය එක්ක බැලුවම නොගිනිය හැකි සුළු දෙයක් වුනත් අපේ ඡන්ද කැම්පේන් එක කරන්න පුළුවන් නම් ඒවා නේද ප්‍රමුඛතාව වෙන්නේ නේද? අර කෝටි දාස් ගණන් පාඩු වුනු ඒවා ගැන මොකද හිතන්නේ? මම අහල තියෙනවා ඔය රටට පාඩු කරපු ලොකු කොම්පැනි කීපෙක ලොක්කන් ආණ්ඩුවේ ලොකු තැන් වලට පත්කරලා කියල. එක බොරුවක් නේද සෑර්.

:       8       12

prasanna Monday, 31 March 2025 11:51 AM

මේවා ඡන්ද ගුණ්ඩු... ඉදිරි මැතිවරණයෙන් ඡන්ද ප්‍රතිශතය වැටෙන බව දන්නවා.

:       0       1

de silva Monday, 31 March 2025 01:44 PM

මිනිස්සුන්ට දිගින් දිගටම කැරට් අල ගිල්ලවන්න බැහැ ,

:       1       2

Udul Monday, 31 March 2025 03:00 PM

ලේලිට විරුද්ධවච කේලම් කියන නැන්දම් කෙනෙක්වමයි මතක් වෙන්නේ

:       0       3

Damith Monday, 31 March 2025 03:18 PM

ඉස්සර අපේ ගමේත් හිටියා මේවගේ කිසිම වැදගැම්මකට නැති දේවල් කිය කියා යන කාන්තාවක්...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site