(අංජුල මහික වීරරත්න)
ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ආර්ථික ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායක මූල්‍ය සංග්‍රහය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මෙම උත්සවය පැවැත්විණි.
"ආර්ථිකයට දායක වන පිරිමි පාර්ශවයේ ක්‍රියාකාරී ප්‍රතිශතය ගෝලීය වශයෙන් 72%ක්.දේශීය වශයෙන් ගත්තත් එය 71% ක් වෙනවා. නමුත් ඊට සාපේක්ෂව කාන්තා සහභාගීත්ව ප්‍රතිශතය ලෙස පිළිවලින් 47% සහ 32% ක්, ශ්‍රම බලකා සහභාගිත්වයට ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ විෂමතාව දැඩි ලෙස බලපෑම් ඇතිකර තිබෙන බව මෙමගින් පැහැදිලි වෙනවා" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
මෙම අවස්ථාවට මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු සහ බැංකු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
කතුන් ආර්ථිකයට මීට වඩා හවුල් කරගන්න ඕන
Sellakkara Kolla Thursday, 20 March 2025 09:58 AM
වැඩක් කරගන්න AG ඔෆිස් එකකට ගිහින් බලන්න ආයි ඔහොම කියන්නෙ නෑ