IMG-LOGO

කුඩා විදුලි බලාගාර වලින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 440ක්

(ඩයනා උදයංගනී)

කුඩා විදුලි බලාගාර මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවෙට් 440ක ධාරිතාවයක් එක්කිරීමට සැලසුම් කර ඇතැයි සූර්ය බල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙගාවොට් 10 හා ඊට අඩු විදුලි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් මෙන්ම උත්පාදිත විදුලිය මිලදී ගැනීමට සම්මත අය ක්‍රමයක් ඇති කිරීමට, ප්‍රමුඛතාව මත මධ්‍යම ජාලයට විදුලිය ලබාදීමටත් අවශ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇතැයි රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්‍ෂේත්‍රය ආරම්භයේ සිට මේ දක්වා ඉන්ධන මත රදා පැවතීම හේතුවෙන් මේ වන විට විදුලි බල අර්බුදයක් දක්වා වර්ධනය වී ඇතැයි කී දුමින්ද දිසානායක මහතා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත ගමන්කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වී ඇතැයි ද කීවේය.



අදහස් (4)

කුඩා විදුලි බලාගාර වලින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 440ක්

sharm warn Friday, 21 January 2022 04:41 PM

ආ... ඔය එන්නේ කරපුවා එළියට... වැඩි මුදලට හෙංචයියන්ගේ කුඩා බලාගාර වලින් විදුලිය ගන්න ලස්සනට වැඩේ කරගෙන ගියා. අර විසන්ධිමුත්තා ඒ කාලේ පාවෙන බලාගාරවලින් විදුලිය ගන්න ගේමක් ගැහුවා වගේ ඔක්කොම හොරු..

:       0       6

අප්පුහාමි Friday, 21 January 2022 05:50 PM

අපිත් කැමතියි සූර්ය බලශක්තිය ලබාගන්න. නමුත් මිල ඇහුවම කිව්වේ පැනල් අටකට ලක්ෂ 6ක් පමණ වැයවේවි කියලා... ඔවුන් කිව්වේ නැහැ පැනල් දෙකක් වගේ කොපමණ මිලද කියලා. මේවා ගැන දැනුවත් කරලා ආධාරයක් දෙනවා නම් අපිත් සතුටින් සවිකර ගන්නවා. දැනට ප්‍රශ්නේ අපට මුදල් නැතිකම තමයි. ඒ ගමන්ම අලුතින් හදන නිවාස සඳහා සූර්ය බලශක්තිය අනිවාර්ය කළොත් සාර්ථක ප්‍රතිඵලයක් ගන්න හැකිවේවි...!!!

:       1       6

සුරලොව ඇල්මන් Friday, 21 January 2022 05:59 PM

ලංකාවේ කිසිම ආවරණයක් නැතුව කෙලින්ම හිරු එළියට විවෘත අධිවේගී මාර්ග හා රජයේ ගොඩනැගිලි මතින් විශාල ලෙසට සූර්ය බලශක්තියක් උපයාගත හැකිය. මාර්ග සංවර්ධන අධිකාරියට ඉන් ආදායමක්ද ලද හැකියි. පාසල් ගොඩනැගිලි හා රාජ්‍ය ආයතනවල වහල හරහා කොපමණ විදුලි කෝෂ සවිකර විදුලිය නිපදවීම කළ හැකිද? ඇයි මේවා ගැන අවධානයට නොගන්නේ?

:       0       9

RaveendraFriday, 21 January 2022 06:35 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. එනමුත් විදුලි බල මණ්ඩලේ සහ අදාළ දේශපාලුවන් කිසිඳු බලයට පත් රජයකට මේ පිළිබඳව කිරීමට හැකියි කිවේ නැත. කියන්නෙම බැහැ.. බැහැ.. දැනුත් කියන්නේ බෑමයි කියලනේ. දහසකුත් හේතු... එහි වඩාත් හාස්‍යය නම් මේ ඔක්කොම මහජන මුදලින් පිනට ඉගෙනගත්ත බූරුවන් වීමයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site