IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


කුඩු කිලෝ 494ක් විනාශ කරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක්   පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මිය ඉදිරියෙදී පුත්තලම සිමේන්ති සමාගමේ උඳුනේදී විනාශ කළේය. 

මෙලෙස විනාශ කර දැමුවේ 2021 වසරේ දෙසැම්බර් 15 දින ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ විසින් විදේශීය සැකකරුවන් හය දෙනෙකු සමග අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 250 යි ග්‍රෑම්ස් 996 කී. ඒ සමගම නැවතත් 2022 වසරේ අප්‍රේල් මාසයෙ 19 දින නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඒකාබද්ධව කළ වැටලිමකදි සැකකරුවන් හත් දෙනෙකු සන්තකයෙ තිබු හෙරෝයින් කිලෝ 243 යි ග්‍රෑම්ස් 52 ක් මෙලෙස සෙල්සියල් අංශක 1300 අධික දහනයක් යටතේ ක්‍රියාත්මක උදුනට දමා විනාශ කිරීමට කටයුතු කෙරුණි.

කොළඹ මහ අධිකරණයෙන් භාර ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ ආරක්ෂාව යටතේ කටුනායක අධිවේගි මාර්ගය හරහා පැමිණ පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයෙ පුත්තලම පාලවිය පිහිටි සිමේන්ති කර්මාන්ත ශාලාව වෙත රැගෙන ඒම සිදුවිනි.

 



අදහස් (3)

කුඩු කිලෝ 494ක් විනාශ කරයි

Ahmed (Gulf) Tuesday, 29 April 2025 12:39 AM

තිරිඟු පිටි විය යුතුයි ???

:       6       3

බකල ජයා Tuesday, 29 April 2025 09:02 AM

පිටි කිලෝ කීයක් විතර තියෙන්න ඇතිද?

:       1       3

නිහාල් Tuesday, 29 April 2025 02:05 PM

අපරාදේ පාන් කීයක් නම් හදන්න තිබුණ ද

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site