
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටට පිම්මක් පනින්නට හැකියාව ලැබෙන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කළහොත් පමණක් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ රටේ ද්විතීය පාසල් සියල්ලේම ඉංග්‍රීසි භාෂාවෙන් පන්ති පටන් ගත යුතුයි. මේ වන විට ඉංග්‍රීසි ඉගැන්විය හැකි සැලකිය යුතු ගුරු පිරිසක් ඉන්නවා.මේ පිරිස ලවා හයේ පන්තියේ සිට ඉංග්‍රීසි ඉගැන්වීම විධිමත්ව ඇරැඹිය යුතුයි.මේ පිළිබඳව ගුරුවරුන්ගෙන් සෘජුව විමසුවොත් ඔවුන් බෑ කියනවා. මොකද ඔවුන් දැන් තියෙන විදියට ගෙන යන්න කැමතියි.එදා අතීතයේදී අපේ තාත්තලගේ පරම්පරාව දුප්පත් කමින් එළියට ආවේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගත් නිසයි.ඒ අභියෝගය බාර ගත්තොත් රටට පිම්මක් පනින්න අවස්ථාව ලැබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම ඉතාමත් කාලෝචිත දෙයක්. පිටරටකට ඇවිත් වැඩ කරද්දී තේරුණු දෙයක් තමා ලංකාවෙන් එන දක්ෂ පිරිසට ගොඩාක් අවස්ථා නැති වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ ඇති දුර්වලතා නිසා. ඉන්දියාවෙන් එන බහුතරයකට ඉංග්‍රීසි බස ඉතා හොඳින් හසුරවන්න පුළුවන් නිසා ගොඩක් හොඳ අවස්ථා ලැබෙනවා හැකියාව අඩු වුණත්... ඉතා අඩු අධ්‍යාපන මට්ටමක් තියෙන කෙනෙක් වුණත් ඉංග්‍රීසි හොඳින් කතා කරනවා ද්විතීයික අධ්‍යාපනය එම බසින්ම ලබාදෙන නිසා...
සහතික ඇත්ත මෙයයි සිදුවිය යුත්තේ බයිලා කියන්නේ නැතුව මේකවත් කරන්න.
මිලියන් ගාණක් රට රැකියාවකට යන්න ඉන්න නිසා මැදපෙරදිග රටවලට ප්‍රයෝජනයි, හැබැයි රුසියාවේ, චීනේ, යුරෝපයේ, ඉංග්‍රීසි වචනයක් කතා කරන්නේ නෑ. ලතින් ඇමරිකාවේ ඉංග්‍රීසි සෙවීම කලුණික හොයනවා වගේ වැඩක්. ලෝකේ දියුණු ජාතින් විදේශ භාෂා ටිකක් ඉගෙන ගන්නවා. සංචාරයට උදා : ජපන් වැසියන්, තමන්ගේම මව්භාෂාවෙන් වෙනත් භාෂාවන් ඉගෙනගෙන මව්භාෂාව පහත්කරන ජාතියක් කවදාවත්ම දියුණු වෙන්නේ නෑ. ඒක විශ්ව බලයක්...
ඔබ විපක්ෂය නියෝජනය කළත් ඔබගේ අදහස ඉතාම කාලෝචිතයි... මම මගේම අත්දැකීම මතයි මෙහෙම කියන්නේ...!
කාරණය සහතික ඇත්ත වුණත් සිංහලයා රවටා පැය 24 න් රාජ්‍ය භාෂාව කර බලයට පැමිණි බණ්ඩයියා නිසා රටට වූ විපතේ තරම දැන් තමයි තේරෙන්නේ... එක් අතකින් සිංහලයා හරියාකාරව සිංහලවත් ඉගෙනුමක් නැතුව කොන්වෙද්දී සුලු ජාතිකයින් භාෂා දැනුමෙන් පොහොසත් වුණා. දෙවනුව අවුරුදු තිහක යුද්ධය සමග ජාතීන් අතරේ භේදයක් හටගත්තා. රටේ සංවර්ධනය ආපස්සට ගියා. දැනටත් හරියාකාර ඉංග්‍රීසි ඉගැන්වීමක් නැහැ. එනිසා දැන්වත් බණ්ඩාරනායක ලොක්කා කරපු වැරැද්ද නිවැරදි කරනවා නම් රටේ සංවර්ධනය කිරීම පහසු වෙනවා..
උසස් අධ්‍යාපනය නම් ඉංගිරිසි භාශාවෙන් කිරීම වැදගත්. නමුත් ඉංග්‍රීසි දැන ගත්තම සේරම හරි කියල නම් හිතන එක අමන කමක්. ඉංගිරිසි ඉගෙන ගත් යුත්තේ සුද්දෙක් වීම සඳහා නොවේ තවත් භාශාවක් ලෙස පමණි. සුද්දා යනකොට දීලා ගිය හීනමානය නසා සියල්ල ව්නාශ නොව්ය යුතුයි.
සජිත් මහත්තයාගේ පැත්තේ හිටියා වුණත් කතාව බුද්ධිමත්...!
සමහරු ඉංග්‍රීසිය ටිකක් සිංහලෙන්ම ඉගෙන ගත් පසුව සිංහල කතා කරන්නේ දෙමළ මනුශ්‍යයෙක් වගේ මම සිංහල හොඳට දන්නේ නෑ කියලා ඒත්තු ගැන්වීමක් කරනවා. ඵංගලන්ත යටත් විජිත කොලනියක් නිසා සමහරුන්ට එක්කෝ වහල් මානසිකත්වය නැත්නම් ඡාන වෙනස්කමක් අවුරුදු 400ක් විතර යටත් වෙලා හිටියානේ, එහෙම අය ඔන්න තාක්ෂණය ගැන කියලා දෝෂාරෝපණය කරනවා. ජාතික වීරයින් භික්ෂූන් වහන්සේලා ඔලුවලට වෙඩි තියලා මරපු ඕකුන් බැහපු හැම රටක්ම විනාශ කෙරුවේ මුලින්ම ස්වදේශීකයින්ට බොන්න පුරුදු කරලා. දැන් ඒවා ටික ටික පලදිගෙන එනවා ඒකනේ. ඔවුන්ගේ පවුල් සීසීකඩ අපේ බොහෝ පවුල්වලටත් එම රටවල ටිකමයි, පසුගිය වසරේ වර්ණ භේදයට දරුවන් තිස් දෙකක් ඝාතනය කලා, එහෙම ඔවුන් මානව හිමිකම් කතා කරන්න?
දියුණු රටවල ජාතින්ගේ භෂා ඉගෙනීමෙන් එම රටවල රැකියාවලට යාමේදී ප්‍රමුකත්වයක් සහ පහසුවක් ඇත.බොහො අය ජපන් ,කොරියන් ප්‍රංශ, ඉතාලි ඉගෙන ගන්නේ ඒකයි,භාෂාවක් කතා කෙරුවට පොත පත කියෙව්වට මැට්ටෙක් නම් බුද්ධිමතෙක් වෙන්නේ නෑ.එංගලන්තේ රෙස්ටුරන්ට් සහ සාප්පුවලට මුදල් අයකැමියට ඉංග්‍රීසින් ගන්නේ නැත්තේ ගණන් බැරි නිසයි.රටක් දියුණුවට පත්වෙන්න උපතින්ම බුද්ධිමතුන් වෙන්න ඕනැ එහෙම අයට අධ්‍යාපනය ඉතා පහසුයි නව සොයා ගැනීම් ඔවුන්ගෙයි ,ජපන් ජාතිකයන් කියන්නේ රටක් අපායක් වගේනම් බුද්ධිමතුන් ඉපදෙන්නේ නෑ, මේ ලස්සන රට මිනිස්සුන් අපායක් කරලා නගර ,පාර දෙපැත්ත අපායක්.ලෝකේ ඕනෑම අපිරිසිදු රටක් දිළිදු කමේ පතුලේ,අපේ රටේ රටේ පාලක හොරකමක් බලපෑවා,උන් කෑවා ,සාමාන්‍ය ජනතාවට දරුවන්ට මන්ද පෝෂණය අතපය කෝටු කෑලි වගේ
සෙනරත් ඉදිරිපත් කළ අදහසේ මුලින්ම තියෙන පේලි දෙක අනුව මට පරණ කතාවක් මට මතක්වුනා ඉස්සර රජයේ සේවිකාවකගේ සැමියා විදේශ ගතවෙලා හිටියා බිරිඳගේ නම ලියද්දි ඒකෙ සිංහල වාසගම ලෙසට සුවද ආරච්චිගේ කියල තිබුනම ඒක ඉංග්‍රීසියෙන් Suwanda arachchige කියල ලියලා තියෙනවා ඉතින් රට හිටපු මිනිහා ගෑනිට කියල තියෙනවා සුවද ආරච්චිගේ කියල වාසගමක් නැහැ ඉක්මනින් උප්පැන්නයේ නම සුවන්ද ආරච්චිගේ කියල හදාගන්න කියල ඉතින් ගෑනිත් ඒක කලා ඒකෙන් පාරම්පරික වාසගමක් විකෘති වුණා ඔන්න ඔහොමයි සිංහල වුණත් සිංහල නොදන්නා ඉංග්‍රීසි තොලේ යන්තමින් ගෑවුනු උන්ගෙ තත්වය.