
( රොමේෂ් මධූෂංක)
යාපනය කොකුවිල් ප්‍රදේශයේදී පසුගිය දිනයන්හි ප්‍රචණ්ඩකාරි සිදුවීම් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (12) අත්අඩංගුවට ගත් බවට යාපනය කොට්ඨාස භාර අපරාධ විමර්ශන අංශය පැවසීය.
පසුගිය 03 වැනිදා කොකුවිල් ඥානපණ්ඩිත පාසල ආසන්නයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවල සිදුකොට පලාගිය පිරිසක් සම්බන්ධයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් සිදුකරන ලද පරික්ෂණයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න සිදුකිරීමෙන් අනතුරුව ඔවුන් ප්‍රචණ්ඩක්‍රියා සඳහා භාවිතා කරනු ලැබූ තියුණු ආයුධ, යතුරුපැදි මෙන්ම මත්ද්‍රව්‍ය තොගයක්ද තිබී සොයාගෙන ඇත.
යාපනයේ ක්‍රියාත්මක වන කඩු කල්ලි සඳහා සෘජුවම දායකවන පිරිසක් වශයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් හැඳින්විය හැකි බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
44
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
931
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩුකල්ලි සාමාජිකයෝ කඩුත් එක්ක මාට්ටු