(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ 3 , කොල්ලුපිටිය පටු මග වෙනත් පුද්ගලයකුට අයත් ඉඩමක් කූඨ ලේඛන සකසා රුපියල් ලක්ෂ 500 කට විකුණූ වූ බව කියන 83 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි .
පොලිස්පතිතුමාට ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
එම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් මාලිගා කන්ද අධිකරණය වෙත 2021 වසරේදී කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින්අනතුරුව සැකකාරිය බත්තරමුල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාස සංකීර්ණයකදී අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ නමේ ඩේසි කියලා කෑල්ලක් තියෙනවාද?
ඒක මගේ කේස් එක නෙවෙයි හොඳේ….!
වැඩිහිටි නිවාසෙක ඉන්න 83 ක් වයස නාකි මනුස්සයෙක්ට කූට ලේඛන හදලා සල්ලි වංචා කරන්න වුවමනා කමක් තියේද? ඕක කරපු නියම හොරු ටික රටෙනුත් පැනලා ඇති. වයසක මනුස්සයා කියවා බලන්නෙත් නැතිව අස්සන ගහන්න ඇති කියලයි මට හිතෙන්නේ.