IMG-LOGO

කෝටි 7 ක මත් කුඩු සමඟ අයිය- මලෝ පොලිස් දැලේ

( සුමිත් ප්‍රේමතිලක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අළුබෝමුල්ල, ශාන්ති මාවතේ දෙමහල් නිවසක මත්කුඩු පැකට් කරමින් සිටියදී රුපියල් කෝටි 7 කට අධික  වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු  තොගයක් සමග අයියා මලෝ දෙදෙනෙකු  අද (21) අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

බණ්ඩාරගම සහ අලුබෝමුල්ල පොලිස් ස්ථාන ඒකාබද්ධව කල වැටලීමකදී මත්කුඩු තොගය සොයාගෙන ඇත.

විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව් කියන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකු වන " පානදුර සළිදු" නැමැත්තා ගේ ජාවාරමට අදාළ මත්කුඩු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ .

‍ෙහෙරොයින් මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සැකකරුවන් දෙදෙනා මෙම නිවස පවත්වාගෙන ගොස් ඇති අතර කර, මත්කුඩු කිලෝ එකක් පැකට් කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් "පානදුර සළිදු" නැමැත්තා ගෙවන බවට සැකකරුවෙකුගෙන් ප්‍රකාශ වලදී අණාවරනය වී ඇතැයි  පොලිස් නිලධාරීයෙක් කීය.

අත්අඩංගුවට ගත් දෙදෙනා අළුබෝමුල්ල , ශාන්ති මාවතේ , තැඹිලි කොටුව ප්‍රදේශයේ පදිංචි 25 සහ 30 හැවිරිදි පුද්ගලයින් බවද පොලිසිය කියයි .



අදහස් (0)

කෝටි 7 ක මත් කුඩු සමඟ අයිය- මලෝ පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site