(සිතුම් චතුරංග)
එල්.ටි.ටි.ඊ සංවිධානය වළදමා තිබෙන රත්‍තරන් සහ මුදල් සෙවීම සඳහා භූගත වස්තු පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකු කිලිනොච්චිය , රාමනාදන්පුරම් මාර්ග බාධකයේදී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
සුඛෝපභෝගී මෝටර් රථ දෙකකින් පැමිණ ඇති සැකකරුවන් රාමනාදන් , සෙම්බුකුලම් ප්‍රදේශයේ එල්.ටි.ටි.ඊ වළදැමූ රත්තරන් භූගත වස්තු පිළිබඳ සොයාබලන සොයා ස්කෑනර් යන්ත්‍රයෙන් පරීක්ෂා කිරීමට සූදානම්ව සිටි බවට තොරතුරු අනාවරණයවූ බවද පොලිසිය පැවසීය.
සැකකරුවන් දින කිහිපයකට පෙර පැමිණ ඇති බවත් අත්අඩංගුවටගත් කොස්තාපල් අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අයකු බවට තොරතුරු ලැබී ඇති බවද පැවසීය.
සැකකරුවන් සතුව තිබී මිනුම් සඳහා යොදාගන්නා ටේප් වර්ග ඇතුළු භාණ්ඩ කිහිපයක්ද සොයාගත් බවත් පොලිසිය සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොටි වැළලූ රන් සොයන්න ගිය පී.සී ඇතුළු හතක් මාට්ටු