
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අද අලුයම කොස්ගොඩ මහා ඉඳුරුව අකාඩිගොඩ ප්‍රදේශයේ නිවසකට අවස්ථා දෙකකදී වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පලා ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
වෙඩි තැබීමට යොදාගත් මයික්‍රෝ වර්ගයේ ගිනි අවිය වෙඩි තැබූ ස්ථානයේ සිට මීටර් 50 ක් පමණ දුරින් දමා ගොස් තිබියදී කොස්ගොඩ පොලිසිය භාරයටගෙන ඇත.
කළු සහ රතු වර්ණයෙන් යුත් ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් අවස්ථා දෙකකදී නිවස ඉදිරිපිටට සහ නිවස තුළට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd