IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෝටි ගණන් වංචා කළැයි පිරමීඩ සමාගමක අධ්‍යක්ෂක රිමාන්ඩ්

(රොෂාන් තුෂාර)

ජනතා මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන  "ෆූගෝ ඔලින්" (Fruugo oline) නැමැති නීති විරෝධී  පිරමීඩාකාර සමාගමේ මාස පහක කාලයක් අධ්‍යක්ෂක ධූරය දැරූ මනම්පිටියේ තරුණයකු ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනගාරගත කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (30) නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එරන්ද දිල්ෂාන් සමරජීව නමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි .

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසියේ සැරයෙන් ජයවීර හා පොලිස්කොස්තාපල් කරුණාතිලක  මහත්වරුන් කරුණු දක්වමින් කියා සිටියේ කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පිරමීඩාකාර සමාගමේ මාස පහක කාලයක් අධ්‍යක්ෂක ධූරය දරා ඇති සැකකරු රුපියල් ලක්ෂ 43ක් වැටුප් ලෙස ලබාගෙන ඇති බවය.එම කාලය තුළ සැකකරුගේ  බැංකු ගිණුම් හරහා    ජනතා මුදල්රුපියල් කෝටි 250කට අධික මුදලක් භාරගෙන වංචා කර ඇති බවත්,මොහු සමග කටයුතු කළ සෙසු අධ්‍යක්ෂකවරුන් හා ආයතනය හිමිකරුවන් අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත්,කරුණු ඉදිරිපත් කළේය.

මෙතෙක් අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව  සැකකාර අධ්‍යක්ෂකවරයා හෝ මෙම සමාගමේ අයිතිකරුවන් කවුද යන්න පිළිබඳව නොදන්නා බවත්,ඔවුන් ශ්‍රී ලාංකිකයෝද විදේශිකයෝද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බවත් පැවසීය.

සැකකාර අධ්‍යක්ෂකවරයාට අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන උපදෙස් අනුව ඔහු පිරිමිඩාකාර සමාගමන පවත්වාගෙන ගොස් ඇති බවද පැවසීය.



අදහස් (0)

කෝටි ගණන් වංචා කළැයි පිරමීඩ සමාගමක අධ්‍යක්ෂක රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site