(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට එවීම සඳහා සූදානම් කළ ඉන්දීය රුපියල් කෝටි 110 ක් වටිනා ගංජා තෙල් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනකු තමිල්නාඩු රාමනාතපුරම් හිදි අත්අඩංගවට ගත් බව තමිල්නාඩු බුද්ධි අංශ සමත්ව ඇත.
සැකකරුවන් දෙදෙනා සමඟ මෙතම්ෆටමයින් (අයිස්) මත්ද්‍රව්‍ය කිලෝ 35 ක් සහ ගංජා තෙල් කිලෝ 50 ක් ද අත් අඩංගුවට ගැනීමට බුද්ධි අංශ නිලධාරීන් සමත්ව තිබේ.
තමිල්නාඩු බුද්ධි අංශයට ලද තොරතුරක් මත පරමාකුදි නගරයේ සිදු කළ මෙහෙයුමකදී මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී එහි තිබී එම මත් තොගයක සහ සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත්ව ඇත.
සැකකරුවන් පැමිණි වාහනයේ තිබී තහනම් මත් ද්‍රව්‍ය කිලෝ 88 ක් අත් අඩංගුවට ගත් බවත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවත් තමිල්නාඩු බලධාරීහු ප්‍රකාශ කළහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කෝටි ගණනක මත්ද්‍රව්‍ය ලංකාවට පන්නන්න බැරි වේ
Notorius Wednesday, 14 December 2022 01:33 PM
ඉන්දියාවේ එහෙම වුණත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ. අපේ රටේ හැමතැනම කුඩු... පොඩිළමයි ඉස්කෝලේ ළමයි පවා දැන් ඒවාට පුරුදුවෙලා. හැබැයි ඒවා එන මාර්ග වහන්නේ නැතුව බීපු අයට නීතිදානවා... ජලභීතිකාවට අමුඩේ ගහනවා වගේ වැඩ අපේ රටේ තියෙන්නේ...