
(තිළිණි ද සිල්වා )
කටාරයේ වෙසෙන ලාංකිකයින් හා එරට ව්‍යාපාරික ප්‍රජාව විසින් පරිත්‍යාග කළ ඔක්සිජන් සිලින්ඩර 150 ක් සහ ස්පන්දන ඔක්සිමීටර් පළමු තොගය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ලංකාව තුල මේ වනවිට පවතින කොවිඩ්-19 වයිරස ආසාදන හා මරණ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යාම සහ වඩාත් අසාධ්‍ය රෝගීන් සඳහා පවතින වෛද්‍ය උපකරණ හිඟය ගැන ශ්‍රී ලංකාවේ තානාපති එම්. මෆාස් මොහිදීන් මහතා කරන ලද හදිසි ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස, මෙම පරිත්‍යාගය විදේශික ශ්‍රී ලාංකික ප්‍රජාව, හිතවතුන් සහ දෝහා හි ලුලු ජාත්‍යන්තර සමූහය විසින් ලබා දී ඇතැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි
තානාපති කාර්යාලයේ ඉල්ලීම පරිදි මෙම භාණ්ඩ තොගය ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාවට නොමිලේ ප්‍රවාහනය කළ අතර මෙම සෞඛ්‍ය උපකරණ ලබා දුන් පරිත්‍යාගශීලීන්ට තානාපති කාර්යාලය සිය අවංක කෘතඥතාව පළ කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට බොහෝ පින් මේ භාණ්ඩ වලට සහ උපකරණ වලට... ඔබතුමන්ලාට හැකි හැම අවස්ථාවකම මෙවැනි අත්‍යාවශ්‍ය භාණ්ඩම අපේ රටට එවන්න. හැබැයි මහත්වරුනේ සල්ලිනම් ආණ්ඩුවට දෙන්න එපා වැරදිලාවත්. ඒ සල්ලි ඔක්කොම පිල්ලි යනවා. හොරා කනවා." මහා එකාගේ " ඉඳලා පොඩි එකාදක්වාම හොරකම් කරනවා...
ඔබලෑ වැනි මිනිසුන් අවංකවම දෙවිවරුය.තමන් දු මහන්සියෙන් උපයාගත් ධනයෙන් මෙවැනි වටිනා දේවල් කිරීමම ඔබලාගෙ සියලු පැතුමන් ඉටුවීමට හේතුවනවා නිසැකය.
ලුලු සමූහ ව්‍යාපාරයට අපගේ ස්තුතිය පුදකරමු...!!!
බොහෝම ස්තුතියි... සියලු දෙනාටම නිදුක් නිරෝගී බව ලැබේවා...!!!