IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කෝටියක ‘අයිස්‘ සමඟ අයෙක් මාට්ටු

( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් අටක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කඳාන දුම්රියපොල පාරේදී  අද (11) දා  අත්අඩංගුවට ගත් බව  බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල සහස්පුර පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශ රටකට පලා ගොස් සිටින අයකුට අයත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයකු පිළිබඳව පොලිසියට තොරකුරක් ලැබී තිබිණි .

 
ඒ අනුව කඳාන දුම්රියපොළ පාර ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක් ඉදිරිපිටදී හදිසි මාර්ග බාධකයක් යොදා මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි රියැදුරු සන්තකයේ තිබී අයිස් කිලෝ එකයි ග්‍රෑම් අටක් බහා තිබූ පාර්සල් පහක් භාරයට ගත් බව පැවසේ.

පසුව  මෝටර් රථ රියැදුරු අත් අඩංගුවට ගෙන  සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය දැනට විදේශ රටකට පලාගොස් සැගව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුු වන මෝදර නිපුණ යන අයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

 

 



අදහස් (1)

කෝටියක ‘අයිස්‘ සමඟ අයෙක් මාට්ටු

රුවන් Thursday, 13 February 2025 01:59 PM

ඔය හාල්මැස්සෝ වැඩක් නෑ. බොරු මෝරු ඉන්නවා තාම. දැන් බහුතරයක් පාර්ලිමේන්තුවේ නෑ. හැබැයි එකෙක්-දෙකෙක් ඉන්නවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site