(කාංචන කුමාර ආරියදාස)

හබරණ පුවක්පිටිය  මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක  ජිවත් වූ තරුණ මවක පසුගිය අම්මා වරුන්ගේ දිනයට පැය කිහිපයක් තිබියදී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිරිමි දරු උපතක් සිදුකළාය.

මෙම මවට තවත් අවුරුදු 03 ක පුංචි දියණියක්ද සිටි ,මිට පෙර නිවුන් පුතුන් දෙන්නෙක් අහිමි වූ බවද කියයි .

මෙසේ තුන් නිවුන් දරු උපත සිදුකර ඇත්තේ හබරණ පුවක්පිටිය පදිංචි 25 හැවිරිදි ගිහානි සුපෙෂලා කුමාරි නමැති මවකි , මේ දරුවන්ගේ පියා සන්ජිත් අසෝක දයානන්ද මහතා කැලේ ගසක් උඩ තැනු අලි පැලකින් බිමට වැටි අබාධිතව පසුවෙන බවද එම මව පවසන්නීය .

දරුවන්ගේ මව හා පියා දඹුල්ල රෝහලෙන් දරුවන් තිදෙනාද රැගෙන සුපුරුදු වන මැද පැලට 14 වැනිදා පස්වරුවේ මොර සුරන වරුසාවේ පැමිණියහ.

වරුසාවට පුංචි පැල තෙමි හිරිකඩ ගෙතුලට එද්දී පුංචි පැටවූ මොරදී හඩද්දී පියාත් මවත් සංවේදී වන අයුරු එහි ගිය අපට දැකගැනීමට හැකිවිය .

දඹුල්ලේ සිට කිලෝමීටර් 40ක් පමණ දුරක් මෙම ගමට යායුතුව ඈත.මව අප සමග කිවේ දරුවන් ලැබෙන්න යනතුරුම වන අලින්ගෙන් බේරීමට වන මැද ගසක් උඩ තැනු පැලක රැය පහන් කළ බවයි .

මේ පැටවුන් අරගෙන ගිය කටු මැටි ගැසූ ටකරන් තහඩු සෙවිලි කළ නිවසට විදුලිය, ජලය කිසිවක් නැත .

 පුංචි පැටවුන්ට අම්මගේ කිරි ප්‍රමණවත් බව වෛද්‍යවරු පවසා තිබේ , එහෙත් ඇදුම් ,සබන් ,මදුරු දැල් ආදී බොහෝ දෑ  පැටවුන්ට අඩුපාඩු රැසකි .

‘මේ පැටවුන්ට නොතෙමී ඉන්න අඩුම තරමේ පුංචි කාමර දෙකක් හදලා දෙන්න හැකිනම් ඒක මහා ශක්තියක් මෙන්ම පුන්‍ය කර්මයක් බව මව පවසන්නීය.

මේ පවුලට කතා කරන්න දුරකථනයක් නොමැත . දරුවන්ගේ පියා සන්ජිත් අසෝක දයානන්ද මහතාගේ නමට හබරණ මහජන බැංකුවේ ගිණුමක් පවති. එම ගිණුම් අංකය 203 2 002 3 00 29445, හැකියාවක් ඇත්නම් උදව්වක් කරන්නැයි ඔවුන් අයැද සිටි.