IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර කුණු වතුර වළක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අතුරුදන්ව සිටි කෝටිපති  ව්‍යාපාරිකයකුගේ සිරුර වෙන්නප්පුව උදාසිරිගම ප්‍රදේශයේ  වාහන සේදුම්  මධ්‍යස්ථානයක අප ජලය බැහැර කිරීමට යොදා තිබු වළක තිබියදි හමුවු බව වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මාරවිල ,කටුනේරීය ප්‍රදේශයෙ පදිංචි ටයර් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය අවිවාහක කෝටිපති ව්‍යාපාරිකයකු  වන 22 හැවිරිදි ශ්‍රීජීත් ජයෂාන් නැමති තරුණයකු බව කියයි.

මොහු පසුගිය 30 දින රාත්‍රියේ ඔහුට අයත් කැබ් රථයකින් යහළුවකු සමග පිටව ගොස් තිබුණද නැවත නොපැමිණ ඇති බවට පොලිසියට පැමිණිලි ලැබ තිබු අතර ඒ සම්බන්ධව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබු බව කියයි.

එසේ විමර්ශන ආරම්භ කර තිබියදී මෙසේ අතුරුදන් වු කෝටිපති තරුණ ව්‍යාපාරිකයාට අයත් කැබ් රථය වෙන්නප්පුව උල්හිටියාව කඩවත ප්‍රදේශයෙ සඟවා තිබෙන බවට ලැබුණ තොරතුරු මත  ඒ ගැන අවදානයෙන් සිටි පොලීසියට කැබ් රථය රැගෙන යාමට පැමිණි  අතුරුදන් වු ව්‍යාපාරිකයා සමඟ අවසන් වරට සිටි අයකු අත් අඩංගුවට ගැනිමට හැකිව තිබේ.

 අනතුරුව ප්‍රශ්න කිරිමේදි කෝටිපති ව්‍යාපාරිකයා තමන් හා තම මිතුරකු සමඟ 30 දින මෙම සිරුර හමුවු වාහන සේදුම් මධ්‍යස්ථානයෙ සාදයක් පැවැත්වූ බවත්  අතර එහිදි ඇතිවු   බහින් බස් විමකින්  පසු පිහියකින් ඇන මෙම කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කර  වාහන සේදුම් මධ්‍යස්ථානයෙ අප ජලය බැහැර කිරීමේ වලට දමා වැසු බව පාපොච්චාරණය කර තිබුණි.



අදහස් (5)

කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර කුණු වතුර වළක

සෙනෙවිරත්න Friday, 04 July 2025 01:52 PM

අනේ මෙහෙම මෝඩ මිනීමරුවෙක්, පළමුවෙන්ම හොයන්නෙ එකට ගියපු එකා බව තේරුම් නොගත්ත එකෙක්. වාහනයක් හංගල මොනවා කරන්නද?, අවසාන ප්‍රතිඵලය මේ දෙපැත්තෙම පවුල් විනාශ වෙන එක. යහලුවො කව්ද කියල දැනගෙන ආශ්‍රය කිරීමත් අවදානම් රැස්වීම් සාද නරක බවත් මේකෙ අවසානයෙ උගන්වන පාඩම.

:       0       0

Bunny Preena Friday, 04 July 2025 02:29 PM

දැන් කාලයේ සිදුවන දේවල් හැටියට සාදයක් දානවා කියන්නේ අනවශ්‍ය වචන හුවමාරුවකට ගිහිල්ලා අන්තිමට ජීවිතයම පූජා කරන්න වෙන කරුණක්. ඒ නිසා සාද නොපවත්වන තරමට ඇඟට ගුණයි. ජීවිය රැකෙයි...

:       2       92

thilakFriday, 04 July 2025 04:18 PM

වැරැද්ද තියෙන්නේ සාදයේ නෙවේ, තමන් ආශ්‍රය කරන "මිතුරන්ගේ" ගති පැවතුම් වල.

:       3       68

Neel Friday, 04 July 2025 06:08 PM

මේ වගේ හරක් එක්ක යනවද කන්න බොන්න.. පව්...

:       0       35

ගුණරත්න Friday, 04 July 2025 10:38 PM

ව්‍යාපාරිකයාගේ සිරුර කුණු වතුර වලක, ව්‍යාපාරිකයා රථය තුළම ඝාතනය කරලා, තරුණිය පාර අයිනේ... ඔන්න පහුගිය දවස් ටිකේ අහන්න ලැබුන ප්‍රවෘත්ති, මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ? වෙඩි තබාගනීම් 60 ගානක් වෙලා, හැමදාම වෙඩි වෙඩි..

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site