
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ සිරුර වෙන්නප්පුව උදාසිරිගම ප්‍රදේශයේ වාහන සේදුම් මධ්‍යස්ථානයක අප ජලය බැහැර කිරීමට යොදා තිබු වළක තිබියදි හමුවු බව වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මාරවිල ,කටුනේරීය ප්‍රදේශයෙ පදිංචි ටයර් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය අවිවාහක කෝටිපති ව්‍යාපාරිකයකු වන 22 හැවිරිදි ශ්‍රීජීත් ජයෂාන් නැමති තරුණයකු බව කියයි.
මොහු පසුගිය 30 දින රාත්‍රියේ ඔහුට අයත් කැබ් රථයකින් යහළුවකු සමග පිටව ගොස් තිබුණද නැවත නොපැමිණ ඇති බවට පොලිසියට පැමිණිලි ලැබ තිබු අතර ඒ සම්බන්ධව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබු බව කියයි.
එසේ විමර්ශන ආරම්භ කර තිබියදී මෙසේ අතුරුදන් වු කෝටිපති තරුණ ව්‍යාපාරිකයාට අයත් කැබ් රථය වෙන්නප්පුව උල්හිටියාව කඩවත ප්‍රදේශයෙ සඟවා තිබෙන බවට ලැබුණ තොරතුරු මත ඒ ගැන අවදානයෙන් සිටි පොලීසියට කැබ් රථය රැගෙන යාමට පැමිණි අතුරුදන් වු ව්‍යාපාරිකයා සමඟ අවසන් වරට සිටි අයකු අත් අඩංගුවට ගැනිමට හැකිව තිබේ.
අනතුරුව ප්‍රශ්න කිරිමේදි කෝටිපති ව්‍යාපාරිකයා තමන් හා තම මිතුරකු සමඟ 30 දින මෙම සිරුර හමුවු වාහන සේදුම් මධ්‍යස්ථානයෙ සාදයක් පැවැත්වූ බවත් අතර එහිදි ඇතිවු බහින් බස් විමකින් පසු පිහියකින් ඇන මෙම කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කර වාහන සේදුම් මධ්‍යස්ථානයෙ අප ජලය බැහැර කිරීමේ වලට දමා වැසු බව පාපොච්චාරණය කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම මෝඩ මිනීමරුවෙක්, පළමුවෙන්ම හොයන්නෙ එකට ගියපු එකා බව තේරුම් නොගත්ත එකෙක්. වාහනයක් හංගල මොනවා කරන්නද?, අවසාන ප්‍රතිඵලය මේ දෙපැත්තෙම පවුල් විනාශ වෙන එක. යහලුවො කව්ද කියල දැනගෙන ආශ්‍රය කිරීමත් අවදානම් රැස්වීම් සාද නරක බවත් මේකෙ අවසානයෙ උගන්වන පාඩම.
දැන් කාලයේ සිදුවන දේවල් හැටියට සාදයක් දානවා කියන්නේ අනවශ්‍ය වචන හුවමාරුවකට ගිහිල්ලා අන්තිමට ජීවිතයම පූජා කරන්න වෙන කරුණක්. ඒ නිසා සාද නොපවත්වන තරමට ඇඟට ගුණයි. ජීවිය රැකෙයි...
මේ වගේ හරක් එක්ක යනවද කන්න බොන්න.. පව්...
ව්‍යාපාරිකයාගේ සිරුර කුණු වතුර වලක, ව්‍යාපාරිකයා රථය තුළම ඝාතනය කරලා, තරුණිය පාර අයිනේ... ඔන්න පහුගිය දවස් ටිකේ අහන්න ලැබුන ප්‍රවෘත්ති, මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ? වෙඩි තබාගනීම් 60 ගානක් වෙලා, හැමදාම වෙඩි වෙඩි..