
(ටී.කේ.ජී.කපිල)
රුපියල් ලක්ෂ හැටක් වටිනා මැණික් තොගයක්, සිය ගුද මාර්ගයේ සගවා ගෙන, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති "හරිත මාවත" (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (31) දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරය හා සම්බන්ධ වෘත්තීන්හි නියැලී සිටින 45 හැවිරිදි සහ 46 හැවිරිදි වියේ පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි .
මොවුන් දෙදෙන ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (31) දින උදෑසන 10.00ට පැමිණ තිබුණි .
මොවුන් කැරට් 300ක් බරැති පුෂ්පරාග සහ නිල්කුරුවින්ද වර්ග වල මැණික් ගල් 54 ක් , සිය සිරුරු වල ගුද මාර්ගයේ සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ තිළිණි පීරිස් මහත්මියගේ උපදෙස් මත ගුවන් තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රොහාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කරමින් සිටිති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd