(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ඇඹිලිපිටිය කුඹුගොඩ ආර හයේ කණුව අසල හික්කඩුව ගෙදර පදිංචිව සිටි අගලවත්ත බඩල්ගේ ජගත් ඉන්දික කුමාර නැමති 43 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා යතුරුපැදියකින් යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි තැබීම 9mm වර්ගයේ ගිනි අවියකින් සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
හිස් උන්ඩ කීපයක් අවට විසිරී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේක කිසි ආකර්ෂණයක් නැති සාමාන්‍ය දෙයක්වෙලා, මොකද පහුගිය කාලේම හැමදාම වෙඩිතියන නිවුස් දැක්කා, අන්තිමේ සාමාන්‍ය කරණය වෙලා. ඔන්න රටකට ගිය කලක්...
කොයි අර මහජන ආරක්ෂක ටියුෂන් මාස්ටර් රෙද්ද පල්ලෙන් බේරෙනවා...