
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ " ඇඹිලිපිටියේ පොඩ්ඩා" නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු එදින මරණකරු යතුරුපැදියෙන් රැගෙන ආ පුද්ගලයා බව පොලිසිය කියයි. එම යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරු හෝටල් සමූහයක කළමනාකරුවෙකු සහ මුදල් එකතු කරන්නා ලෙස සේවය කරන අය බවත් කැස්බෑව ප්‍රදේශයේ ඔහු සේවය කරන හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව උසස් පොලිස් නිලධාරියකුු පැවසීය.
එම සැකකරුට වසර හයකට ඉහතදී අලුතර එතන මඩල ප්‍රදේශයේදී පාතාල නායක සමයං ඝාතනයේ සැකකරුවකු ලෙස පොලිස් අත්අඩංගුවට පත්වුවෙකු බව පොලිසිය කියයි.
ඉකුත් 8 වෙනිදින එලෙස මිය ගොස් තිබුනේ ඇඹිලිපිටිය කුඹුගොඩ ආර හයේ කණුව අසල හික්කඩුව ගෙදර පදිංචිව සිටි අගලවත්ත බඩල්ගේ ජගත් ඉන්දික කුමාර නැමති 43 හැවිරිදි පුද්ගලයෙකි
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොට්ටාවේ ඝාතනයට අයෙක් අල්ලයි