IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


කැකිරාවට සජබෙන් කාන්තාවන් පත් කරනවට තහනමක්

(මනෝප්‍රිය ගුණසේකර)

කැකිරාව ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේග ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා කාන්තාවන් පත්කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් අද (02) නිකුත් කළේය.

සමගි ජන බලවේගය පක්‍ෂයේ සාමාජිකයන් දෙදෙනකු ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා බල පැවැත්වෙන අන්දමට අදාළ අතුරු නියෝගය නිකුත් කළ අභියාචනාධිකරණය පත්වීම සම්බන්ධයෙන් කැකිරාව තේරීම් භාර නිලධාරියා නිකුත් කළ ලිපි ක්‍රියාත්මක කිරිම වළකාලමින්ද අතුරු නියෝගයක් නිකුත් කෙරිණි.

අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

සමගි ජනබලවේගයේ සාමාජිකයන් වන චන්දිම ගමගේ සහ අයි.එම්.පි.කේ. ඉලංගසිංහ යන මහත්වරුන් ගොනු කර ඇති පෙතසමේ වගඋත්තරකරුවන් වශයෙන් කැකිරාව ප්‍රාදේශි සභාව, තේරීම් බාර නිලධාරීවරයා ඇතුළු පිරිසන් නම් කර ඇත.

නොබෝදා පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල අනුව සමග ජනබලවේගය පක්‍ෂයට එක් මන්ත්‍රී ධූරයක් සහ ලැයිස්තු මන්ත්‍රීධුර තුනක් හිමිවු බවත් මැයි 20 දාතමින් යුතු ලිපිය මගින් කැකිරාව තේරීම් භාර නිලධාරිවරයා මෙම ලැයිස්තු මන්ත්‍රීධුරයන් සඳහා කාන්තාවන් තිදෙනකු නම් කිරීමට තීරණය කර ඇතැයි දැනුම් දී ඇත.

එම තීරණය පළාත් පාලන මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බවත් නීතියට පටහැනි බවත් ස්වභාවික යුක්ත මූලධර්මයට පටහැනි බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ එබැවින් තේරීම් භාර නිලධාරිවරයාගේ අදාල තීරණය බලරහිත කරන රිට් ආඥාවන් නිකුත් කරන්නැයිද අදාල තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.

පෙතසම්කරුවන් වෙනුවෙන් නීතිඥ සඳමල් රාජපක්ෂ මහතා පෙනී සිටියේය.



අදහස් (1)

කැකිරාවට සජබෙන් කාන්තාවන් පත් කරනවට තහනමක්

රුවන් Tuesday, 03 June 2025 11:55 AM

කැකිරාවේ සජබේ සභාපති මව් කුසින් නොව පිය කුසින් උපන් විකෘතියෙක් වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site