
(අංජුල මහික වීරරත්න)
රජයකින් - රජයකට පදනම යටතේ අවශ්‍ය අවස්ථාවන් වලදී ඖෂධ හා වෛද්‍ය උපාංග මිල දී ගැනීමේ ක්‍රමවේදය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රජයකින් - රජයකට පදනම යටතේ හිඟ ඖෂධ ලබා ගැනීම පිණිස විභව හැකියාවක් සහිත රටවල් තෝරා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පත් කිරීමට 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් ක්‍රමවේදය ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව වෙත යොමු කර, එම කොමිෂන් සභාවේ යෝජනා සහ නිරීක්ෂණ මත පදනම්ව රජයකින් - රජයකට යන පදනම යටතේ ඖෂධ හා වෛද්‍ය උපාංග මිල දී ගැනීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කර ඇත.
එම ක්‍රමවේදය අනුව අත්‍යවශ්‍ය අවස්ථා වලදී ඖෂධ හා වෛද්‍ය උපාංග මිල දී ගැනීම සඳහා විභවයක් සහිත රටවල් සමඟ අවබෝධතා ගිවිසුම වලට එළඹීමටත්, එම රජයන් විසින් නම් කරනු ලබන ආයතන හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නියමිත පරිදි ගිවිසුම්ගත වී සාමාන්‍ය සැපයුම්දාම ඔස්සේ සපයා ගැනීමට අපහසු ඖෂධ හා වෛද්‍ය උපාංග සපයා ගැනීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
500
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2241
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඖෂධ හිඟය දුරලන්න අවබෝධතා ගිවිසුමක්