IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඖෂධ- ආහාර හොඳ නරක බලන්න පරීක්ෂණාගාරයක්

 

(අංජුල මහික වීරරත්න)

ඖෂධ, ආයුර්වේද, ආහාර සහ රූපලාවන්‍ය නිෂ්පාදන ආදී සියලු ක්ෂේත්‍රයන්ට අදාලව ප්‍රමිතිය පරීක්ෂා කළ හැකි  අතිනවීන පහසුකම් සහිත පරීක්ෂණාගාරයක් ඉදිකිරීම සඳහා වන සාකච්ඡා සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ලෝක ඖෂධවේදීන්ගේ දිනය  නිමිත්තෙන් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සංවිධානය කළ “ලෝක ඖෂධවේදීන්ගේ දිනය - 2025” සමරු උත්සවයයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

මෙම සැමරුම් උත්සවය  කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි.

ජගත් ඖෂධවේදී සම්මේලනයත්, ලෝක සෞඛ්‍ය සංවිධානයත්, එක්ව සැප්තැම්බර් මස 25 දිනය ලෝක ඖෂධවේදී දිනය ලෙස නම් කර ඇති අතර, ලොව පුරා රටවල් 158 ක මිලියන 04 කට ආසන්න සාමාජික සංඛ්‍යාවකගෙන් සමන්විත ජගත් ඖෂධවේදීන්ගේ සංගමය ඖෂධවේදීන්, ඖෂධ තාක්ෂණවේදීන්, ඖෂධ විද්‍යාඥයින් සහ ඖෂධවේදී ආචාර්යවරුන්ගෙන් යුක්ත වේ.

ලෝක ඖෂධවේදීන්ගේ දින තේමා පාඨය වන “සෞඛ්‍යය ගැන සිතන්න, ඖෂධවේදියා ගැන සිතන්න”  (Think Health, Think Pharmacist)  යන්න කර ගනිමින් මෙවර ලෝක ඖෂධවේදී දිනය සැමරීමට මෙරට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පියවර ගෙන තිබුණි.

 

 

 



අදහස් (3)

ඖෂධ- ආහාර හොඳ නරක බලන්න පරීක්ෂණාගාරයක්

ගුණරත්න Friday, 26 September 2025 01:38 PM

මොනවා කියවනවද? මේ සමාන්තරගත විශ්වයක ලංකාවක්ද ? අපේ ලංකාවේ දැනටත් එවැනි රසායනාගාර තිබෙන්නේ?

:       5       2

අරවින්ද මොණරවිල Friday, 26 September 2025 01:58 PM

කොහෙද ගුණේ අයියා, ඔයාගේ ගෙදර කුස්සියේ ද ?

:       3       5

ගුණරත්නFriday, 26 September 2025 02:27 PM

මොණරවිල මහත්තයා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, බොරැල්ල රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය. කියන රසායනාගාර ගැන අහලා නැද්ද? මීට අමතරව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රසායනාගාරත් තිබෙනවා. විශ්වවිද්‍යාල මගිනුත් පර්යේෂණ කරනවා. ඉතින් තව වියදම් දරා අලුතෙන් පර්යේෂණාගාර හදනවද? තියෙන ඒවාට පහසුකම් දෙනවද?

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site