IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


ඕඅයිසීලා දාහක් ගමේම පොලිසියේ බින්න බැහැලා

(සුජිත් හේවාජුලිගේ )

දිවයින පුරා පොලිසිවල ස්ථානාධිපතිවරුන් සහ අංශභාර ස්ථානාධිපතිවරුන් 5308 දෙනාගෙන් 1106 දෙනකුම රාජකාරී කරන්නේ තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින පොලිස් බල ප්‍රදේශයේම බව මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට බාරදී ඇති අධ්‍යයන වාර්තාවක සඳහන් වේ.

තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින ප්‍රදේශයේම රාජකාරී කරන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් සංඛ්‍යාව 44ක් බවද එම වාර්තාවේ දැක්වේ.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 7.2කි.

තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින ප්‍රදේශයේම රාජකාරී කරන ස්ථානාධිපති හෝ අංශභාර ස්ථානාධිපති තනතුරු දරන වැඩි පිරිසක් සිටින්නේ මන්නාරම පොලිස් කොට්ඨාශයයේය. එසේම තම යාබද වසම තුළ ස්ථිරව පදිංචිව සිටිමින් රාජකාරී කරන පොලිස් ස්ථානාධිපති අංශභාර ස්ථානාධිපතිවරුන් වැඩි පිරිසක් මන්නාරම සහ මාතර පොලිස් කොට්ටාස වල සිටින බව එම වාර්තාව සඳහන් කරයි.

තමා ස්ථිර ලෙස පදිංචිව සිටින ප්‍රදේශයන්හි සහ යාබද පොලිස් වසමේ පදිංචිව සිටින ස්ථානාධිපතිවරුන් සහ අංශ භාර ස්ථානාධිපතිවරුන් සේවය කරන කුට්ඨාශ තුළ අපරාධ ඉහළ ගොස් ඇති බව තොරතුරු අනාවරණයවී ඇතැයි පෙන්වා දෙන වාර්තාව අනුරාධපුර කොට්ඨාශය ඊට කදිම නිදසුනක් බවද සඳහන් කරයි.

පසුගිය ආසන්න වසර තුනක දිවයිනේ වැඩිම අපරාධ වාර්තා වූ පොලිස් කොට්ඨාශය ලෙස හඳුනාගෙන ඇත්තේද අනුරාධපුරයි.

පොලිස් ස්ථානාධිපතිවරුන් සහ අංශභාර ස්ථානාධිපතිවරුන් තමන් පදිංචි පොලිස් වසමේම රාජකාරී කිරීමෙන් පක්ෂග්‍රාහීව ක්‍රියාකිරීම කාර්ය සාධනය අව ප්‍රමාණය වීම, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමට පසුබට වීමඥාති සංග්‍රහය සඳහා පෙළඹවීම වැනි ගැටලු රැසක් මතුවී තිබෙන බව එම අධ්‍යයනයේදී පෙනී ගොස් ඇත.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම අධ්‍යයනය කර කරනු ලැබ ඇත්තේ උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.

 



අදහස් (5)

ඕඅයිසීලා දාහක් ගමේම පොලිසියේ බින්න බැහැලා

Ghnanarathna Ganegama Wednesday, 01 May 2024 07:44 AM

සාධාරණ සේවයක් කරන කිසිම රජයේ නිළධාරියෙකුට මෙන්ම සේවකයෙකුට තමන්ගෙ ගම් ප්‍රදේශයේ සේවය කරන්න අමාරුයි එහෙම කරනවා නම් එය වහාම නැවැත්වීමට කටයුතු කිරීම රජයේ වගකීමක් වෙනවා රාජ්‍ය සේවය අකාර්යක්ෂම වීමට එම තත්වය ප්‍රබලම හේතුවක් වෙනවා එයට දේශපාලනය ගෑවුනොත් ඉතින් ඉවරෙටම ඉවරයි උදාහරණයක් හැටියට මුලින්ම කලාප අධ්‍යාපන කාර්‍යාල පෙන්වා දෙන්න පුළුවන් ඒවායේ සිටින සේවකයින් පිහිටුවා ගෙන තියෙන සංගම් ප්‍රතිලාභ සදහා ස්ථාන මාරුවක් නොගෙන විශ්‍රාම යනතුරු එකම තැන පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පල්වෙමින් ඉන්නවා සියලු රාජ්‍ය සේවකයින් සදහා (පොලෝසිය ඇතුලුව ) වාර්ෂික ස්ථාන මාරුකිරීම අනිවාර්ය කරන්න ඕන මෙහිදී එකම තැනක අවුරුදු දහයක් පහලවක් සිට මාරුවක් ලබාගෙන ගොස් මාස කීපයක් ඇතුලත නැවත පැමිණෙන අය ඉන්නවා ඒවාටත් ඉඩක් නොදිය යුතුය

:       0       14

kumara Wednesday, 01 May 2024 09:15 AM

පොලිස් නිලධාරීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්ම දුෂිත හා නීති විරෝධී වැඩවලට සම්බන්ධවී ඇති බව දිනපතා පුවත් මගින් පෙනෙන කරුණකි. වැරදි කරන නිලධාරීන්ට තරාතිරම නොබලා ක්ෂණික දඩුවම් දෙන ක්‍රමවේදයක් ඇතිකෙරෙන තෙක් පොලිසිය පිරිසිදු කල නැහැකිය . රටපුර ඇති පොලිස් ස්ථාන හදිසි පරික්ෂාවන්ට ලක්කලොත් පෙනේවි තරම්. ස්ථානාධිපති වරුන්ගෙන් සමහරු සවස් කාලයේදී බීමතින් රාජකාරි කරනවා . පොලිසියේ වාහන තම තමන්ගේ පුද්ගලික භාවිතයට ගන්නවා . විවිධ ආකාරයේ පගා ගන්නවා . ඇයි මේ? නිසි දඬුවම් ක්‍රමයක් නැති නිසා . මාස 6 කට හෝ වසරකට වරක් කොට්ඨාශ භාර නිලධාරීන් විසින් පවත්වන පරක්ෂණ යනු විහිළුවක්. අලුත් පොලිස්පති තුමා පොලිසිස්යත් පිරිසිදු කර අභිමානවත් පොලිස් සේවයක් ඇතිකරාවී යයි සිතනවා.

:       0       13

P.K.Bandara Wednesday, 01 May 2024 10:52 AM

සමහරක් පොලිස් කාරයො ස්ථාන මාරුවක් ලැබිලා ගියත් හිටපු නිළ නිවසින් ඉවත්වෙන්න නැහැ එම ප්‍රදේශයේ ඔහුට බලතල නැතත් සමහරක් හිතවතුන්ට අවශ්‍ය වෙලාවට බලපෑම් කරන්න නිළනිවාසෙ සිටිමින් කටයුතු කරනාවා එහෙම අයගෙන් සාමාන්‍ය ජනතාව බලවත් පීඩාවට පත්වෙනවා මාරුවක් ලැබිලා ගියාම පදිංචිව සිටි නිවසත් බාර දීම අනිවාර්ය කරන්න ඕන

:       0       2

sam Wednesday, 01 May 2024 12:34 PM

මේ කියන ස්ථානාධිපතිලා රාජකාරිය නිසියාකාරව සිදු කරන්නේ නැහැයි කියලා හිතනවා, එහෙම නැතිනම් චෝදනා කරනවා මිසක්, ඒ කිසිවෙකු වැරද්දක් කළා කියලා ඔප්පු වෙලා නැහැ. ඒ උනාට, මේවා කියන පොලිස්පති, මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ලංකාවේ තියන ඉහලම උසාවිය වන, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කරලා දඬුවම් ලබා දීලා, විනය ක්‍රියාමාර්ග ගන්න කියලා පොලිස් කොමිසමට නියෝගයක් දීලා තියනවා. මේ වගේ වැරදි කරලා දඬුවම් ලබාපු පොලිස්පති කෙනෙක් ඉතිහාසයේ කවදාවත් ඉඳලා නැහැ. එයා ලංකාවේ පොලිසිය හදයි කියලා හිතන එක, ගෝඨා රට හදයි කියලා හිතුවා වගේ තමයි.

:       1       3

Frencis Wednesday, 01 May 2024 06:46 PM

වර්තමානයේ පොලිස්පතිවරයා මෙහෙයවන ව්‍යාපෘතිය සාර්ථක වෙන්න අවශ්‍ය නම් පළමුවෙන්ම ඔය පොලිස් නිලධාරින් පදිංචි ප්‍රදේශවලින් වහාම ක්‍රියාත්මක වනසේ ස්ථාන මාරුකිරීම කරන්න ඕනෑ එහෙම නැත්නම් නැටූ තොවිලෙකුත් නැතුව බෙරේ පළුවකුත් නැතුව යාවි..!

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

බන්ධනාගාර වර්ජනය අවසන්
2024 මැයි මස 21 20 0

බන්ධනාගාර නිලධාරීන් වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමින් දින දෙකක් ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (21) පස්වරුවේ අවසන් කළ බව


මතීෂ පතිරණ ලක්‍ෂ 360කට අළෙවි වෙයි
2024 මැයි මස 21 255 0

කොළඹදී දැන් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇම


ඉරානය හඬවා ජනපති ඊබ්‍රාහිම් නික්ම යයි
2024 මැයි මස 21 1253 0

අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්‍රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ වූවේය.අවමංගල්‍ය උත්සවය අ


වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ
2024 මැයි මස 21 308 0

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, එම වෙඩි තැබීමට සම්බන


ජනපතිවරණය ගැන රනිල්ගෙන් නිල ප්‍රකාශයක්
2024 මැයි මස 21 2717 3

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැ


ඉරාන ජනපති වියෝව ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කරයි
2024 මැයි මස 21 893 1

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 849 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2394 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2054 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site