
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා අතර සිටි පුද්ගලයෙකුගේ නිවසේ සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන පතරොම් ගැබක් සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
පෙරේදා (19) දින මෙම සැකකරුවන් සමග සැකකරුවන් සමඟ ටි 56 ගිනි අවි 2 ක් , ටි56 ජිව උණ්ඩ 118 ක් ,.මැගසින් 3ක් ,වෑන් රථයක් සහ මෝටර් රථයක් ත්‍රී රෝද රථයක් මෙන්ම ජංගම දුරකථන හතරක් පොලිස් භාරයට ගෙන තිබිණි.
එම සැකකරුවන් අතර සිටි 24 හැවිරිදි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්නන කිරීමේදී අස්ගිරිය නිවසේ සඟවා තිබු මෙම ගිනි අවිය සහ හිස් පතරොම් ගැබ පොලිස් භාරයට ගෙන ඇත.
එම සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල් බද්දර පද්මේ නමැත්තාගේ ගෝල බාලයන් බව පොලිසිය කියයි. සැකකරුවන් අතර යුද හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයන් සිව් දෙනෙකුද සිටින බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වපුරපු බීජවල අස්වැන්න කියලා තේරෙනවා නොවේද?