
(විමුක්ති එස් රුද්‍රිගු)
දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැති "2025 ගෘහස්ථ ඔරු පැදීමේ ජාතික ශූරතාවලියේදී" විශාඛා විද්‍යාලයීය ඔරු පැදීමේ කණ්ඩායම, විශිෂ්ට දස්කම් දැක් වූහ.
මෙම තරඟාවලියේදී ආසියානු ජාත්‍යන්තර පාසල සහ ශ්‍රී ලංකා යුද හමුදාව සමග එක්ව පිළිවෙලින් කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන අංශ දෙකෙහිම සමස්ථ ශූරයන් බවට විශාඛා විද්‍යාලය සමත්විය.
කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කාණ්ඩ යටතේ විශාඛා විද්‍යාලය රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් තරගාවලිය විශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd