
(අංජුල මහික වීරරත්න)
ආර්ථිකය නැංවීමට දායකවන ජනතාවට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අත්පත් කරදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය වන බව නව වසරේ රාජකාරී ආරම්භ කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවකයින් නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ නිල උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද සිදු කෙරිනි.
මෙවර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවකයන් රාජකාරී ආරම්භ කිරීමේ දී ලබාදුන් ප්‍රතිඥාව නව රජය විසින් අරඹනු ලැබූ ‘Clean Sri Lanka’ වැඩපිළිවෙල සමග බද්ධ වූ ප්‍රතිඥාවක් ලෙස ජාතික උත්සවයට සමගාමීව ලබාදීමට කටයුතු කිරිම ද විශේෂත්වයක් විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ආයතන 41 කින් යුත් විශාල අමාත්‍යාංශයක් බවත්, ඉදිරියේ දී නෙවිල් ප්‍රනාන්දු රෝහල ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට ගැසට් වනු ඇති අතර ඒ අනුව මීට පෙර පැවැති සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ජනමාධ්‍ය සහ තැපැල් හා විදුලි සංදේශ ආදි ලෙස අමාත්‍යාංශ රැසක් යටතේ වු දැවන්ත කාර්යභාරයක් වර්තමාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ගැනෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ හා සමානව වගකීම් ද ඉතා ඉහල අගයකින් යුත් බවද අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
සෞඛ්‍ය සේවයෙන් ජනතාවට මොකක් වුණත් කමක් නෑ. අපි සෞඛ්‍ය සේවයෙන් මඩිය තරකරගන්න ඕනෑ.
සෞඛ්‍ය සේවය හොඳට දෙන්න කලින් දොස්තරල ඇතුලු සෞඛ්‍ය සේවකයො ඇඟිලි සළකුනුවත් නොමැතිව ලක්ෂ ගනන් හොරට අතිකාල ගන්න එක නවත්තන්න. දුප්පත් මිනිස්සුන්ගෙ බදු සල්ලි. සමහර රෝහල් වල සමහර දොස්තරල වැඩ කරන්නෙ මාසෙටම දවස් 10. ඉතුරු දවස් ඔක්කොම පුද්ගලික සේවයේ. මාසෙ අන්තිමට ඩයරිය බැලුවම දවස් 30 ම වැඩ කරල.විකිරණ ශිල්පීන් රසායනාගර අය වැඩිපුර ඉන්නෙ රෝහල ඉස්සරහ දගෙන ඉන්න තමන්ගෙ පුද්ගලික කඩෙ. ලංකාදීප පුවත්පතේම තිබ්බ ලිපියකට අනූව 2023 අවුරුද්දෙ සෞඛ්‍ය අතිකාල විතරක් රු. මිලියන 38,000. ඕකෙන් 50% හොර අතිකාල. එ කියන්නෙ ලංකාවට අවශ්‍ය වෙනත් විශාල ව්‍යාපෘතියක වියදමට සමානයි. රටවල් ගොඩ යයිද ඉතින්. ලෝකෙ මොන රටේද මෙහෙම විහිලු තියෙන්නෙ.