
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි දැරියකගේ සිරුර තම නිවසේ ළිඳේ තිබි සොයා ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසයි.
එම දැරිය කරුවලගස්වැව ඩි.එස්.සේනානායක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවියකි
දැරියගේ මව කුලි වැඩ කරමින් උපයා ගත් මුදලින් ඇගේ අධ්‍යාපන කටයුතු සඳහා ජංගම දුරකථනයක් ලබා දී ඇති බව පොලිසිය පවසයි.
මේ වන විට සිදුකල පරික්ෂණ වලින් සනාථ වි ඇත්තේ සියදිවි නසා ගත් දැරිය එම දුරකථනයෙන් කරුවලගස්වැව 17 හැවිරිදි තරුණයකු සමග රහසේ සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි.
අදාල තරුණයා සමග මෙම දැරිය 28 දින රාත්‍රියේ හා 29 දින අලුයම කෙටි පණිවිඩ හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පසු කිසියම් කරුණක් සම්බන්ධව සිත් තැවුලට පත්ව සිටි ඇති බවට පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇති බව පොලිසිය කියයි.

COMMENTS
ඔන්ලයින් බිල්ලක් කියලා කියන්නේ මොන මගුලක්ද? අපිත් මේ තාක්ෂණයෙන් සියලුම දේවල් කරගන්නවා. දෙමව්පියන්ගේ අධීක්ෂණයක් තිබ්බා අපේ කාලේ නම්. එතකොට අපි හැමෝටම පේන තැනක තමයි ඔය උපකරණ පාවිච්චි කළේ... අපේ පන්තියෙ හිටිය දක්ෂම ළමයින්ටත් ඒ කාලෙත් පරීක්ෂණ තිබුණා. එහෙමයි කියලා ඒ ළමයි කවදාවත් මේ වගේ දේවල් කළේ නැහැ. හරියට නිකන් තාක්ෂණේ වැරැද්දක් වගේ දානවා. මේ කොරොනා කාලේ අපි වැඩ කරන්නෙත් (තාමත්) ඔන්ලයින්. මේ කියන විදියට අපේ ආයතනවල ඉන්න ළමයි, ක්ලාස් වල ඉන්න ළමයි ඔක්කොම මේ වගේ වෙන්න එපැයි.
අපරාදේ තරුණ ජීවිතයක්.. ඔන්ලයින් එකේ ඇති වරදක් නෑ. භාවිතා කරන පුද්ගලයාගේ බුද්ධි මට්ටම අනුව තමයි සෑම දෙයක්ම සිදුවෙන්නේ. මේ වගේ මෝඩවැඩ හින්දා අහිංසක දෙමව්පියෝ දුක් විඳිනවා.
දෙමව්පියන් ළමයින් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ
"ඔන්ලයින්" නොව, "පාසැල් වයසේ පෙමක තවත් බිල්ලක්" ලෙස පුවත වෙනස් විය යුතුය. වැරදි අදහසක් ජනගත කරන කිරීම බොහෝ දෙනෙකුට හානි විය හැක
දෙමව්පියන්, දරුවන් ගැන සොයන්නේ කොහොමද? දරුවන්ගේ කුස පුරවගන්න විදිහක් නැතිව කණකර උගස් තියන් මහපොළව එක්ක ඔට්ටු වෙනවා.. දැන් ළමයි කරන දේවල් කවුරුත් දන්නේ නැහැ... කටේ කිරි සුවඳ තියෙද්දීම මගුල් නටන්න පටන් ගන්නවා... මෙලෝ දැනුමක් අවබෝධයක් නෑ... අනාගතයේ මොනවගේ රැළකටද බාරදෙන්න වෙන්නේ..