(රෝෂන් තුෂාර)
කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකර ජංගම දුරකථනය ඔස්සේ මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන නොගෙවා පැහැර හැරි පුද්ගලයන් සියයකට අධික පිරිසකට එරෙහිව ඔන්ලයින් සමාගම් මගින් කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීය.
කොළඹ 07,OnCredit online සමාගම විසින් කොළඹ ,ගම්පහ,කළුතර, හම්බන්තොට, ගාල්ල, මාතර,බෙලිඅත්ත,අවිස්සාවේල්ල, කෑගල්ල ,මාවනැල්ල පොළොන්නරුව ,හඟුරන්කෙත, මන්නාරම, පුත්තලම, ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සියයකට අධික පිරිසකට එරෙහිව මෙම නඩු පවරා ඇත.
විත්තිකරුවන්ට සැප්තැම්බර් 13 හා නොවැම්බර් 11 දිනවල අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ මහතා නොතීසි නිකුත් කරමින් දන්වා සිටියේය.
කිසිදු සුරැකුමක් ඉදිරිපත් නොකර ජංගම දුරකථන ඇප් එකක් සහ වෙබ් අඩවිය මගින් ණය මුදල් ලබා ගෙන හිතා මතා ගෙවීම් පැහැර හැරි පදිංචි පුද්ගලයන්ට එරෙහි නඩු කැඳවූ අවස්ථාවේදී මෙම නොතිසි නිකුත් කළේය.
මාර්ගත ක්‍රමය ඔස්සේ රුපියල් ලක්ෂ 02 වඩා අඩු ණය ලබාගෙන නියමිත පරිදි නොගෙවීම සම්බන්ධයෙන් 2022 අංක 33 දරණ සුළු හිමිකම් කාර්ය පටිපාටිය ප්‍රකාරව මෙම නඩු පවරා ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඔන්ලයින් ණය ගෙන පොලු තියලා
Ruwan De Silva Thursday, 18 July 2024 06:49 AM
මහා බැංකුවේ ලියාපදිංචි නැති නම් ණය අය කරගන්න බෑ නේද? සමාගමට එරෙහිවත් නඩු දාන්න පුළුවන් නේද?
sam Thursday, 18 July 2024 07:27 AM
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් කෝටි ගණන් ණය අරගෙන හොරකම් කරලා බදු වංචා කරලා ඉන්නේ ඉස්සෙල්ලා උන්ව අල්ල ගන්නවා
රට වැසියා Thursday, 18 July 2024 10:02 AM
මේ ඔන්ලයින් ක්‍රමයම මුල්‍ය වංචාවක් කූට ව්‍යාපාරයක්, ආණ්ඩුවේ කවුරු හරි බලවතෙක් අල්ලගෙන ඹ්නැම අපරාධයක් කරන්න පුලුවන්, මේ ආයතනත් ඒ වගේ වෙන්න පුලුවන්. හැකි නම් මේ ආයතන වලටත් විරුද්ධව නිති ක්‍රියාත්මක කරන්න.
අනාතයා Friday, 19 July 2024 07:26 AM
මේක අපේ ප්ලැන් එකක් ඔය සමාගම් උසාවියට ගේන්න තමා අපි අරමුණු කරලා තියෙන්නේ. උසාවියේදි බලාගමු