(රංජිත් රාජපක්ෂ)
පාසල් සිසුවියක රවටා ගෙන රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රදවා සිටි තරුණයකු අත්අඩංගුවට ගත් බව ලිදුල පොලිසිය කියයි.
මුහුණු පොත ඔස්සේ හදුනා ගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන පසුව එම තරුණයා එම පාසල් සිසුවියට (15) දින නානුඔය දුම්රිය ස්ථානයට මුණ ගැසීමට පැමිණෙන ලෙස දැනුම් දීමෙන් පසු සිසුවිය නිවසට නොදන්වා නානුඔය දුම්රිය ස්ථානයට ගිය අවස්ථාවේ සැකකරු පාසල් සිසුවිය දුම්රියෙන්ම හපුතලේ දක්වා රැගෙන ගොස් ඇති බව ලිදුල පොලිසිය කියයි.
පාසල් සිසුවියගේ මව ගෘහ සේවයට විදේශගත වී ඇති බවත්, තමා භාරගේ සිටි දියණිය නිවසේ නොමැති බවට පියා විසින් ලිදුල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ ලිදුල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පාලිත නන්දසිරි මහතා වහා ත්‍රියාත්මක වී පාසල් සිසුවියගේ දුරකථන අංකය ඔස්සේ විශ්ලේෂණය කර නුවරඑලිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතාගේ උපදෙස් පරිදි හපුතලේ ප්‍රදේශයට ගොස් සැකකරු පාසල් සිසුවිය සමග අත්අඩංගුවට ගෙන ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඔන්ලයින් ප්‍රේමය උඩු දුවලා
MDO Saturday, 19 July 2025 08:31 AM
දෙමාපියන් ගැනත් කනගාටුයි. ඔවුන් දරුවන් උස් මහත් කරන්න අධ්‍යාපනය හොඳට දෙන්න දරුවන්ගේ ආශාවන් මුදුන් පත්කරන්න කොච්චර මහන්සියෙන් හම්බකරනවද? ශ්‍රමය ධනය ඔවුන්ගෙන් තරුණ වැඩිහිටි කාලය කොච්චර වැය කරනවාද? විදේශ ගත මාපියන් සියල්ලක්ම වාගේ මේ දේවල්වලට අඩුවැඩි වශයෙන් මහන්සියෙන් කැපවීමෙන් කටයුතු කරනවා නේද දරුවනේ? ඵහෙම අම්මා තාත්තා වැඩිහිටියන් හිතවතුන්ව මිතුරු මිතුරියන්ව රිද්දන රවටන බොරු කියන දරුවන්ට තිරිසන් අමානුෂික හදවතක් තියෙන දරුවෙක් කියලා කියන්න පුළුවන් නේද? ඵහෙම නැත්නම් ඇය හෝ ඔහු වසලයෙකි.
hussain ubaid Saturday, 19 July 2025 09:54 AM
ශ්‍රී ලංකා පොලීසිය අංක 01 ...!