
(රෝෂන් තුෂාර)
රුපියල් කෝටි ගණනින් ජනතා මුදල් වංචා කළ "ඔන්මැක්ස් ඩි ටි" නීති විරෝධී පිරමීඩ මූල්‍ය සමාගමේ මහමොලකරුවකු ලෙස කටයුතු කර "ඔන්මැක්ස්" පරිගණක පද්ධතිය නිර්මාණය කළේ යැයි කියන පන්නිපිටියේ ගයාන් චාමර වික්‍රමතිලක සැකකරු මාර්තු හත දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (21) නියෝග කළාය.
ඩුබායි රජයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ආ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රිමාන්ඩ් ගත කෙරිණි.
ඔන්මැක්ස් නඩුවේ 06වෙනි සැකකරු ලෙස අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ඇප ලැබීමෙන් පසුව ඩුබායි රාජ්‍යයට පැන ගොස් සිටි අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය මගින් රතු වරෙන්තුද නිකුත් කොට තිබිණ.
එම රතු වරෙන්තුව ප්‍රකාරව එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු රහස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් රැගෙන විත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සැකකරු ඇප ලැබූ පසු දිනම රටින් පළා ගොස් සිටි අතර ඔහු සන්තකයේ ඔන් මැක්ස් පරිගණ පද්ධතියේ රහස් අංක ගණනාවක් තිබී ඇති අතර එම රහස් අංක මගින් විදේශයට පලා ගිය පසුව මුදල් බැහැර කිරීම සිදු කර ඇති බවද රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’’ඔන්මැක්ස්’’ මහ මොළකරු රිමාන්ඩ්