
(රංජිත් රාජපක්ෂ)
නානුඔය සිට ඇල්ල ඕඩිසි ඇල්ල නමින් නව දුම්රිය ගමන් වාරයක් නානුඔය සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර අද (10) දින දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රියෙන් ආරම්භ කෙරිණ.
මෙම දුම්රිය අගහරුවාදා දින හැර සතියේ සෑම දිනකම එස් 14 මැදිරි කට්ටලයක් සමග ධාවනයට එක් කරන අතර, (10) දින උදැසන 8.15 ට පළමු දුම්රිය ගමන් වාරය ආරම්භ කරනු ලැබුහ.
මෙම දුම්රිය යළිත් පස්වරු 1 ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනයට එක් කරනු ලබයි.
මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන් කල ආසනයක් රු 7000 ක්, දෙවන පන්තියේ ආසනයක් රු 6000 ක්, තෙවන පන්තියේ ආසන රු 5000 ක් වැනි මිලකට අලෙවි කරන අතර, දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දුම්රිය සදහා විශාල ඉල්ලුමක් පවතින බව දුම්රිය සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේය .
එම දුම්රිය ධාවනය කරන මාර්ගයේ පිහිටා ඇති දිය ඇළ ආශ්‍රිත මන්දගාමිව දුම්රිය ධාවනය කිරිමටත්, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ විනාඩි 6 ක් සහ ආරුක්කු නවය පාලමේ විනාඩි 10 ක කාලයක් දුම්රිය නතර කිරිමට දුම්රිය පාලන අධිකාරිය පියවර ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳ ආරංචියක්. එසේම, මැදිරිය කරුණාකර විශේෂයෙන් ආසන සහ ඉදිරිපස ආසන බෑග් පිරිසිදු කිරීමට ඔබට නිතිපතා කාලසටහනක් තිබේද? ඒවා අපිරිසිදුයි. දැන් දුම්රිය දෙපාර්තමේන්තුව භාරව සිටින්නේ සිවිල් හැඟීමක් ඇති අයෙක් වගෙයි. පසුගිය ආණ්ඩු යටතේ පවා NPP බලයට පත්වන තෙක් පැවති කැතම තත්වය මෙය විය. වෙන කවරදාකටත් වඩා අපට සංචාරකයින් අවශ්‍යයි.
ඇයි මේක අඟහරුවාදා නොයන්නේ? මේ වගේ අමුතු දවස් සෙට් කරලා තියෙනවා අනෙක් ට්‍රේන් වලටත්. හෙන ලොකු ලොකු හේතු නම් ඇති ඕවට. ඒත් ඒවා මගීන්ට නම් මාර පැටලිලි සහගත දෙයක්. වෙලාවල් වලට අමතරව යන-නොයන දවසත් මතක තියාගෙන ඉන්න එක මාර වදයක්නෙ.
පසුගිය ආණ්ඩු කාලේ නම් ඇමැති, දත් වහලා ඉස්සරහට දාගෙන, තඩි බඩකුත් එක්ක... ෆොටෝ එකට විරිත්තගෙන ඉන්නවා බලන්න පුළුවන්...