
(සුජිත් හේවාජුලිගේ )
අපි දැන් එකතුවෙන්න ඕනෑ යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුවේ මර්දනයට එරෙහිව සියලු දෙනා එකතු විය යුතු කාලය එළැඹ ඇති බවද ඔහු කීවේය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බැලිය යුතු බවත් ඔහුට අවශ්‍ය ඖෂධ නොපමාව සැපයිය යුතු බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ බන්ධනාගාර රෝහලට ගොස් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසීමෙන් අනතුරුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තිය නීතීය සාධාරණය කාටත් පොදුයි. වැරදි කළ කාටත් නීතියෙන් දණ්ඩුවම් ලැබේවී. ශිෂ්ට සම්පන්න, නීතීගරුක රටවල මෙන් අධිකරණය ස්වාධීනව කටයුතු කිරීමත් වටිනවා. බලලෝභී බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන්ට නම් අවුල් ඇති.
රනිල් රිමාන්ඩ් හිරේ ගියේ වංචාවකට, ඒ කියන්නේ ඔයාලා ඔක්කෝම වංචා කාරයෝද? නීතියෙන් ගැලවෙන්න සෙට්වෙන්න ආරාධනා කරන්නේ...
ඡංදෙදි ජනතාව වෙනුවෙන් එක්වෙන්න බැරිවෙච්චි උං, දැං නීතියෙන් බේරෙන්න එක්වෙන්න ප්ලෑන් හදනවා....
බොරුවට බුරන්නේ නැතිව, දැන්වත් එකතුවෙලා දැන්වත් ලංකාවට වෙච්චි අපරාධ සොයන, රට පිරිසිදු කරන, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපාරයට සහයෝගය දෙන්න. අම්මා අප්පා කළත් වැරැද්ද වැරැද්දමයි.
අම්මගේ අප්පාගේ බූදලේ නෙවෙයිනේ... ඒකයි මෙහෙම කියන්නේ...
පුතානෝ ඔයත් ලැහැස්තිවෙන්න ජම්පර් එක අඳින්න. සංස්කෘතික අරමුදලෙන් ගත් සල්ලි වමාරන්න !!! අවුරුදු 10 ක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම්, සෑම සඳුදා දිනයකම දවල් 12 වෙන තෙක් කොළඹ නගරය අතුගෑම අනිවාර්යයි !!!
දැන් රට නියම ට්‍රැක් එකට වැටීගෙන එන්නේ. රටේ ජනතාවගේ සල්ලි හොරාකාපු, මිනීමරපු ,වංචනිකයින් " තරාතිරම නොබලා " නීතිය හමුවට ගෙනෙනවා. අධිකරණය යුක්තිය ඉෂ්ට කරනවා.
කවුරුත් එක්කද එකතු වෙන්න හදනනේ..? අපේ රට විනාශ කළ හැතිකරයත් එක්කද? හොඳ තීරණයක්... එවුන් ඔක්කොම එකතු කරගෙන මුහුදට පනින්න. හිරබත් කරන්න අකැමැති නම්.
අධිකරණය ස්වාධීන තැනක් කරන්න පනත ගෙනාවේ රනිල් ජනාධිපති. යූ ටියුබ් බිල්ලෙක් ඒක වෙනස් කළා.
ඔක්කොම කියන්නේ දූෂිත දේසපාලුවන්ට වෙන්නැති.. ජනාධිපති මන්දිරයේ තිබූ වටිනා සිතුවම් පවා හොරාකාපු අය. තමුන්ගේ අයගේ කෙරුවාවල් අපි හොන්දාකාරවම දන්නවා .
ඔක්කොම එකතු වෙන්න කාලය හරි වැලිකඩට...
අනේ හොඳයි. ඔක්කොම එකට ඉන්නකොට අල්ලන්නත් ලේසියි..
ඔව් ඔව්, එක පොඩියට, එක බස් එකේ ඔක්කොමලාටම එකටම හිරේ යන්න පුළුවන්...
එකතුවෙන්න කලින්හොඳට එකතුවෙලා තිබුණු පක්ෂයක් කඩා දාලා කිසි දවසක ඡන්දයක් දිනන්න බැරිවෙන තැනට පත්කළේ නායකකමට තියෙන කෑදරකම හන්ද නෙවේද කියලා කියන්න පුළුවන්ද ?
Thif, junkie, kupadi, එකතු වෙන්න කියලා කතා කරනවා,,,බැංකු බංකොලොත් වෙලා ආයෙත් රට විනාශ කරන්න සැලසුම් කරනවා,,,
ඔය එකතුවෙන්නේ හොරු රැල විතරයි. කතිරේ ගහන අපි ඔතැනට නෑ.