IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්

(අමිල චින්තක ගමගේ)

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැවැසීය.

හෙතෙම එසේ සඳහන් කළේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) වාර්ෂිකව සංවිධාන කරන වසරේ විශිෂ්ටතම ඉංජිනේරුවරයාට පිරිනැමෙන ඉංජිනේරු (ආචාර්ය) ඒ.සී. විශ්වලිංගම් සම්මානයේ නිල එළිදැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙහි විමලසුරේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ඒ.සී. විශ්වලිංගම් මහතා මෙසේ ද කීය.

“මෙම සම්මානය ප්‍රදානය කිරීමට අවස්ථාව සලසා දීම ගැන ඉංජිනේරු ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මෙරට වෘත්තීය ඉංජිනේරුවරුන් සඳහා වන ප්‍රමුඛතම ආයතනයක්. තම සාමාජිකයන් වෙනුවෙන් අවංකභාවයෙන් යුතුව රාජකාරි කරන ආයතනයක්. අපේ අරමුණ යාවත්කාලීන ඉංජිනේරුවන් හඳුනා ගැනීමට උත්සාහ දැරීමක්.

මෙම සම්මානයෙන් ආදර්ශමත් කැපවීමක් ඇති ආචාරධර්ම භාවිතයෙන් පිළිපදින විශිෂ්ට ඉංජිනේරුවරයකු ඇගයීමට ලක් කරනවා. ඉංජිනේරුවරයකුත් රාජකාරි කළ යුත්තේ සම්මාන හෝ ත්‍යාග දිනා ගැනීමට නොවෙයි.”

මෙහිදී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපති, ඉංජිනේරු ප්‍රියල් දි සිල්වා මහතා සඳහන් කළේ, වසරේ විශිෂ්ටතම ඉංජිනේරුවරයා වෙනුවෙන් ප්‍රදානය කරන ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් සම්මානය සඳහා සුදුසුකම් ලබන්නේ සාමාන්‍ය ඉංජිනේරුවරයකු නොව තමන්ගේ දැනුම කුසලතා සහ හැකියාවන් ඉහළම ස්ථානයට ළඟා වූ ආදර්ශමත් ඉංජිනේරුවරයකු බවයි.

ඉංජිනේරු ආයතනයේ සභාපති, ඉංජිනේරු, මහාචාර්ය රන්ජිත් දිසානායක මහතා ද අදහස් දැක්වීය.

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය සමග ආකර්ෂණීය ත්‍යාග මුදලක් සහ පදක්කම් පිරිනැමෙන අතර, සම්මානයට අයැදුම් කිරීමට කැමැති ඉංජිනේරුවන් සඳහා මැයි 31 වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇත. සම්මාන සඳහා වන අයැදුම්පත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙහි 120/15, විජේරාම මාවත, කොළඹ 07 ලිපිනයෙන් හෝ www.iesl.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

සම්මාන උළෙල පිළිබඳව ඉකුත් දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

වමේ සිට - ඉංජිනේරු නීල් අබේසේකර, ඉංජිනේරු ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි, ඉංජිනේරු ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු, ඉංජිනේරු ආයතනයේ සභාපති, ඉංජිනේරු, මහාචාර්ය රංජිත් දිසානායක, ඉංජිනේරු, ආචාර්ය ඒ.සී. විශ්වලිංගම්, ඉංජිනේරු ලලිත් කහටපිටිය, ඉංජිනේරු පියල් ද සිල්වා යන මහත්වරු මෙහි සිටි

 



අදහස් (0)

ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 112 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 955 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2559 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site