IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘ එ.ජා.ප පාක්ෂිකයන් 1960 ක් ජවිපෙන් මරලා‘

 

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් 1960 දෙනකු පමණ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ 3 වැනි පරිච්ඡේදයේ  සඳහන් වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අද (17) පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ රජයේ දේපළ වලට සිදුකරන ලද හානිය බිය උපදවන තරමින් විශාල බව කොමිෂන් සභාව වාර්තාවේ පැහැදිලිවම සඳහන් වන්නේ යැයි ද එජාප සභාපතිවරයා කීය.

1987 අගෝස්තු මාසයේ සිට රටේ ආරක්ෂක තත්ත්වය අනුක්‍රමිකව හා අඛණ්ඩව පිරිහී දේශපාලනඥයින්ගේ ජීවිත වලට බරපතල තර්ජනයක් එල්ලවූ බව කොමිෂන් වාර්තාවේ සඳහන් වන්නේ යැයි ද එජාප සභාපතිවරයා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලතම ඉලක්කය වූයේ රජය කරවූ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයින් බවත්  සම්ප්‍රදායික වාමාංශික  නායකයෝද මෙම තර්ජන වල ඉලක්ක  වූ බවත් කොමිෂන් වාර්තාවේ සඳහන් වන්නේ යැයි අබේවර්ධන මහතා කීය.

බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ 29 වැනි පිටුවේ සඳහන් කරුණු ගැන අදහස් දක්වමින් වජිර අබේවර්ධන  මහතා මෙසේද කීය.

ඉහළ මට්ටමේ දේශපාලනඥයින් හැරුණු විට, සාමාන්‍ය පොදු ජනතාව අතර වූ දේශපාලන හිතවත්තු ද තර්ජන වල ඉලක්ක බවට පත්වූ බව එම කොමිෂන් වාර්තාවේ සඳහන්ව තිබෙනවා. 

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 1960 දෙනෙකු පමණ ඝාතනය කරනු ලැබු බව (3 වැනි පරිච්ඡේදය-සිංහල-29 වැනි පිටුව)ඇස්තමේන්තු කර ඇතැයි  කොමිසම කියනවා. ඔවුන් අතර අනුගාමීව තනතුරු ලැබූ එක්සත් ජාතික පක්ෂ ලේකම්වරු දෙදෙනෙක් වන හර්ෂ අබේවර්ධන ( 1987.12.21 වන දින ඝාතනය කෙරිණි) හා නන්දලාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ද, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික දෙනෙක් ද වූ බව කොමිෂන් වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා.

මොවුන්ගේ ප්‍රහාර වලට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ද ඉලක්ක වූ බවත් එවකට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා ගැන රහස් තොරතුරු එක්රැස් කිරීමේ නිරතව සිටි පොලිස් අධිකාරී ක්ලැරන්ස් පෙරේරා මහතා ජනතා විමුත්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබූ බවත් බටලන්ද කොමිසම් වාර්තාවේ දැක්වෙනවා.

බට ලන්ද කොමිෂන් වාර්තාවේ මෙසේද සඳහන්ව තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බෙනට් පෙරේරා  මහතා ද (මොහු කඩාකප්පල් කාරී ක්‍රියා  විමර්ශන  කිරීම ගැන උනන්දුවක් දැක්වු නිලධාරියෙකි) ඝාතනය කෙරුණා. රජයේ දේපළවලට සිදුකරන ලද හානිය බිය උපදවන තරමින් විශාලය. පර්යන්ත ප්‍රදේශවල පිහිටි රජයේ ආයතන ගිනි බත් කරන ලදී. තවත් සැළකිය යුතු ලක්ෂණයක් වූයේ රජයේ සංවිධාන තුළ මැනවින් සංවිධානය කරන ලද වැඩ වර්ජන පැවැත්වීමය.

අත්‍යවශ්‍ය සේවා අක්‍රීය තත්ත්වයටම වාගේ පත්කළ එක් වැඩ වර්ජනයක් නම් ජාතික ප්‍රවාහන සේවකයින් විසින් දියත් කළ වැඩ වර්ජනයයි. තවත් නොයෙක් රජයේ ආයතන වල අනුක්‍රමයෙන් වැඩ කටයුතු නතර විය. මෙය සිදුවුයේ  දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (D.J.V.) නමින් හැඳිවුනු සංවිධානයක් විසින් එම ස්ථාන වලට යැවුනු තුණ්ඩු කෑල්ලකින් දුන් නියෝග සමගය. 

මෙම වැඩ වර්ජන සමඟ එම සංවිධානය විසින්ම ප්‍රකාශයට පත් කරන ලදැයි කියැවුණු  ඇත්ත වශයෙන් වූ ඇඳිරි නීති නියෝගද ක්‍රියාත්මක විය. "දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නියෝග නිකුත් කරනු ලැබුයේ "කීර්ති විජයබාහු" යන නමක් යටතේය. මෙහි ප්‍රතිඵලය ලෙසට රට තුළ අරාජික තත්ත්වයක් ම බඳු තත්ත්වයක් පැවතිණි.යනුවෙන් බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිව සඳහන්ව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (19)

‘ එ.ජා.ප පාක්ෂිකයන් 1960 ක් ජවිපෙන් මරලා‘

බකල ජයා Monday, 17 March 2025 12:07 PM

ලොක්ක ප්‍රතික්ෂේප කරපු වාර්තාවෙන්ම තමයි කියවල තියෙන්නෙ. දැන් යන්ඩකො බලන්න ආයෙත් ලොක්කව හම්බවෙන්න::))

:       65       35

Pankumburage Monday, 17 March 2025 12:20 PM

එජාප ආණ්ඩුවෙන් මරපු අහිංසක කෙල්ලෝ කොල්ලෝ ගාන කියලා නැද්ද?

:       60       49

pakeer Monday, 17 March 2025 12:24 PM

අනිවාර්යයෙන් ඒවට පරීක්ෂණ පවත්වන්න. එහෙම කරලා අදාළ අයට දඬුවම් දෙන්න. රජයේ දේපළ හානි කළා නම් ඒවාටත් දඬුවම් දෙන්න... අනිවාර්යයෙන් පරීක්ෂණ පවත්වන්න. එහෙම කියලා අනිත්වා නවත්වන්න බැහැ යාළුවා.

:       52       26

ddsMonday, 17 March 2025 01:39 PM

ඒ කාලෙ හිටපු සමහර JVP අය (සමහරු අදත් ඉන්නවා, ලාල්කාන්ත, ටිල්වින් වගේ අය) වැරැදිවලට සිරදඬුවම් වින්දා. UNP මිණීමරුවන්ට නඩු නැහැ. දාපු නඩුත් සාක්කි හිතාමතාම වරද්දලා අහක ගියා (පුංචි නිලමේ). ඩග්ලස් පීරිස් මේ ඉතාම මෑතක වැරැදිකරු වුණා. දඬුවමට කලින් පැන්නා. ඒ අයගේ පුරුද්ද ඒක. අර්ජුන් මහේන්ද්‍රන් දැක්කානේ...!

:       47       51

Rata Perata Monday, 17 March 2025 12:30 PM

පව් ඒ අසරණ මිනිස්සු..

:       51       10

යෝගා Monday, 17 March 2025 12:32 PM

එදා මිනීමරුවෝ අද පාලකයෝ වී ඇත. මිනීමරනවා, කප්පම් ගන්නවා, බොරු විදිනවා හැර වෙන කිසිම දෙයක් කරන්න දන්නෙත් නෑ වගේ...!

:       61       75

ddsMonday, 17 March 2025 01:20 PM

එදා මිණීමරුවෝ අද විපක්ෂයෙනුත් එලවලා. පාර්ලිමේන්තුවෙනුත් එලවලා. කර්මය හරි පුදුමයි නේද...?

:       50       54

ජයනාත් Monday, 17 March 2025 12:46 PM

89න් පස්සේ ආණ්ඩු කීයක් තිබුණාද? 88,89 කාලේ එක එක සංවිධාන, ආණ්ඩුව මරපු එක්කෙනකුටවත් විරුද්ධව පියවර ගත්තාද..? පොරොන්දු වල අඩුවක් නැහැ. කොමිෂන් වාර්තා අඩුවක් නැහැ. ගත් නීතිමය පියවරකුත් නැහැ...

:       0       33

Lakmal Monday, 17 March 2025 01:10 PM

ඔබව මරන්න බැරි වුණු එක අපිට දුකයි. ලැජ්ජා නැති කතා කියනවා තවත්...!

:       43       25

Shashika519 Monday, 17 March 2025 01:12 PM

මෙච්චර කල් ආණ්ඩු කළා. නඩු දාලා ඒ මිනිස්සුන්ට සාධාරණයක් කරේ නෑ. දැන් බයිලා දොඩවනවා ගාල්ලේ කොට දූෂිතයා...!

:       45       26

ජිල්බු Monday, 17 March 2025 01:22 PM

එතකොට මහත්තයෝ ඉතුරු 58,040 මැරුවේ කව්ද?

:       44       47

රම්බොඩ Monday, 17 March 2025 01:31 PM

ජ.වි.පෙ. ඝාතන රැල්ල පටන් ගත්තා 1989. ඊට පස්සේ හිතුමතේට මිනිසුන් ඝාතනය කළා. ඝාතනය වුණු මිනිසුන් කළ එකම වරද ජ.වි.පෙ. කියන මතයේ නොසිටීමයි. අනුන්ගේ මත ඉවන්න බැරි මාලිමාවට කැමති බොහෝ අය තවමත් ඉන්නවා. මේවා පහළ මානසික මට්ටම්. ඉතින් එදා පාළකයින් විසින් එම ඝාතන රැල්ල අවසන් කළා. එවැනි දේ සිදුවීම හොඳ නෑ. නමුත් තමන්ගේ අතේ කුණු ගොඩ ගහගෙන වෙනත් අයගේ කුණු අවුස්සන්න යෑමෙන් සිදු වන්නේ ඇදගෙන නෑමක් විය හැකියි. ඒක කාට කාටත් පොදු ධර්මතාවයක්...

:       46       56

ddsMonday, 17 March 2025 02:03 PM

1989 ට කලිනුත් අවුරුදු තිබිල තියෙනවා. 1983 කියලත් තිබිලා තියෙනවා. ඒකෙ කලු ජූලිය කියලා එකකුත් තිබිලා තියෙනවා. සමහර පක්ෂ වලට නොකළ වැරැදිවලට අනුන්ගේ පව්වලට කරගහන්නත් වෙලා තියෙනවා. මේ අද රටේ කතාකරන ඒවලා ඉතිහාසය එතැන ඉඳන් තියෙනවා.

:       50       33

Srinath priyantha karunarathna Monday, 17 March 2025 04:26 PM

ආණ්ඩුවකට මිනිස්සු මරන්න බෑ.1960ක් මැරුවා කියලා 65000ක් මරන්නේ කොහොමද?

:       38       22

සිදත් Monday, 17 March 2025 05:23 PM

ඔන්න දැන් කාට හරි අවස්ථාව තියෙනවා. කැරැල්ලක් ගහලා ආණ්ඩු බලය අල්ලා ගන්න. බයවෙන්න දෙයක් නෑ. ඇඟේ මයිලකටවත් මේ ආණ්ඩුව හානියක් කරන්නේ නෑ. මර්ධනය කියන වචනෙවත් මාලිමාව දන්නේ නෑ. මෛත්‍රී වඩමින් බලාගෙන ඉන්නවාලු. බය නැතුව කැරැළි ගහන්න.

:       10       74

මෝඩ හුටංලාMonday, 17 March 2025 07:15 PM

අයියෝ යමක් නොදත් සිදත්, අනික් පක්ෂවල අය එක්ක ඉතින් ලණු කැරැලි, නැත්තන් තල කැරලි තමයි ගහන්නේ. දැක්ක දැක්ක තැන හොරාකන නායකයෝයි, අනුගාමිකයෝයි එක්ක වෙන මොන කැරැලිද?

:       0       0

මෝඩ හුටංලාTuesday, 18 March 2025 10:57 AM

අනික් පක්ෂවලින් ඉතින් ලනු කැරලි තමයි. ඒ අයගෙ ලනු කාල, අපි අමාරුවේ.

:       0       8

Perera Tuesday, 18 March 2025 07:50 AM

ජෙවිපි 60,000 ක් එජාපෙන් මරලා

:       3       3

ddsTuesday, 18 March 2025 10:54 AM

Perera, ඒ හැටදාහෙන් අඩුම ගණනේ 45,000ක් වත් JVP නෙවේ. වෙනත් පක්ෂවල අයයි දේශපාලනයකට සම්බන්ධ නැති අයයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2436 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site