IMG-LOGO

එස් එම් රංජිත්ට වසර 16ක සිර දඬුවමක්

(මනෝප්‍රිය ගුණසේකර )

උතුරුමැද පළාත්  හිටපු  ප්‍රධාන අමාත්‍ය   එස් .එම් රංජිත් මහතාට සහ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රෙස්නට වසර 16ක බරපතල වැඩ සහිතව සිරදඬුවමක් කොළඹ  මහාධිකරණ  විනිසුරු අධිත්‍ය පටබැඳිගේ මහතා අද(02)  නියම කළේය.

2012 -2014  කාල වකවානුවේදී  උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී  නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස  රුපියල් 2,080,500 ක  මුදලක් ලබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයකට මෙම නඩුව පවරා තිබිණි.

අල්ලස් කොමිසම මගින් ගොනු කර තිබූ මෙම නඩුව  දීර්ඝ විභාගයකින් පසු විත්තිකරුවන්ට  එරෙහිව  චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීමෙන් මෙම දඩුවම් නියම කෙරිණි.



අදහස් (33)

එස් එම් රංජිත්ට වසර 16ක සිර දඬුවමක්

susantha Wednesday, 02 April 2025 10:31 AM

ඔය සිර දඬුවම ඉතින්, ආපහු නාමල් බේබි හරි පුතනෝ හරි බලයට එනකන් විතරනේ. ඊට පස්සේ ජනපති සමාව සමඟ නිදොස් කොට නිදහස්. හිරේ හිටපු කාලෙට වන්දිත ගෙවයි, ආණ්ඩුවේ සල්ලි වලින්ම. අඩුම ගානේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් බැරිනම් සංස්ථා සභාපති, තානාපති තනතුරක්වත් දෙයි. එහෙමනේ ඕවා වෙන්නේ."

:       69       100

චන්දනWednesday, 02 April 2025 11:44 AM

නාමල් බේබි කරයිද එහෙම? පුතාණෝ කිව්වේ සුසන්තගේ ගෙදර කෙනෙක් ගැන වෙන්න ඇති. කුහක කතා කියන්න එපා. රන්ජිත් හිරේ ගිය එක හරි. හොරකමට දඬුවම්..!

:       7       65

JagathWednesday, 02 April 2025 12:14 PM

ඒක තමයි පුරවැසියන්ගේ වග කීම , ඔය හොරු ආයේ බලයට පත් නොකරන්න බලාගන්න එක. මම හිතන්නේ නැහැ එන්.පී.පී. එකට වඩා ප්‍රතිපත්ති ගරුක පක්ෂයකට නැවත බලය ගන්න පුළුවන් වේයි කියලා.

:       20       109

Suranga Wednesday, 02 April 2025 01:46 PM

සමගියක් නැති සජබෙටත් නාමල්ටත් රංජිත් සිර දඬුවම ගෙවා අවසන් වෙනතුරු බලයක් ලැබෙන්නේ නැහැනේ...!

:       13       69

janahithaThursday, 03 April 2025 08:43 AM

විජය සමග පැමිණි තවත් හොරෙක් හොරුන් වෙනුවෙන් පෙනී සිටිනවා

:       0       0

වින්සන්ට් කජ්ජා Wednesday, 02 April 2025 10:44 AM

හොරු අදහන්නෝ කෙඳිරිගායිද?

:       17       126

Mohan Mangala Mapa Wednesday, 02 April 2025 10:52 AM

හිරේ දැම්මම ආයෙත් ආණ්ඩුවට වියදම්. හොඳම දෙය ඔවුන්ට හැකි තරම් අමාරු වැඩ ගැනීමයි (වගා කිරීම් , ගල් කැඩීම, පිරිසිදු කිරීම, මාළු වේලීම , නිරමාණ කිරීම). එහෙම උනොත් රටේ ආර්ථිකයට හොඳයි.

:       15       124

palitha Wednesday, 02 April 2025 10:57 AM

ඔයා හරි මචන් එහෙම වෙන්නේ, ආයිත් ඔය සෙට් එක අවොත් නේ, එ නිසා එ ගැන බයවෙන්න දෙයක් නෑ.

:       15       112

Pradeep Kumara Wednesday, 02 April 2025 11:06 AM

සිදු විය යුතු දේ සිදු වෙමින් පවතී. ඊට අමතරව ඔය අයියා මල්ලී දෙන්නගේ නමට තියන ඉඩම් ගැනත් හොයලා බැලුවොත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබෙයි.

:       4       46

de silva Wednesday, 02 April 2025 11:18 AM

යන්තම් ඇති අල්ලස් කොමිසමට ඇහැ ඇරිලා 1990 ගණන්වල පාපැදි වලින් ගියපු ඈයෝ දේශපාලනේට ආවාට පස්සේ පවුල් පිටින් ප්‍රකෝටි පතියෝ වුනේ කොහොමද කියලා හොයලා බලන්න ඕනේ... හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඉන්නවා... කොට තට්ටේ ටිකක් පෑදීගෙන එන ඩයල් එකක පැට්‍රල් ෂෙඩ් 7-8 තියෙන, ඔවුන්ගේ පවුල් ගැනත් සොයා බලන්න.

:       6       28

Rata Perata Wednesday, 02 April 2025 11:32 AM

මේ තීරණය තවත් ආකාරයකින් හොඳයි. අපේ අධිකරණයට ගරු කළේ නෑ කියලා නීතීඥයෝත් හිරේ දාන්න තරම් ගාමිභීරයි. ඒත් දේශපාලුවෝ අධිකරණය, සී.අයි.ඩී. එක යන්නේ එන්නේ... ඇවිල්ලා මයික් ඉස්සරහ කතා කරන්නේ නැන්දා, මාමා බලන්න ගිහින් ආවා වගේ. මේ සංස්කෘතිය නැති කරන්න ඕනෑ.

:       3       21

නිමල් පෙරේරා Wednesday, 02 April 2025 12:03 PM

කොච්චර කාලයක් හිරේ ඉඳීද දන්නෑ, පුංචි චන්දෙ ඉවර වෙනකොට එළියට දාන්න ඔට්ටු නෑ ඕං. චන්දෙන් කලින් සංදර්ශන මාලාවක් තියෙනවා කියලා ආරංචියි. හිරේ දාන ගමන්ම හොරා කාපු මුදලත් අයකර ගත්තා නම් තමයි හොඳ. නැත්නම් මෙයාලා එදත් හෙටත් යැපෙන්නෙ බදු ගෙවන මහජනයාගේ මතම තමයි.

:       24       18

PD Goonawardene Wednesday, 02 April 2025 12:17 PM

හොද වැඩේ ඕකුන්ට....

:       7       47

පිටිගල මිලානෝ Wednesday, 02 April 2025 12:23 PM

ගරු අධිකරණයට හිස නමා ආචාර කරමි…!

:       4       57

රනේ Wednesday, 02 April 2025 12:49 PM

නීතිය ක්‍රියාත්මක වනු දැකීම රටටම සතුටක්...!

:       4       50

මැක්ස් Wednesday, 02 April 2025 12:52 PM

බොහොම හොදයි. අල්ලස් ගත්තනම් වැරදි වැඩ කළා නම් දඬුවම් ලැබිය යුතුයි. ජවිපෙ කාඩරයෙන් සැදුම් ලත් පලි ගැනීමේ බලකායෙන් නෙවෙයි, පිළිගත් අධිකරණ ක්‍රියා මාර්ගයකින්. ඒ වගේම, අනුරාධපුරයම වාස භුමිය කරගත් කයිවාරුකාරකමට අමතරව කප්පම් ගැනීමට ද නම් දැරූ, ඉඩම් නඩුවකට ද පැටලී ඇති වසන්ත සමරසිංහ ගරු ඇමතිතුමාට ද නීතිය ක්‍රියාත්මක වන අයුරු බලා සිටීම ආස්වාදජනක ය.

:       56       30

SaraWednesday, 02 April 2025 02:38 PM

ඔය නඩුව යහපාලන කාලේ දාපු එකක් කොහොම උනත් හෙට අනිද්දා ආයෙත් එළියේ ඇපිල් කරනවනේ

:       4       20

Srinath Wednesday, 02 April 2025 01:08 PM

හුඟ දවසකට පසු හොඳ පුවතක් ජයවේවා ආණ්ඩුවට

:       10       33

Vishmi Wednesday, 02 April 2025 01:41 PM

ඉතිං මෙතුමාට ඕක ගෙවලා නිදහස් වෙන්න බැරිද දඩේකුත් එක්ක... දෙන්නා එකතුවෙලා ගෙව්වා නම් හරිනේ....

:       19       11

රම්බොඩ Wednesday, 02 April 2025 01:59 PM

අවභාවිතා කළ මුදලත් දඬුවමත් අතර යම් විෂමතාවක් පෙනෙනවා. වැරැදිකරුවෙක් නම් නීතියෙන් හෝ කර්මයෙන් දඬුවම් ලැබිය යුතුයි. නමුත් කෙනෙකුට දඬුවමක් ලැබෙන වැට උඩ පැන පැන සතුටු වෙලා අකුසල් පුරවාගන්න තරම් පහත් මානසික මට්ටමක් අපට නොතිබිය යුතුයි.

:       32       13

කෞෂිWednesday, 02 April 2025 05:50 PM

කරලා තියෙන අනෙක් මජර වැඩවලට කර්මයෙන් ලැබුණු දඬුවම 16 න් වැඩිගාණක් කියලා හිත හදාගන්න...

:       2       17

nihal Wednesday, 02 April 2025 02:05 PM

මේ මුදල රංජිත්ගෙන් අයකරගත යුතුව ඇත.

:       5       27

කපුරු හාමි Wednesday, 02 April 2025 03:04 PM

රට පාලනේ කරපු උන් ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ,රීරී මාන්ස හූරගෙන කාපු ,මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු උන් නම් වටේ හිටපු දූෂිත දේසපාලුවෝ ගැන කවර කතාද?

:       2       24

beau Wednesday, 02 April 2025 03:09 PM

හොර පෙරකදෝරුවා හෝ පුතානෝ බලයට එනකම් ඇඟිලි ගණන් කරකර ඉන්න පුළුවන් මේ පල් හොරාට . හිර කුටියේ ඉඳගෙන. මේ වගේ අපතයන් හිර කුටියෙත් වැඩිකල් ජීවත්වෙන්නේ නැහැ. කළ කම් පලාදේ!"

:       3       22

Sara Wednesday, 02 April 2025 03:24 PM

යහපාලනයේ වටිනාකම පේනවානේ. කොහේද මේ රටේ එවුන්ට විරුවෙක් ගේන්න ඕනේ වුණානේ...!

:       10       25

SANATH Wednesday, 02 April 2025 04:01 PM

"6.55 ප්‍රවෘත්ති වලින් කට්ටිය කෙදිරි ගානවා අහන්න වෙනවා නේ?"

:       4       21

Nimal J Wednesday, 02 April 2025 05:40 PM

කෝ මේ ෆයිල් පෙන්නපු කට්ටිය අල්ලපු හොරු....පච රැළ...

:       0       1

sam Wednesday, 02 April 2025 11:44 PM

මුන් හිරේ ගියත් අලාභය දරාගන්න ඕනේ අපිමද? ඔය කියන අලාභය ගෙවන්නේ කවුද?

:       0       2

රුවන් Thursday, 03 April 2025 06:04 AM

මෙතන කමෙන්ට් වලින් 20% කැමති ලංකාව හයිටිය, සෝමාලියාව වගේ වෙන්න.

:       2       0

Perakum Thursday, 03 April 2025 06:26 AM

හිටපු දේශපාලුවෝ හැමෝම වාගේ මේ වරද කරල තියනව. ඒ අයට නඩු නැද්ද?

:       0       2

Shyamalee Thursday, 03 April 2025 08:27 AM

අර ගෙනාපු ෆයිල් වල තිබිච්ච සියලුම හොරු පිළිබඳව වාර්තා අධිකරණයට ඉදිරිපත් කරලා හොරු ටික ඇතුලට දාන එකයි උන්ගෙ ළඟ තියෙන හොරට ගත්ත ජනතා මුදල් ලබාගෙන රට දියුණු කරන එකයි කරා නම් මේ රට ගොඩගන්න ඒ ඇති. හිස නමා ආචාර කරමු...... තවත් හොරු ඉන්නව මිනිස්සු පැහැදිලිවම දන්න. මේ රටේ මෙතුවක් සිද්ධ නොවූ මහජනතාවට සාධාරණය සිදුවන නීති ක්‍රියාත්මක වීමක් කුමන ආණ්ඩුවකින් හරි මේ විදිහට ඉටුවීම ගැන අප්‍රමාණ සතුටක් තියෙන්නේ. ඉතිරි හොරු ටිකත් ඇතුලට දමමු. "යහ"පාලනය යනු මෙයයි.

:       0       3

hesa Thursday, 03 April 2025 12:02 PM

කෝටි ගණන් හොරකම් කළ මිනී මරුවෝ නිදැල්ලේ. රුපියල් ලක්ෂ 20කට අවුරුදු 16ක සිර දඬුවම්... අමුතු නීති දැන් !

:       4       2

බයි සිතිවිලිThursday, 03 April 2025 01:26 PM

දණ්ඩ නීති සංග්‍රහය වෙනස් උනා කියල ආරංචියක් නම් නෑ. බයි චැනල් එකක කිව්වද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1498 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 543 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 611 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site