IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එල්ලේ ක්‍රීඩකයාගේ මරණයට හමුදා බුද්ධි අංශ පහක් රඳවා ප්‍රශ්න කරයි

(නිමන්ති රණසිංහ)

මෝදර එල්ලේ ක්‍රීඩකයා මරා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි නිලධාරීන් පස්දෙනකු හෙට (16) දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට  අවසර ලබා දුන්නේය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 290 වගන්ති ප්‍රකාරව අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් ඔවුන් පැය 48 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙසට පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙලෙස අවසර ලබා දුන්නේය .

මෝදර කාක දූපත ට ගොඩගැසූ පිරිමි මළසිරුරක් සම්බන්ධයෙන් සිදුකරන මෙම විමර්ශනයකට අදාළව යුද හමුදා බුද්ධි අංශ කෝප්‍රල්වරයෙකු සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක ද අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව ද කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙසේ සොයාගත් මළසිරුර සිද්ධියට අදාළ සැකකාර ග්‍රාම නිලධාරිනියගේ ස්වාමි පුරුෂයාගේ බවත්, සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණය කරමින් සිටින බවත් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට සදහන් කළේය.

 



අදහස් (5)

එල්ලේ ක්‍රීඩකයාගේ මරණයට හමුදා බුද්ධි අංශ පහක් රඳවා ප්‍රශ්න කරයි

Don perera Wednesday, 15 September 2021 08:12 AM

රණවිරුවෝ

:       6       21

duminda Wednesday, 15 September 2021 09:15 AM

රණවිරු දඩයම...

:       6       1

රට වැසියා Wednesday, 15 September 2021 10:28 AM

රටේ රාජ්‍ය හමුදා අංශයක් හෝ එහි සාමාජිකයින් පිරිසක් තම බලය සහ හැකියාව යොදාගෙන රට වැසියන්ගේ ජීවිතයට හානිය කල පලමු අවස්ථාව මෙය නොවේ! බොහෝ විට අද තිබෙන රණවිරු ගාය හෝ දේශප්‍රේමය නිසා මේ අපරාධකරුවන් නිදොස් කොට නිදහස් විය හැක!

:       5       15

banda Wednesday, 15 September 2021 10:59 AM

ආරක්‍ෂක අංශයේ 95% ක්ම ඉතා යහපත් ය. ඒ ගැන සැකයක් නැත. ඔවුන් කරන්නේ මේ මොහොතේ කළ නොහැකි රැකියාවක්. මෙම නඩුවේ දැන් කුමක් සිදු වේදැයි ශ්‍රී ලංකා පොලිසිය දනී. ඔවුන් වරදකරුවන් නම් මෙය පාතාලයට වඩා නඩුවකට සම්බන්ධයි. ඔවුන් පාතාල ලෝකයේ ප්‍රමුඛයන් ලෙස සැලකිය යුතු අතර ඔවුන්ට කුමක් කළ යුතු දැයි දැන සිටිය යුතුය. එසේ නැත්නම් එය පාතාලය බවට පත් වනු ඇත.

:       0       5

kamal Wednesday, 15 September 2021 11:22 AM

මිනීමරුමක්නම් හිරේ ගියාට බය වෙන්න දෙයක් නැහැ .එලියට් ගන්නවනේ .වෙන සුළු වැරද්දක් කලොත් තමයි බය වෙන්න ඕනේ

:       6       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site