IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකිරීම් වලට පෙර ඉපැයීම් අනුව 2024/25පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 4.3ක ලාබයක් උපයා තිබේ. එය පසුගිය වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී සියයට 111 ක වර්ධනයකි. 

බදු ගෙවීමට පෙරඑයිට්කන් ස්පෙන්ස් සමාගම 2024/25පළමු කාර්තුවේදී, රුපියල් මිලියන 575.8ක ස්ථාවර ලාභයක් අත්පත් කරගෙන තිබේ. එය පෙර වසරේ වාර්තා වූ අලාභය හා සන්සන්දනය කිරීමේදී සැලකිය යුතු පෙරළියකි.

එයිට්කන් ස්පෙන්ස් ව්යා පාර සමූහයේ සංචාරක අංශය පොලී පිරිවැයබදුක්ෂයවීම් සහ ක්රටමක්ෂ යකිරීම් වලට පෙර රු. බිලියන 1.7ක ලාබයක් අත්පත් කරගෙන තිබිණ. ඒ අතරම එයිට්කන් ස්පෙන්ස් ව්යා පාර සමූහයේ සමුද්‍රීය ප්‍රවාහන භාණ්ඩ ප්‍රවාහන සහ සැපයුම් අංශය විසින් අත්පත් කරගන්නා ලද ලාභය රු. බිලියන 1.2කි. මෙම කාර්තුව ඇතුළත එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ උපාය මාර්ගික ආයෝජන අංශය ස්ථාවර කාර්ය සාධනයක් පෙන්නුම් කළ නමුත් කරුණු කිහිපයක් නිසා සේවා අංශයට තරමක් බාධා එල්ල විය.

ශ්‍රී ලාංකේය හෝටල් අංශය මෙන්ම විදේශීය හෝටල්වලින් බහුතරයක් ද නේවාසික වාර්තා සම්බන්ධයෙන් දියුණුවක් පෙන්වයි. එය දිරිගන්වන සුළුය. කෙසේ වෙතත් 2024අප්රේධල් මාසයේදී ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාම නිසා ව්‍යාපාර සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශයට තරමක අවාසි සහගත බලපෑමක් ඇති විය. භාණ්ඩ ප්‍රවාහන ගාස්තුවල සුළු අඩුවීම මෙන්ම විනිමය අනුපාතිකයේ බලපෑමත් නාවිකප්රරවාහන ක්ෂේත්‍රයේ දී මෙන්ම භාණ්ඩ ප්‍රවාහන සහ සැපයුම් අංශයේ කාර්යක්ෂිමතාවට බලපෑවේය. 

මෙම තත්වය හමුවේ වුවදඑයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ ජලවිදුලි සමාගම්වල මෙන්ම අපද්‍රව්‍ය බලශක්තිය බවට පරිවර්තනය කිරීමේ බලාගාර වල පවත්වාගෙන ගිය ශක්තිමත් මෙහෙයුම් සහ කාර්ය සාධනයත්දිගු කාලීන වශයෙන් තිබූ හිඟ මුදල් අයකර ගැනීමත් ව්‍යාපාර  සමූහයේ උපායමාර්ගික ආයෝජන අංශයට ධනාත්මක බලපෑමක් ඇති කළේය.

මුදල් හුවමාරු කිරීමේ ව්යාේපාරයේදී ඇතිවන පර්යේෂණවල අඩු විනිමය අනුපාතිකය මෙන්ම විදුලි සෝපාන අංශයේ ප්‍රමාද වූ ව්‍යාපෘති නිම කිරීමේදී දරන ලද අමතර වියදම් ද සමූහයේ සේවා අංශයට කිසියම් බලපෑමක් ඇතිකළේය. එහෙත් ඒ සියල්ල තිබියදී පළමු කාර්තුව ඇතුළත වාර්තා කරන ලද සියයට 111 ක වර්ධනය විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කරන්නකි. 

එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ ප්‍රධානතම දේපළක් වන ‘හෙරිටන්ස් කණ්ඩලමහෝටලය සහ නිවාඩු නිකේතනය 2024ජූනි මාසයේදී 30වැනි සංවත්සරය සැමරුවේය. එයිට්කන් ස්පෙන්ස් හෝටල සමූහය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සන්නාම 5 අතුරින් එකක් වශයෙන් ලංකා මන්ත්ලි ඩයිජස්ට‘සඟරාව විසින් සම්භාවනාවට ලක්කරනු ලැබ තිබේ. 

ආගන්තුක සත්කාර සහ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද 2024 සම්මානෝත්සවයේදී එයිට්කන් ස්පෙන්ස් සංචාරක සේවය විසින් හොඳම ප්‍රායෝගික කළමනාකරණ සම්මානය දිනා ගන්නා ලදී. 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානෝත්සවයේදී එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ භාණ්ඩ ප්‍රවාහන අංශය,නැව් සහ නාවික ආශ්‍රිත සේවා ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය තවදුරටත් රඳවා ගත්තේය.

තිරසාරත්වය සම්බන්ධයෙන් ගනු ලබන හෝ ගතහැකි පියවර පිළිබඳව සලකා බලන  ලංකාවේ අපද්‍රව්‍ය හව්යක-බලශක්ති බලාගාරය පිළිබඳ විශේෂාංග ලිපියක්ගෝලීය තිරසාරත්වය කෙරෙහි ප්‍රබල බලපෑමක් කළහැකි ශ්‍රි ලංකාවේ ව්‍යාපෘතිය ලෙසින් එක්සත් ජාතීන්ගේ ගෝලීය ප්‍රකාශනයක මෑතකදී පළකර තිබිණ. 

ශ්‍රි ලංකාවෙන් පළමුවෙන්ම අත්සන් කළ සමාගමක් ලෙසින්එයිට්කන් ස්පෙන්ස් සමාගම වසර 20කට වැඩි කාලයක් එක්සත් ජාතීන්ගේ ගෝලීය ඉලක්ක වෙනුවෙන් කැපවීමෙන් යුතුව කටයුතු කරයි. එමෙන්ම තිරසාර ලෝකයක් ගොඩනැඟීම උදෙසා වන න්‍යාය පත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන්ආයතනික වගකීමක් සහිත ලෝකයේ විශාලතම ව්‍යාපාර සමඟ ද එයිට්කන් ස්පෙන්ස් සමාගම සමීපව කටයුතු කරයි. 

1983වසරේ සිටමකොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති එයිට්කන් ස්පෙන්ස්සමාගම වසර 150කට වැඩි ප්රෞතඪ උරුමයකට හිමිකම් කියන සමාගමකි. 

ශ්‍රී ලංකාව මාලදිවයින ෆීජි ඉන්දියාව ඕමාන් මියන්මාරය මොසැම්බික්, බංග්ලාදේශය,කාම්බෝජය සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් 11ක විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ආකෘති 16ක් එයිට්කන් ස්පෙන්ස් සමාගමට ඇතුළත් වෙයි. එයිට්කන් ස්පෙන්ස් පවුලේ 13000කට අධික සමස්ත සේවක සංඛ්යා්ව විසින් එහි කාර්ය සාධනය දිනෙන් දින වැඩි දියුණු කෙරෙනු ඇත.

(සී මුණසිංහ)



අදහස් (0)

එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 146 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site