IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට

(අංජුල මහික වීරරත්න)

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

එම මුදල්  මඟදී එක් එක් පුද්ගලයන්ගේ සාක්කු වලට වැටීම හේතුවෙන් ගමේ සංවර්ධනය නිසි අයුරින් සිදු නොවූ බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

මුලතිව් දිස්ත්‍රික්කයේ, මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නට්ටන්කණ්ඩාල් පොදු වෙළඳ සංකීර්ණය අසල සහ මල්ලාවි ප්‍රදේශයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවති ජන හමු වලට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

"අපේ රටේ අවුරුදු 76 ක් තිස්සේ පැවති සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කරමින් ඔබ අපට 2024 වර්ෂයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දුන්නේ අප කෙරෙහි පවතින විශ්වාසය නිසා බව අපි හොඳින්ම දන්නවා. ඒ විශ්වාසය අපි  රකිනවා කියලත් මේ මොහොතේ මම ඔබට කියන්න කැමතියි. 

ඔබට ආසන්නතම රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව හා එම රෝහලට ශල්‍යාගාරයක් නොමැති බවත් එමෙන්ම  ශල්‍යාගාරයක් පවතින රෝහලකට කිලෝමීටර් 50 ක් පමණ දුරක් ගමන් කිරීමට සිදු වී ඇති බව මට මෙහි පැමිණි මොහොතේ දැනගන්න ලැබුණා.

ඒ වගේම  ප්‍රදේශයට අයත් පාසලේ විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්න, ගුරුවරු නොමැති වීම නිසා විද්‍යා විෂය ධාරාව හැදෑරීමට දරුවන්ට කිලෝමීටර් 50ක් දුර පවතින පාසලට යාමට සිදුවෙලා තියෙනවා කියලත් මට මට අහන්න ලැබුණා. 

අපි දන්නවා ප්‍රදේශයේ ජනතාව පොදු ප්‍රවාහනය, දරුවන්ට අධ්‍යාපන පහසුකම් සහ විදුලිය වැනි පහසුකම් නිසි ලෙස නොමැතිකම නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වයන් වෙනස් කරන්න අවශ්‍ය නිසා තමයි ඔබ අපිව තෝර ගත්තේ.

සියලුම දරුවන්ට තමන්ගේ දක්ෂතාවය, කුසලතාවය අනුව තමන්ගෙ වෘත්තීය ජීවිතය තෝරගෙන දියුණු වෙලා ඉදිරියට යන්න අවස්ථාව හදන්න ඕනේ. ඒ කාර්යය අපේ රජය කෙසේ හෝ සිදු කරන බව මම ඔබට පොරොන්දු වෙනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (5)

එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට

Jayasekara Sunday, 20 April 2025 06:45 AM

ඒක වෙන්න ඇති ගමේ පාලනය ගන්න ඔහේලගෙ පාටියෙන් පිටගම් කාරයො දාල තියෙන්නෙ (පළාත් පාලන ආයතන සදහා අදාල පලාත් පාලන ආයතනයේ පදිංච් නැති ඡන්දබලය නැති අපේක්ෂකය දාලා තියෙනවා ඉතාමත් අසාධාරනයක් කරල තියෙනවා කියල අගමැතිණි නොදන්නවා වෙන්න බැහැ)

:       0       0

Kamal Sunday, 20 April 2025 07:51 AM

අද වැටෙන්නේ බිමට

:       0       0

සාලිය Sunday, 20 April 2025 09:25 AM

හොරණ පොල කාර් පාක් එක හරහා පාරේ වලවල් ගොඩයි.

:       0       0

prasanna Sunday, 20 April 2025 11:09 AM

ගමට ලයිට් සහ පානීය ජල පහසුකම් තියෙන්නේ කොහොමද, සාක්කුවට සල්ලි වැටුනානම් ?

:       0       0

Nandana Sunday, 20 April 2025 06:42 PM

ඇයි අද වැටෙන්නේ කටටද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 211 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 969 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site