
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
ජනාධිපතිවරයා අනිද්දා (4) සිට 6 වැනි දා දක්වා වියට්නාම සංචාරයේ නිරත වීමට නියමිතය. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට වසර 55ක් සැපිරීම සනිටුහන් කරමින් සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ මෙම වියට්නාම් රාජ්‍ය සංචාරයෙන් දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපති අනුර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමු වීමටත් නියමිතය.
තවද හෝ චි මිං නගරයේදී මැයි 6 වැනිදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද පවත්වනු ඇත.
එසේම, මෙම සංචාරයේදී ලංකා-වියට්නාම් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද, ව්‍යාපාරික ප්‍රජාව හමු වී සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම රාජ්‍ය සංචාරයට එක්වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැද්දන්ගෙනුත් බණ අහන්න වෙනවා..
නියම කෙනාව ප්‍රධාන ආරාධිත කරලා තියෙන්නේ...!
ෆෙරාරි සීයාට ආරාධනාවක් නැතෙයි...?
කසිප්පු මුදලාලි කෙනෙකුට අමධ්‍යප ව්‍යාපාරයකට ආරාධනාළා වගේ. එතැන ගිහින් කියන්න වෙන්නෙත් පචයක්ම තමයි...
ලෙක්චර් එක දෙන්නේ සිංහලෙන්ද? මොකද එයාට ඉංග්‍රීසි වලින් කතාව දෙන්න බැහැ...!
අවුරුදු 76ක් තිස්සේ මේ දූපත සංවර්ධනය කරන්න නොදී කකුලෙන් ඇදලා දැමූ එවුන් යනවා මේ දූපතට වඩා අන්ත සරණ වෙලා ඉඳලා දියුණු වුණ වියට්නාමයට ආධාර ගන්න. රෙදි ඇඳගෙනද මේ දුවන්නේ කිහල්ලා
මෙයා බෞද්ධ විරෝදයෙක් කියලා දන්නෙ නැද්ද? මුල ඉදලම බෞද්ධයන්ට කුඩම්මගෙ සැලකිලි දුන්නේ
ඔයාගේ උත්සවයත් මහනුවර වගේ විශාකාවක් වේවි.
නිරාගමිකයන්ට මේකටත් වඩා හොඳ පාඩමක් තියෙනවාද!!