IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එගොඩපිටිය චෛත්‍යයක කැණිම් කළ 5 ක් අල්ලති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කරුවලගස්වැව එගොඩපිටිය ප්‍රදේශයේ වසර දහසකට  ඉපැරණි චෛත්‍යයක කැණිම් කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු වනජීවි තොරතුරු මත කරුවලගස්වැව පොලිස් නිළධාරීන් සමඟ වනජීවි නිළධාරීන් ඒකාබද්ධව අද (13) සවස අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම, කොබෙයිගනේ, නිකවැරටිය, වාරියපොල පදිංචි අවුරුදු 40,50, 52,56, යන වයස් වල පසුවන ව්‍යාපාරියින්,ගැරජ් බාස්වරයකු ,ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු බව කියයි.

අදාල වැටලීම සිදුවන අවස්ථාවේදී අවුරුදු 65 කට වැඩි වයසක පසුවු සැකකරුවකු පලා ගොස් ඇති බවත් මෙම සැකකරු අදාල නිදන් ගැනිමේ කටයුත්තේ කපුවා බව පොලිස් නිළධාරීන් හා වනජීවි නිළධාරීන් සැකකරතී.

කරුවලගස්වැව වනජීවි කාර්යාලයෙ නිළධාරීන්ට ලැබුණ තොරතුරක් මත කරුවලගස්වැව පොලිසියෙද සහාය ලබා ගනිමින් අදාල වැටලිම සිදුකර තිබුනී.

වැටලිම සිදුවන අවස්ථාවේදි අත් අඩංගුවට ගැනුන සැකකරුවන් අදාල වසර දහසට වැඩි චෛත්‍යය කැණිම් කර තිබු බව ද පොලිසිය කියයි.

එම ස්ථානයේ තිබු පුජා භාණ්ඩ සමඟ නුල් පහන් හා හදුන්කුරු ,සුවද දුම් ඇතුළු දෑ සමග මුහුදු වැලි තිබි සොයා ගත් බව බව කියයි.

මෙම සැකකරුවන් කැණීම් කල චෛත්‍ය අවට තවත් චෛත්‍ය කිපයක් මෙයට පෙර නිදන් සොරු විසින් කැණිම් කර ඇති බවත් මෙම චෛත්‍යයද අවස්ථා කිපයකදි මෙලෙස කැණීම් කර ඇති බවද කියයි.



අදහස් (0)

එගොඩපිටිය චෛත්‍යයක කැණිම් කළ 5 ක් අල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site