IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එක රටක් එක නීතියක් බලකායේ බලය සීමා කරයි

(සුජිත් හේවාජුලිගේ )

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ  ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්  අලුතින්   නිකුත් කරනු ලැබ ඇත.

මෙම නව ගැසට් නිවේදනය අනුව එම කාර්යය සාධක බලකායට මින් ඉදිරියට පැවරෙන්නේ  ශ්‍රී ලංකාවේ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාද සැලකිල්ලට ගනිමින් සහ එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණිකවූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කිරීම පමණි.

එම  ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවමින් ජනාධිපතිවරයා විසින් මුලින්    ප්‍රකාශයට පත් කෙරුණු ගැසට් නිවේදනය මගින්  අධිකරණ අමාත්‍යාංශයේ පනත් කෙටුම්පත් පිළිබඳව සලකා බැලීම යනාදී බලතලද  එම කමිටුවට  හිමිව තිබිණ.

එම  තීරණය  සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ   අලි සබ්රි මහතාගේ  අප්‍රසාදය පළ වී තිබූ අතර   තීරණයට විරෝධය පා  ඔහු  සිය ඇමති ධූරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපි ජනාධිපතිවරයා  හමුවී පසුගියදා  බාර දුන්නේය.

එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපි බාරගෙන තිබුණේ නැත.

ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවීම සඳහා  මුලින් ප්‍රකාශයට පත් කෙරුණු  ගැසට් නිවේදනයේ යම් යම් අඩුපාඩු පවතින්නේ  යැයි  ජනාධිපතිවරයා අධිකරණ ඇමතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී  පිළිගෙන තිබුණු බවද වාර්තා විය.

එම මුල් ගැසට් නිවේදනය වෙනස් කරමින් පසුගිය 6වැනිදා දාතමින් යුතුව නව ගැසට් නිවේදනය  නිකුත් කරනු ලැබ ඇත්තේ  ඉන් පසුවය.

මේ අතර  මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මහාචාර්ය දයානන්ද බණ්ඩා   සහ  කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් යන මහත්වරු එම  කාර්ය සාධක බලකායෙන් පසුගියදා ඉවත්වී  ඇතැයි  වාර්තා වේ.

මේ අනුව ශ්‍රී ලංකා සමාජයේ බහුත්ව ලක්ෂණය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කාර්ය සාධක බලකා සාමාජික සංයුතිය තුළ පිළිබිඹුවීමේ අවශ්‍යතාව අවධානයට ලක් කරමින් අළුත් සාමාජිකයෝ   තිදෙනෙක්  එම කාර්යය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ සිටිති.

මෙසේ නව සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ ඇත්තේ  රාමලිංගම් චක්‍රවර්ති  කරුණාකරන්, යෝගේස්වරී සද්ගුණරාජා සහ  අයියාම් පිල්ලේ දයානන්ද රාජා යන මහත්ම මහත්මීහු වෙති.

එම සාමාජිකයන් තිදෙනා  පත්කර ඇත්තේද කාර්ය සාධක බළකායේ බලතල සීමා කරමින් ප්‍රකාශයට පත් කෙරුණු ජනාධිපතිවරයාගේ අති විශේෂ ගැසට් නිවේදනය මගිනි.



අදහස් (39)

එක රටක් එක නීතියක් බලකායේ බලය සීමා කරයි

jagath Wednesday, 10 November 2021 01:32 PM

නොදකින්, රාජපක්ෂවරු ඉන්නතාක්කල් ජාති ජාතිවත් මෙවන් රටක නොඉපදේවා... ඔයිට වඩා හොඳයි අලි සබ්‍රිට ජනාධිපතිකම දීලා ගෙදර ගියා නම්... නැතිනම් ඇමෙරිකාවටම ගිහින් පෙට්‍රල් ගහගන්න ශෙඩ් එකක...

:       15       104

වර්ණකුලසූරිය Wednesday, 10 November 2021 07:39 PM

රාජපක්ෂවරුන්ගේ ගැටළුවක් නොවේ මෙතන තියෙන්නේ. අපේ රටේ ගව සම්පතේ ගැටළුවක් තියෙන්නේ... 69 ලක්ෂයක් කතිර රාජපක්ෂවරු ගැසුවේ නැත. කතිර ගසන්නෝ කැමති බූරුවන්ට නම් බුරුවන් කුමක් කරන්නද? මෙම කාර්ය සාධක බලකාය පිහිටුවීම ගැන අධිකරණ ඇමැතිවරයා නොදැන සිටි බවක් අසන්නට ලැබුණි. මෙවැනි වගකිවයුතු කාර්යයක් එතුමා නොදැන සිදුවෙනවා නම් එවැනි රටක රාජ්‍ය නායකයින් කවුරැන්ද යන්න ජනතාව තේරුම් ගතයුතුව ඇත.

:       3       29

jagath Wednesday, 10 November 2021 01:34 PM

කොහොමද සබ්‍රිගෙ බලය...? ඡන්ද ඉල්ලුවෙත් නෑ. ජාතික ලැයිස්තුවෙන් එකපාරින්ම පාර්ලිමේන්තුවේ... ජනාධිපතිත් පත්කළා අලි සබ්‍රිට එහෙනම්....

:       17       77

susantha Wednesday, 10 November 2021 02:08 PM

ගැසට් ගැහීමෙන් සහ ඒවා රිවර්ස් කිරීමෙන් ගිනස් වාර්තාව අලුත් කළා එහෙනම්...?

:       3       103

ලසන්තිකා Wednesday, 10 November 2021 02:23 PM

පුදුම කරුමයක් අපි විඳින්නේ... මහ පාන්දර සහ සවස ලවුඩ්ස්පීකර් කන්දොස්කිරියාව. A/L , O/L විභාග වලට පාඩම් කරන දරුවන්ට හරිම කරදරයි...

:       17       166

KamalWednesday, 10 November 2021 03:43 PM

එක රටක්... නීති දෙකක්. අපි ලයිසන් නැතුව ස්පීකර් දැම්මොත් හිරේ.

:       0       0

GEMUNUWednesday, 10 November 2021 03:55 PM

ලසන්තිකා, ඔයාට හිටිගමන් නින්ද ගියාද? ලිපිය කියවලා බලන්න...

:       1       7

නලින්Wednesday, 10 November 2021 04:41 PM

ඒක නම් ඇත්ත. අපිත් හරියට පීඩා විඳිනවා. කිව්වට තේරුම් ගන්නේ නැහැ. පොලිසියට කිව්වත් ඵලක් නෑ. පොඩි දරුවන්, වැඩිහිටියන් හරි අමාරුවෙන් ඉන්නේ මේ නීතිවිරෝධී ලවුඩ්ස්පීකර් ගෝරනාඩු නිසා...

:       0       17

AN ඉෂාන් අහමඩ් Wednesday, 10 November 2021 05:08 PM

බෝධිය අසල පිරිත් දාන එක ගැන වෙන්නැති කියන්නේ මේ නෝනා...

:       7       20

sanjeewa milanoWednesday, 10 November 2021 05:53 PM

ඉෂාන්, අනුකම්පා කරන්න ඔය රාජපක්ෂගේ වහල්ලුන්ට...

:       2       14

BamunuarachchiWednesday, 10 November 2021 07:19 PM

නැහැ නැහැ... අර කාගේද නමක් කියකියා කෑගහන්නේ... එ්ක ගැනයි ඔය කියන්නේ.

:       13       3

BamunuarachchiWednesday, 10 November 2021 07:22 PM

ඔන්න හමබයින්ට කත් අදිනවා... ඔහෙට සපෝට් එකට කතා කරනවා. ඒ ගොල්ලන් තමයි මේ ජාතිය කෑවේ.. පන්දම් අල්ලලා...

:       11       2

fairoosWednesday, 10 November 2021 05:12 PM

ළඟදීම සොබාදහමින් පඩිසන් ලැබේවි...

:       2       15

BamunuarachchiWednesday, 10 November 2021 07:09 PM

කාටද? අලිසබ්‍රිටද? දැන් දඬුවම් දෙන්නේ කවුද? දැන් ස්වභාවධර්මයක් ගැන කතා කරනවා.

:       9       1

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 November 2021 02:25 PM

අහෝ..! රටකට, නීතියකට සිදුවූ දෙයක්...

:       4       54

Max Wednesday, 10 November 2021 02:35 PM

ගැසට් පලකිරීම සහ අවලංගු කිරීම කලාවක් නම් සර් එහි පිකාසෝය.

:       2       64

Hafeel Wednesday, 10 November 2021 02:56 PM

නාම යෝජනාත් ප්‍රතික්ෂේප වුනා. ඒකත් පක්ෂය ඇතුලේම කුමන්ත්‍රණයක්ලු. ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයටත් රතන හාමුදුරුවන් හරස් වෙලා. දැන් මෙතනත් ගැසට් පත්‍රය රිවස්.

:       3       37

ana Wednesday, 10 November 2021 03:02 PM

හමුදාවේ හිටිය කියන්නේ ඇත්ත ද? ඔය වාගේ නිවැරදි තීරණ නිසා තමයි එහෙනම් යුද්දෙ දිනුවේ.

:       4       42

jagath Wednesday, 10 November 2021 03:13 PM

රටක් හැටියට එක සුළු ජාතියකට කොන්ද නැමීම හෙලා දැකිය යුතුයි .තම තමන්ගේ චන්ද ගුන්දුවලට සියලු රට වැසියන් පාවා දීම කෙතරම් අවාසනාවක්ද රටකට ?

:       53       16

jagath Wednesday, 10 November 2021 03:17 PM

මම නම් යෝජනා කරන්නේ 2025 දී කොන්ද පන නැති රාජපක්ෂවරු එලවා දමා ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවෝ ජනාධිපති කල යුතුයි .මේ වැටිච්ච අගාදයෙන් ගොඩ ඒමට නම් .2019 දී මුළු රටම ඉල්ලුවේ දැවැන්ත වෙනසක් කල හැකි අයෙක්

:       59       13

NamalWednesday, 10 November 2021 03:45 PM

පාරවල් ගානේ නරක වචන කියන්න පුළුවන් වූ පලියට සාර්ථක පාලකයෙක් වෙන්නේ නෑ...

:       0       0

AN Ishan Wednesday, 10 November 2021 05:20 PM

හොඳට හිටියි. සෝමාලියාවටත් වඩා අන්ත අසරණ රටක් වෙයි. ඊට පස්සේ කිසිම රටකින් අබමල් රේණුවක උදව්වක් නම් ගන්නවා බොරු. විශේෂයෙන් මැදපෙරදිග ඉන්න අයට දෙවියන්ගේම පිහිටයි...

:       2       20

BamunuarachchiWednesday, 10 November 2021 07:00 PM

ඉස්සෙල්ලාම හම්බයින් රටින් යවන්න නීති ගෙනෙන්න ඕනේ. එයාලා මේ රටට මොකටද? ඔවුන්ගෙන් රටට ඇති වැඩේ මොකක්ද? අපේ ළමයින්ගේ පහසුකම් ඔවුන් පිනට භුක්ති විඳිනවා.

:       14       3

Nelupa Sadamalee Wednesday, 10 November 2021 03:35 PM

වඳ පෙති, හලාල්, කාති උසාවි, වඳ කොත්තු, වඳ ඇඳුම් වැනි දේවල් වලින් වැඩිම මනාපයෙන් V8 සම්මානයෙන් පිදුම් ලද, ප්‍රධාන චරිතය හා සහෝදර සමාගමේ අලුත්ම නිෂ්පාදනය වන, එක රටක්, එක නීතියක් චිත්‍රපටිය දැන් සියලුම සිනමාහල් තුල නැරඹිය හැක.

:       0       0

Ran Wednesday, 10 November 2021 03:36 PM

අස්වෙනවා කියල කීවා විතරයි රිවර්ස් කළා. එහෙම නොකර කොහොමද පිනට නඩු කතාකරලා ඒවායේ අල ගිය, මුල ගිය තැන් සේරම අහ ගත්තනේ. කතුරට පුවක් ගෙඩිය හොඳටම අහුවෙලයි තියෙන්නේ...

:       0       0

සෙනෙවිරත්න Wednesday, 10 November 2021 04:14 PM

අනාගැනීමට සම සම්මානයක් දුන්නොත්..., ඒ මෙතුමාට..!

:       1       14

Thilak Wednesday, 10 November 2021 04:59 PM

ජාතිවාදය අවුස්සලා බලයේ ඉන්න දඟලන අය. පැටිකිරිය නොදන්නා අය තමයි හාමුදුරුවෝ කියලා කියන්නේ....

:       4       20

BamunuarachchiWednesday, 10 November 2021 06:56 PM

ජාතිවාදය? කොහේ තිබෙන ජාති වාදයක්ද අැවිස්සුවේ... සරම ඔලුවේ ඉඳන් පෙරවාගෙන බුදියන්නේ නැතුව නැගිටලා බලන්න රටේ මොනවද වෙන්නේ කියලා. එකෙක් ෂරියා නීතිය ඉල්ලනවා.. අනිකා රටෙන් 2/5ක් ඉල්ලනවා. එ්ක ජාතිවාදයයි ආගම්වාදයයි නොවෙයි. අපි දෙන්න නැහැ කිව්වාම එ්ක ජාතිවාදයයි, ආගම්වාදයයි. එහෙම ඔහෙට පෙනෙන්නේ. සිංහල අපිව අවුස්සන්න දෙයක් නැහැ. අපි දකිනවා හම්බයින් මොනවද කරන්නේ කියලා...

:       4       1

බද්රානිThursday, 11 November 2021 09:49 PM

බමුණුආරච්චි, මොකද ඔහේ ඔය සද්දෙට උඩු බුරන්නේ? කහකඩයට මුවාවෙලා බඩ තරකරගෙන පුම්බන ඔහෙලා වගේ අය නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ? මොකද දරුවෙක් මල්ලෙක් ඉන්න එකක්යෑ... මොලේ පවතින විපරිත භාවය සමාජයට මුදා හරිනවා මෙතන. ඔහෙලා වගේ එලොවටත් මෙලොවටත් නැති පාපතරයින්ට වඩා අලි සබ්රි වැනි අය මේ රටට වටිනවා. අැයි ඔහේ දන්නේ නැද්ද? අලි සබ්රි මහත්මයා සිංහල, හොර, තක්කඩි නායකයින්වත් නඩුවලින් බේරාගත් බව. අනේ යන්න හලෝ යන්න.. නිකම් මෙතන බබෙක් වගේ කියවන්නේ නැතිව...

:       1       0

BamunuarachchiWednesday, 10 November 2021 07:13 PM

මොකද්ද පැටිකිරියේ තිබෙන්නේ...? අසාද් සාලිගේ පැටිකිරිය හොයන්න ගියේ නැහැ... අපේ හාමුදුරු කෙනෙකුගේ පැටිකිරිය හොයනවා.. මෙයා සිංහල නමකින් ඉන්න කෙනෙක්...

:       14       3

godfrey Wednesday, 10 November 2021 05:03 PM

කුණු ගොඩෙන් කුණුගඳ හමනවා මිසක්, දවසක්, පැයක්, මිනිත්තුවක් හෝ සුවඳක් හැමූබව අසා තිබේද 69 ලක්ෂයිනේ. "එක උණ්ඩෙට එක සතුරයි'' අසා ඇති මුත්, දැන් දැන්, එක උණ්ඩෙට එක ගොවියයි, එක ගුරයි, එක උද්ඝෝෂණකරුවයි නමින් වෙනස් කරගන්නට සිදුවේ දැයි බියෙන් වෙවුලමින් සිටින්නට කාලය එළඹෙමින් තිබේ. අහෝ දෙවියනේ! අපිට වුණු විපතක්, රටට ගිය කලක්...

:       1       22

deshapriya Wednesday, 10 November 2021 05:16 PM

රටක් විදියට රිවස් යන්නෙත් මේ වගේ පාලකයින් නිසයි...

:       1       20

ranjith Wednesday, 10 November 2021 05:41 PM

අද නම් පිස්සු රටක් වෙලා...

:       1       19

Bamunuarachchi Wednesday, 10 November 2021 07:06 PM

අපේ හාමුදුරුවනේ, ඝෝඨාභයට ඕන එකක් කරගන්න කියාලා ඔය මගුලෙන් අයින් වෙන්න. මට පෙනෙන්නේ වැඩිකල් යන්න කලින් ඒ ගොල්ලෝ කපා ගනීවි. අලි සබ්රි රටට නැතුව බැරි කෙනෙක්ද? මම කීවා හරි නේද? රට හම්බකරණය වෙලා ඉවරයි. සිංහල මිනිහාට මේ ගැන අවබෝධ කරන්න. වඩුගයා යටතේ සිටි සිංහලයා... මුස්ලිම් අය යටතේ වුණත් ඉඳියි. දැන් ඒ අතර බලවේගත් ඔලුව උස්සලා...

:       6       9

fairoosThursday, 11 November 2021 03:42 PM

මෝඩකම පෙන්නන්නේ නැතිව ඉන්න හලෝ...

:       1       3

RoyfedricksThursday, 11 November 2021 07:09 PM

හා හා එහෙම කියන්න එපා... අපේ ගල් බමුණා මහතාට. ඒ මනුස්‍සයා මෝඩකම නැතුව වෙන මොනවා පෙන්නන්නද? උන්නැහේ ළඟ තියෙන්නේ එපමණයි. ඔය වගේ අය අවුස්ස ගන්න එපා. තව 69 ලක්ෂයක්ම ඉන්නවා. බුදුඅම්මෝ එළව එළවා අනියි.

:       1       2

Royfedricks Thursday, 11 November 2021 07:15 PM

හැබෑටම! බලය සීමා කළාද? දැන් එතකොට පල්ලිවලට ගහන්නම බැරිද? මරක්කල කෝලාහල පටන් ගන්න බැරිද? ගැසට් එකේ එ්වා ගැන කියල තියෙනවාද?

:       1       1

BamunuarachchiFriday, 12 November 2021 09:02 PM

මරක්කල කෝලාහල පටන් ගන්නවා නම් අපිට කොපමණ වැඩ තිබෙනවද? කවදා පටන් ගනීවිද? එහෙම කරලාවත් හම්බයි ටික රටින් පන්නාගන්න පුලුවන්නම් අන්න රටට වැඩක් කළා වෙනවා. දැන් ඒ අය ඒ නම් වලින් පෙනීසිටින්නේ නැහැ. දැන් ඉංගිරිස් නම දාගෙන... දැන් මොහොමඩ් ලා පේදිරිස්ල වෙලා. මොකෙන් ආවත් හැරෙන කොට අපි එයාලා හඳුනා ගන්නවා.

:       0       0

sarath perth Thursday, 11 November 2021 08:40 PM

මම හිතාගෙන හිටියේ පිස්සන් ඉන්නේ පිස්සන් කොටුවේ කියා... බැලින්නම් රට කරවන්නේ පිස්සො ටිකක්නේ... ආපසු හැරෙන්... එක තැන කැරකෙන්..

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 44 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 129 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 647 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 60 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 228 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 214 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site