IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


එක් රටක්-එක නීතියක් ගේන්න ඥානසාර හිමි ප්‍රමුඛ බළකායක්

( තිළිණි ද සිල්වා)

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ  සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බලතල අනුව නම් කළ මෙම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර ඇත.

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව නම් කරනු මෙම කාර්යා සාධක බලකායේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහචාර්ය සුමේධ සිරිවර්ධන, එන්.ජී සුජිත් පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානී වෑවල, මවුලවි මොහෙමෙඩ්, කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීල් රහුමාන් සහ අසීස් නිසාර්දීන් යන මහත්වරුන් කටයුතු කරති.

ශ්‍රී ලංකාව තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරි තිබෙන අතර ඊට අමතරව අධිකරණ අමාත්‍යාංශය විසින්  මේ වනවිට මෙයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන ඇත්නම් ඒ  සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරී ඇති තවත් කාර්යය බව ගැසට් නිවේදනයේ  සඳහන් වේ.

කමිටුව විසින් මසකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර මෙහි අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.



අදහස් (97)

එක් රටක්-එක නීතියක් ගේන්න ඥානසාර හිමි ප්‍රමුඛ බළකායක්

ලලිත් අම්බලන්ගොඩ Wednesday, 27 October 2021 09:59 AM

කරනව නම් බොහොම හොද දෙයක්.නැත්නම් වැඩක් නැහැ.මේ රටේ පොලිසියට,අල්ලස් එකට,විගණකාධිපතිට මෙතෙක් එක නීතියක් තිබුණෙ නැහැ.මට හොදට අද්දැකීම් තියෙනව.අපිට අවසානෙදි පිහිට වෙන්නෙ ගරැ අධිකරණය පමණකි. මොනව නැතත් කමක් නැහැ. ඒකත් විනාශ කරන්න එපා හාමුදුරැවනේ.

:       66       126

thiththa eththaWednesday, 27 October 2021 02:55 PM

හදයි බම්බුවක් ජාතිවාදි ආගම් වාදියා තමුන්ගේ නඩු නම් නිදහස් කොර ගනීවි

:       265       107

nimelenWednesday, 27 October 2021 03:07 PM

මෙයා මේ හදන්නේ මේ රටේ මිනිස්සුන්ට සිඟිති ආතල් එකක් දීලා නලවන්න පුළුවන්ද බලන්න.. තවත් ඡන්දයක් ළඟයි වගෙයි. ආයිත් වඳ පෙති කතා එළියට එයි වගෙයි..

:       219       97

BamunuarachchiThursday, 28 October 2021 12:41 PM

ආයිත් මොන බමබුවකටද වඳපෙති? අල්ලා විශ්වාස නොකරන අය මරපල්ලා කියන මොහොමඩ් කාරයාගේ කියමන හොඳටම ප්‍රමාණවත් ඊළඟට වෙන්නේ මොකක්ද කියලා මොලේ ඇති සිංහලයින්ට තේරුම් ගන්න. අපි වඳ පෙතිවලින් කිව්වේ හම්බ ප්‍රහාරයක් එන බවයි. ඒක සිද්ද වුණා..

:       0       0

sisilWednesday, 27 October 2021 04:34 PM

වර්තමාන දේශපාලකයන් සමග එක් රටක්-එක නීතියක් ලංකාවේ ඇති කල හැකිද ?

:       36       6

sisilWednesday, 27 October 2021 10:19 PM

කාර්යා සාධක බලකායට ද්‍රවිඩ ජාතිකයන් වෙනුවෙන් මහාචාර්‍යවරයකු හෝ මධ්‍යස්ථ පුද්ගලයකු පත්කරන්න.

:       7       26

lanka Wednesday, 27 October 2021 10:12 AM

නීතිය පිලිබඳ කිසිම අවබෝදයක් නොමැති අයලුන් මෙවැනි දෙයකට විද්‍යාත්මකව පත්කෙරුවා විය හැක

:       0       0

ජයන්ත මිලානො Wednesday, 27 October 2021 10:22 AM

අස්සයා පැනගිය පසු ඉස්තාලය වැසීම නොහොත් , හොරුන් මිනී මරුවන් නිදහස් වී ගිය පසු. නීතිය ස්ථාපිත කිරිම .

:       321       147

Perera Wednesday, 27 October 2021 10:24 AM

තවත් වැඩකට නැති නාඩගමක්

:       284       181

aseWednesday, 27 October 2021 11:25 AM

ඔබ හරි, මේ කීවැනි ජනදිපති කාර්‍ය සාදක බලකායද .

:       228       114

dayarathna Wednesday, 27 October 2021 10:29 AM

ඒ කියන්නේ අපිට රටකුත් එක නීතියකුත් තිබිලා නැද්ද මෙච්චර කල් ?

:       3       333

Sharn Wednesday, 27 October 2021 11:41 AM

ඒක තමයි, ඇත්තටම තිබිල නැද්ද කොහෙදෝ, අනේ සාදු දැන්වත් එහෙම එකක් ලැබෙයි

:       19       124

අමිල සිං Wednesday, 27 October 2021 01:39 PM

උඩරටට, යාපනයට වෙනස් වෙනස් නීති තියෙන්නේ. මුස්ලිම් යටත් වෙනස් නීති ඇති ලංකාවේ. ඒක වෙනස් කරන එක ගැන වෙන්න ඕනේ මේ කියන්නේ.

:       2       190

JeyanathanWednesday, 27 October 2021 02:04 PM

නැහැ. උතුරේ දෙමළ අයට තේසවලාමෙයි කියලා වෙනම නීතියක්. මුස්ලිම් අයට ශරියා නීතිය. ශරියා නීති ක්‍රියාත්මක කරන්න කාති උසාවි කියලා වෙනම උසාවි තියෙනවා. මේ හදන්නේ ආගම්, භාෂා අනුව වෙන් නොවුණු එකම නීතියක් හදන්න...

:       15       222

kamal Wednesday, 27 October 2021 10:36 AM

ඥාණසාර නීතිපතිද නීති හදන්න ? රට ඉවරයි

:       326       172

BamunuarachchiThursday, 28 October 2021 01:09 PM

උලමෙකුත් එක්ක මණ්ඩලේ තව හම්බයින් හතර දෙනෙක් ඉන්නවා. රටේ අමාත්‍යාංශ 43 හම්බයින් පාලනය කරනකොට ඔහෙට පොඩි ආතල් එකක් තියෙන්න ඇති නේද? අපට තේරෙනවා ඔහේගේ වැරැද්ද කොතැනද කියලා. දැන් එ්ක හදන්න බැහැ. මතක තියා ගන්න රටක නීති හැදෙන්නේ ඒ රටේ සංස්කෘතියත් සම්බන්ධ වෙලා බව. රෝම, ලන්දේසි නීතියේ තිබෙන්නේ කාගේ සංස්කෘතියද? ෂරියා නීතියේ තිබෙන්නේ සම්පුර්ණයෙන්ම හම්බ සංස්කෘතිය. හම්බයෙක් ෂරියා නීති ඉල්ලනකොට ඇහැව්වේ නැහැ නේද අසාද් සාලිද රටේ නීති හදන්නේ කියලා. ඔහේගේ නමින් මට ඔහේගේ ජාතිය හිතාගන්න අමාරුයි.

:       3       2

වර්ණකුලසූරිය Wednesday, 27 October 2021 10:42 AM

මෙවැනි කටයුත්තක් සඳහා සභාපතිකම සුදුසු වන්නේ අපක්ෂපාති පුද්ගලයෙකි. එහෙත් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ හැසිරීම් සළකනවිට එය නිවැරදි විය නොහැකියි. ජනතා අප්‍රසාදයට පත්වි ඇති වර්තමාන රජය ජාතිකත්වය හරහා ගලවාදීමේ කොන්ත්‍රාත්තුව ඥානසාරහිමි බාරගෙන ඇත. ඩඩ්ලි සිරිසේන හාල්මිල පාලනය කරන්නත්, නිශ්ශංක සේනාධිපති හිරේ යවන අය තීරණය කරන්නත් වගේ ඥානසාරහිමි රටේ නීතිය යෝජනා කරන්නා නොවිය යුතුය.

:       287       158

Bamunuarachchi Friday, 29 October 2021 09:42 AM

මෙයා මොනවද මේ දොඩවන්නේ? උලමෙකුත් එක්ක හම්බයින් 4 දෙනෙක් සහිත 13 දෙනෙකුගේ මණඩලයක් පත්කළේ අපක්ෂපාතී වෙන්න තමයි. ඇතිනම් එක්කෙනෙක් පත් කරන්න තිබ්බනේ. රටේ අමාත්‍යංශ 43 හම්බයින්ට යනකොට හම්බයෙක් ශරියා නීතිය ඉල්ලනකොට ඔය අපක්ෂපාතී කතා ඔලුවේ තිබුනේ නැහැ නේද? සිංහල, බෞද්ධයාගේ හිමිකම ආරක්ෂා කරගන්න යනවිට හම්බයින් වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙනවා. වැස්සදාට එළියට යන්න එපා. මොකද මම පතන ඒවා ඉෂ්ට වුණොත්...!

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 27 October 2021 10:52 AM

භික්ෂුවකගේ සිත කය වචනය සංවරය ගැන දහමේ හොඳින් පෙන්වා දී තිබෙනවා.සභාපති උන්නාන්සේ ගරු අධිකරණයේදී විනිසුරු තුමාට බැන තර්ජනය කොට සිරගතවූ සැටි අපහට තාමත් හොඳින් මතකය.

:       297       129

සඳුන් Wednesday, 27 October 2021 10:56 AM

මේකට ඥාණසාර හිමි වගේ උසාවි තුල බන්ධනාගාර තුල අත්දැකීම් ඇති ජනාධිපති සමාවක් යටතේ නැවත සමාජ ගතවූ කලින් අඩුම තරමේ මාර්ග නීති උල්ලනංඝන චෝදනා වක් හෝ නොමැති ආදර්ශමත් පඬි රුවණක් මුල් පුටුවේ තැබීම ජනාධිපතිවරයාගේ තවත් බුද්ධිමත් තීරණයක්. සමහරෙකුට මෙවන් දූරදර්ශී තීරණ නිරතුරුවම ගැනීම ඇතැමෙකු එතුමාට තිබෙන මානසික ව්‍යාධියක් හෝ විදේශීය කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස හෝ හුවා දක්වනු ඇත. තවත් මදි පාඩුවක් වේනම් ජනවර්ග තුලනය සඳහා කන්ජි පාන් ඉම්රාන් තුමාවත් එක්කර ගැනීමත් වඩාත්ම සුදුසුයි.

:       250       115

Hafeel Wednesday, 27 October 2021 11:03 AM

ඒක තමයි කියන්නේ චීනට, ඉන්දියාවට ඇමෙරිකාවටත් රට සම්පත් විකුනණවා. ඉතින් කොහොමද එක රටක් කියල කියන්නේ. අනික එක නීතිය හෝ ක්‍රයාත්මක කරන්න අදාළ ආයතනවල සහ බලධාරීන්ගේ වගකීම මිස මේක බොරු වැඩක්. අද රටතුල ආණ්ඩුවට එරහිව උද්ගතවී ඇති තත්වය වෙන පැත්තට හරවන්න කරන උත්සාහයක් මේක. මේක හරියට පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රයාත්මක නොකර, ඕක අධ්‍යනය කරන්න උග්ගත්කම නැති පිරිසක් පත් කරලා යටපත් කළා වගේ මේකත්. ඒ කොමිසම් වාර්තාවේ චෝදනා කල අයත් මේ කමිටුවට ඇතුලත් කල එක ලොකු විහිළුවක්.

:       230       65

කිරි පුතා Wednesday, 27 October 2021 11:04 AM

හැම දේකම සෘණාත්මකව දැකීම මේ රටේ මිනිසුන් ගේ සාමාන්‍ය සිරිතකි. ඊට ප්‍රධාන හේතුව වන්නේ පක්ෂ බදාගෙන සිටීම විය හැකිය. ඔවුන්ගේ අදහස්වලින් ඔවුනටවත් රටටවත් දියුණුවක් නැත. ජනාධිපති තුමාගේ මේ උත්සහාය සාර්ථක වේවා ! යි පතමු. ඒ ගැන සුබවාදීව සිතමින් අවසන් ප්‍රතිඵල දක්වා උපේක්ෂාවෙන් සිටිමු.

:       90       337

LankaWednesday, 27 October 2021 11:36 AM

ඔයා කලින් ආණ්ඩුවේ වැඩ දිහා බැලුවෙත් එහෙම නේද ? එතකොට උපේක්ෂාවක් තිබ්බද

:       133       55

දොලේවත්තWednesday, 27 October 2021 01:33 PM

කොච්චර පිස්සු කෙලියත් උන්ටම කඩේ යන එක අපේ රටේ සමහර වහලුන්ගේ ගතිය

:       121       60

BamunuarachchiWednesday, 27 October 2021 03:17 PM

සිංහලයෙක්ව දැක්කාමයි. සිංහලයෝත් ඉන්නවා නේද? හොඳයි හොඳයි...

:       30       180

Janaka from MataraWednesday, 27 October 2021 05:35 PM

අපෝයි... ප්‍රාර්ථනය අපේක්ෂාව ... මේ දවස්වල ඔවර් ටයිම් දාගෙන කරන්නේ...

:       55       9

Janaka from Matara Wednesday, 27 October 2021 11:14 AM

දෙමළ මනුස්සයො බෑ කිව්වද, ඔවුන් ගන්න එපා කිව්වද ? මේක තවත් ඇස්බැන්ඳුමක් ද​?

:       214       66

chanaka Wednesday, 27 October 2021 11:16 AM

සර් දැන් ජනාධිපතිකම විහිලුවකට අරන් .එයා මාර ආතල් එකක් ගන්නේ ලබන සැරේ ගෙදර යන්න වෙන බව දැනගෙන

:       213       89

marikkar Wednesday, 27 October 2021 11:23 AM

ආණ්ඩුවේ හැලුව ප්‍රදර්ශනය කරන උච්චස්තම අවස්තාව. එක වර්ගයේ කුරුල්ලෝ එක අත්තේ වහනවාමයි . තුන වසරේ ළමයෙකුට ඔය නායකත්වය ලබාදුන්නානම් මේ සාදුටත් වඩා හොඳටම කරාවි..

:       196       68

Nuwan Wednesday, 27 October 2021 11:32 AM

දැන් හරිනේ .මේගොල්ලෝ, රටේ තියන ටිකත් විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව සර් ගෙන් අරගෙන

:       188       55

Sharn Wednesday, 27 October 2021 11:37 AM

තවත් කොමිටියක්, අනේ මන්ද, හැමදාම අළුත් අළුත් කොමිටි, වාර්තා හදනවා දෙනවා, ඒත් ඇත්තටම ක්‍රියාත්මක වුන දෙයක්නම් නෑ, අන්තිමේට අවුරුදු පහම කොමිටි දාලා විසඳුම් නැතුව, ඒවා ක්‍රියාත්ම කරන්නට බලය ඉල්ලනවා. කවදාවත් නැතිව 3/2 බලයක් තිබිලත් මොනම වෙනසක්වත් කරන්න බැරිද? ඉස්සරලා කෙනෙක් කොමෙන්ට් කරලා තිබුණා මෙච්චර කාලයකට මේ රටේ එක නීතියක් තිබිල නැද්ද එතකොට? අන්තිමට නීති ගේන අයම ලස්සනට නීති නමල තමන්ට ඕනෑ දේ කරගන්නවා, අසරණ ජනතාව

:       167       41

Shan Wednesday, 27 October 2021 12:05 PM

අයෝමා කරුණාකරලා ඔය මනුස්සයාව මානසික වෛද්‍ය වරයෙක් ට පෙන්නන්න

:       187       57

pradeep Wednesday, 27 October 2021 12:07 PM

ඉතාම අසංවර ,සිවුරකුත් දාගෙන සියලුම පව් වැඩ කරන කෙනෙක් කොහොමද මෙවැනි දෙයකට උපදෙස් දෙන්නේ ?අහෝ රටකට ගිය කලක්

:       177       60

mihira Wednesday, 27 October 2021 12:08 PM

අනේ මේ ...

:       111       27

අජිත් වීරතුංග කටාර් රාජ්‍යයේ සිට Wednesday, 27 October 2021 12:23 PM

දැන් ඒකත් හරි... දැන් ලොක් ඩවුන් අපිට බලාගන්න පුළුවන්.. හාමුදුරුවන්ගෙයි, ගෝඨාභයගෙයි වැඩ දැන් අවසන් වෙමින් පවතියි. මේ ගොල්ලෝ යන්නේ යහපාලනය ගියාට වඩා ලංකාව විනාශ කරන්න.

:       134       36

BamunuarachchiWednesday, 27 October 2021 03:00 PM

හැමබයෙක් ශාර්යා නීති ඉල්ලුවාම මේ ගොයියෝ මීක් කිව්වේ නැහැ.. ඇත්තටම මම පාස්කු ප්‍රහාරය ගැන සතුටු වෙනවා.

:       92       3

Lalith Wednesday, 27 October 2021 12:26 PM

සර් දන්නවා චන්ද ගන්න නියම බඩුව සර් චන්ද ආතල් ගන්න දස්සයා කොහොමත්. ඒ උනත් සින්හල ජනතාව මෝඩයෝ උන කාලෙ ඉවරයි

:       116       50

kalyani Wednesday, 27 October 2021 12:31 PM

අනගාරික ධර්මපාල තුමා නාවත් කවදාවත් ලංකාවේ නොයිපද වේවා කියලා පැතුමක් සසර වසන තුරු නිවන් නිවන් දකින තුරු

:       81       26

සිල්වා Wednesday, 27 October 2021 12:47 PM

ජනාධිපති තුමා අතගාපු හැම එකෙන්ම නා ගත්තා . මේ වැඩෙන් ඉහළින්ම නා ගන්නයි හදන්නෙ.

:       115       44

Citizen Wednesday, 27 October 2021 12:48 PM

ඥානසාර හිමි මෙහෙයවන්නේ ගෝටාභය කිය තවත් කියන්න දෙයක්ද​? මේ තීන්දු තීරන ගත්තේ කවදාද​? මෙවැනි දෙයක් සාකච්චා කරනවා කියලාවත් කිසිම පත්තරේක තිබුනේ නැහැ. ඥානසාර හිමි පාර්ලිමේන්තුවට ඇවිත් මාසයක්වත් නැහැ ජනාධිපති කාර්‍යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස පත්කෙරුනා!!. දැන් පාර්ලිමේන්තු වරප්‍රසාදත් තියෙනවා මොනවා කරයි කියලද හිතන්නේ? මහින්ද පැරදුනු දවසේ සිට සෑම පන්සලකටම වට්ටියක් උස්සන් ගිහින් හාමුදුරුවරුන්ට අල්ලස් දී/ ඥානසාර / සිංහල රාවය​/ රාවනා බලය ඩෑන් ප්‍රසාද් වගේ කිසි දේකට නැති අය ලවා රටතුල අතු විශාල මුස්ලීම් විරෝදයක් නිර්මානය කරා. (වඳ පෙති, හලාල්, කාති උසාවි, වඳ කොත්තු, වඳ යට ඇදුම්, මුස්ලීම් කඩ වර්ජණය​) ගෝඨාභයට චන්දේ දුන් 69 ලක්ශයෙන් 90% බලා පොරොත්තුව මුස්ලීම් විරෝධය​. හැබැයි චන්දෙ දුන්නු කට්ටියට​ එක ඉටු උනේ නැහැ ගෝඨාභයගෙන් . දැන් ගෝඨාභයට තියෙන එකම ගැලවීමත් මුස්ලිම් විරෝදය​. එයට හරි වෙලාව තමා දැන් ඇවිත් තියෙන්නේ. ඉතිහාසයා පුරා බහුතරයක් ශ්‍රී ලංකාවේ සිංහලයන්ට ​කාලෙන් කාලෙකට කුමක් හෝ ජාතියක්/ආගමක් සමඟ කෝලාහලයක් ඇති කර යුතුමයි. ඉතිහාසය පුරා සිදුවුනෙත් ඕකමයි. 1983ට පෙර දෙමල කිය කිව්වොත් කපල දුන්

:       244       49

BamunuarachchiWednesday, 27 October 2021 02:53 PM

ඔය පුරවැසියා කව්ද කියලා අපි දන්නවා.(වඳ පෙති, හලාල්, කාති උසාවි, වඳ කොත්තු, වඳ යට ඇදුම්, මුස්ලීම් කඩ වර්ජණය) ඔය ඔක්කොම රටේ වෙන්නේ මොනවද කියා නොදැන ගොරෝද්දේ ඇද ඇද බුදියන සිහලයා අවදිකරන්න අපි කියපුවා. පොඩිලමයි භය කරන්න ගෝනි බිල්ලා ගැන කියනවා අහල නැද්ද? දැන් අපිට වඳ පෙති, හලාල්, කාති උසාවි, වඳ කොත්තු, වඳ යට ඇදුම්, මුස්ලීම් කඩ වර්ජණය කියන්න ඕනේ නැහැ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිංහලයා, හම්බයා කවුද කියලා දැනගත්තා. තාමත් හම්බයින්ගේ කරට අත දාන සිංහලයෝ ඉන්නවා. හම්බ කඩ වර්ජනය දිගටම කරනවා. දැන් අපි ඉල්ලන්නේ ඔහෙලා බුරුතු ගණන් වදලා අපි අපේ සිංහල දරුවන්ට අපි ඉතිරිකරන සම්පත් ඔබලාගේ දරුවන්ට භුක්ති විදින්න දෙන එක නවත්තන්න නීති ගෙනෙන්න කියලා.

:       175       73

CitizenWednesday, 27 October 2021 04:13 PM

ඒකේ මහ මොලකරු අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන රුහුණේ සිංහලයින් සෙට් එකක්... තමුන් කහින්නේ ඔවුන් වෙනුවෙන් තමයි..

:       171       20

Alfread de CostaWednesday, 27 October 2021 06:21 PM

එතකොට සිටිසනෝ, අර වෙන රටවල් වල ක‍තෝලික අයටත් බෝම්බ තිබ්බෙ එයාද, අර බස් වලින්, ලොරි වලින් කාර් වලින් යට කරල අහිංසක යුරෝපා ජනතාව මැරුවෙ, නවසීලන්තෙ ශොපිං මෝල් වලට පැනල මිනී මැරුවෙ රුහුනේ එකාද? මේ ලඟදි දුන්නෙන් විදල මිනී මැරුවෙත් රුහුනෙ එකාද? උඹල තාම පාඩම් ඉගෙනගෙන නෑ. ඔහොම යංකො.

:       1       26

marikkarWednesday, 27 October 2021 06:27 PM

මුළු රටටම අඹ සරණයි... ශ්‍රී ලංකාවේ පවතින සියලුම ආගමික විශ්වාසයන් සම්පූර්ණයෙන්ම විනාශ කරමින් අතුගා දැමීමට අදේවවාදීන්ගේ කුමන්ත්‍රණයක්... මෙම ව්‍යාපාරයට නායකත්වය ලබාදීම විමතියට පත්විය යුතු කරුණක් නොවේ..

:       87       11

BamunuarachchiFriday, 29 October 2021 09:33 AM

මේ පුරවසියා කතා කරන්නේ එයාගේ වර්ගයා වෙනුවෙන්...

:       0       0

BamunuarachchiFriday, 29 October 2021 01:33 PM

සිටිසනා ෂුවර් මුස්ලිම් කෙනෙක්...

:       0       0

fairoos Wednesday, 27 October 2021 01:02 PM

800 වාරායක් බන කියපු එකට හම්බවුනා එහෙනම්

:       251       35

BamunuarachchiWednesday, 27 October 2021 02:43 PM

නැතුව හමබයෙකුට මෙරටේ නීති හදන්න දෙන්නද? මෙතන ලියන බොහොමයක් සිංහල ගොබ්බයො හමබයෙක් ෂර්යා නීති ඉල්ලනකොට මීක් කිව්වේ නැහැ.

:       34       168

fairoosWednesday, 27 October 2021 05:30 PM

මෙන්න නියම බමුණා ඇවිල්ලා අදහස් ලියන්න... ළඟදීම හොඳ කෑමක් හම්බවෙයි..

:       92       16

දිනේෂ් Wednesday, 27 October 2021 10:24 PM

අලි සබ්‍රි අධ්කරණ ඇමති නෙවෙයිනෙ

:       29       5

KapilaThursday, 28 October 2021 02:35 AM

ලංකාවට ඕනේ ෂරියා නීතියක් තමයි.... බලනවකො මිනිස්සු කරන අපරාද.... තමුසේ හම්බයා කියලා අපහාස කරාට හම්බ රටවල් වලින් ණය ගන්න හොදයි.. තමුසේ සිංහල බෞද්ධ මිනිස්සුන්ට ලැජ්ජාවක්

:       47       9

BamunuarachchiThursday, 28 October 2021 01:51 PM

හැමබ්යෙක් සිංහල නමකින් ඉන්නවා වගේ. තමුසේ ඉස්සෙල්ලම ඉගෙන ගන්නවා මුස්ලිම් කියලා ජාතියක් නැහැ. බෞද්ද කියලා ජාතියක් නැහැ, ක්‍රිස්තියානි කියල්ල ජාතියක් නැහැ. අපිට මුස්ලිම් කාරයින් එක්ක තිබෙන්නේ ආගම් වාදයක් . එක හිතට අරගෙන තමුසෙගෙ කමෙන්ට් එක අලුත් කරනවා. ඊට පස්සේ මම දෙන්නම් .

:       6       1

සිරිබිරිස් Wednesday, 27 October 2021 01:14 PM

අනේ හාමුදුරුවනේ ! කරුණාකරල බණක් භාවනාවක් කරගෙන පන්සලකට වෙලා ඉන්නවද . මෙන්න වැන්දා . බුදුහාමුදුරුවෝ ඕවා කරන්න කියල නැහැනෙ .

:       191       40

C.K.Lankaputhra Wednesday, 27 October 2021 01:40 PM

ඇත්තටම මුන්ට පිස්සුද? මට නං මේ ගැන කිසිම සැැකයක් නෑ. ඔබටත් එසේමද?

:       142       25

saman Wednesday, 27 October 2021 01:41 PM

රටේ නීතිය ,උගතුන්ගේ නිර්දේශ අනුව ඔය චයිනා වලින් ආව පොහොර නැව ආපසු යවන්නකෝ නිවට නොවී ,මෙරට අනාගත පරපුරට හොඳ රටක් විදියට භාර දෙන්න

:       161       19

DM Wednesday, 27 October 2021 01:58 PM

කවද්ද ඔය ගැසට් එක රිවර්ස් කරන්නේ?

:       156       34

wijeWednesday, 27 October 2021 02:42 PM

අපි බලයට ආපු ගමන් ඔය ඔක්කොම කණපිට හරවනවා නම් ඕකුන් ඔක්කොටම ගහලා එලවනවා ,එලව එලවා ගහනවා

:       132       23

පැරකුම් Wednesday, 27 October 2021 02:30 PM

කියන්න තියන දේවල් එක්කොම කට්ටිය කියල නේ. මට කියන්න තියෙන්නෙ එකයි. ඔය බුද්ධිමත් සාමාජිකයින් ටික හිතට එකගව ක්‍රියා කරනව නම් වහාම ඉල්ලා අස්විය යතුය.

:       135       18

Bamunuarachchi Wednesday, 27 October 2021 02:34 PM

අපේ හාමුදුරුවනේ එකම නීතියක් කියලා ෂර්යා නීති ඇතුලත් කරන්න දෙන්න එපා. එකම නීතියල් කියලා බුරුකා දමන්න ඉඩ දුන්නොත් අපේ සිංහල ගහනුන්ටත් බුරුකා දමන්න වෙනවා. ඒ නිසා බුරුකා , හරක් මැරීම, පව්ලේ ළමයි 2 දෙනාට වැඩිනම් නොමිලේ අද්‍යාපන, රජයේ රැකියා පහසුකම් දීම නවත්වන්න. එම නීතිවලට අකමැති සුලුජාතිකයින් ඉන්නවානම් කැමති තොටකින් තොලොංචි වෙන්න සලස්වන්න. සිංහල බෞද්ධ අපි ඔබ සමගයි.

:       60       110

ලංකා Wednesday, 27 October 2021 04:44 PM

ඔව් ඔව්... පාස්පෝට් ඔපිස් එකේ පෝලිම් දැක්කම පේනවා කැමති තොටකින් තොලොංචිවෙලා යන්න හදන්නේ කවුද කියන එක...

:       24       5

BamunuarachchiFriday, 29 October 2021 01:49 PM

ඔව් ඒ යන්නේ සිංහලයින් ඔවුන්ට මෙරටට යන්න එන්න හොඳට නිදහස තිබෙනවා.. ඔබ හිතනවද හම්බයෙක් මෙරට දාලා යයි කියලා... සිංහලයාගේ බදු මුදලින් පිනට කන්න සව්දි අරාබියේ ඉන්දියාවේ ලැබෙන්නේ නැහැ. පින් අධ්‍යාපනය, වෛද්‍ය පහසුකම් ලැබෙන්නේ නැහැ.. අපේ දරුවන්ට අපි ඉතිරිකරන සම්පත් මොවුන් භුක්ති විඳිනවා. ඉතින් හම්බයින් කොහෙද පාස් පෝට් කන්තෝරු එන්නේ...?

:       2       1

Bamunuarachchi Wednesday, 27 October 2021 02:39 PM

මට හිතෙනවා ලංකාවේ පුත්තරයින් කියා ගන්න අයට පිස්සු කියලා. එතකොට අර හමබයෙක් ශර්යා නිතී ඉල්ලනකොට නිශ්ශබ්දව බලන් ඉන්න එකාට පිස්සුනම් මට හිතෙනවා මගේ කීම හරි කියලා.

:       28       94

Asanga Wednesday, 27 October 2021 02:51 PM

කමෙන්ට් වලට දාන ඩිස්ලයික් වලින්ම පේනවා තවමත් අපේ රටේ වැඩි හරියක් ඉන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදකින හරකා ටිකක් කියලා

:       220       20

බද්රානිWednesday, 27 October 2021 09:00 PM

අසංග මනත්තයෝ, ඔය ඩිස් ලයික් පින්ගුත්තරයෝ රැල ගැන මටත් පොඩි විචිකිච්චාවක් තියනවා. ආයේ ඉතින් අමුතුවෙන් ලියන්න ඕනා නැහැනේ, දන්නවනේ, රැකියාවක් නොකර රට ගැන පම්පෝරි ගහමින්, පිනට බඩ පුරෝගෙන, රෙද්ද උස්සගෙන පුප්පන්නේ කවුද කියලා? බුද්ධිමත් සිංහල, දෙමල, මුස්ලිම් ජනතාව එකට එකතුවී මේ සමාජ පිලිලයන් මේ සමාජයෙන් අතුගා දැමිය යුතුයි. මේ රටේ හොර තක්කඩි පාලකයින් අන්තවාදී ආගමික කල්ලි දෙකක් පෝෂණය කළා. ජාතිය වර්ග දෙකක් උවත් එකම වර්ගයේ තලිබාන් කල්ලියක් බව මේ රටේ ප්‍රඥාවන්ත ජනතාව දැනටමත් තේරුම් ගෙන හමාරයි. මට නම් හිතෙන්නේ මේ සියල්ලන් ස්වභාව ධර්මය විසින්ම විනාශ කරන දවස වැඩි ඈතක නැහැ කියලයි.

:       49       9

siri Wednesday, 27 October 2021 03:05 PM

කටවල් වහන කාර්ය සාධක බලකාය කීවා නම් නේද හරි...

:       120       19

Bamunuarachchi Wednesday, 27 October 2021 03:11 PM

හැමබයෝ මෙරටට කිසිම කර්මාන්තයක් කෘෂිකර්මයක් ගෙනාවේ නැහැ ආවේ හිස් අතින් ගම්මිරිස් හොයාගෙන. ඇවිත් සිංහලයාගේම නිෂ්පාදන අඩුමිලට අරගෙන සිංහලයාටම වැඩි මිලට විකුනලා පොහොසත්වෙලා සිංහලයා ගේම ඉඩකඩම් අයිතිකරගත් බව නොදකින පාහර සිහලයෝ තවමත් මෙරටේ ඉන්නවා. මොවුන් හිතා ගෙන ඉන්නේ හමබයින් නැතිව අපිට මෙරටේ ජීවත් වෙන්න බැහැ කියලා. අපිට දෙමල මිනිස්සු සමග ජීවත් වෙන්න පුළුවං, මොකද ඔවුන්ගේ සංස්කෘතිය අපේ සංස්කෘතියට ගැලපෙනවා. හම්බ සංස්කෘතිය අහසට පොලව වගේ වෙනස්. මෙරටට ගැලපෙන්නේ නැහැ.

:       75       95

මැදමුලන බැළයාWednesday, 27 October 2021 10:08 PM

මැදමුලන පරික්ෂණාගාරයේ නිෂ්පාදිත ජාතිවාදී එන්නත් මාත්‍රා බමුණුතුමා ලබාගෙන ඇති බවක් පේනවා. මැදමුලන රාජපක්ෂලාගෙන් තොරව ලොවක් නොදකින වහල්ලු වෙනුවෙන් ළග එන මැතිවරණයට පෙර නිෂ්පාදනය කරන නව එන්නතද තවදුරටත් ලබා ගැනීමට උගත් බමුණාගෙන් අපි ඉල්ලා සිටිමු.

:       47       6

Bamunuarachchi Wednesday, 27 October 2021 03:23 PM

ඒ කියන්න 2019 අප්‍රේල් 21 ඔහෙලා පෙන්නනපු හම්බ හෙළුව බල බල ඉන්න කියලාද කියන්නේ? රික්කාර්

:       45       36

Bamunuarachchi Wednesday, 27 October 2021 03:30 PM

මේ රජය පත් කර ගත්තේ ලාබෙට කන්න නොවෙයි කියලා පුන පුනා කියන්නේ ඕකයි අපේ හාමුදුරුවනේ.

:       27       17

Bishan Wednesday, 27 October 2021 03:46 PM

රටට අබ සරණයි. කොන්ත්‍රාත් ජාතිවදියෝනේ දැන් මේ රටේ නීතී හදන්නේ... අඩුම ගානේ නීතිය කියන්නේ මොකක්ද කියලවත් දන්න කෙනෙක්ද?

:       132       24

දර්ශණ Wednesday, 27 October 2021 03:59 PM

හොඳ වැඩක්...

:       18       156

ගරාජ් මාටිං Wednesday, 27 October 2021 04:15 PM

ජනාධිපති කාරක සාධන බලකාය...

:       52       7

ලංකා Wednesday, 27 October 2021 04:40 PM

මේක මාර වැඩක්නේ ... කොමෙන්ට් වලින් 95%කම අප්‍රසාදය පලකරපුව... හැබැයි අන්ලයික් වැඩියි.

:       50       2

nanda Wednesday, 27 October 2021 04:54 PM

අනේ දැන්වත් බොරුව අතහැරලා ජනතාවට දැනෙන සහනයක් දෙන්න... නැතිනම් 1977දී වූ දේ වෙන්නේ... ආපසු ආත්මෙකට බලේට එන්න බැරිවෙයි...

:       60       12

thilak Wednesday, 27 October 2021 05:10 PM

අර කොටුවේ උන්නාන්සේත් ඕකට දා ගත්තා නම් හොඳ නැද්ද?

:       87       26

බද්රානි Wednesday, 27 October 2021 06:26 PM

වැඩිපුර කතා අවශ්‍ය නැහැ... අශිෂ්ඨයින්ගේ රටේ කරලියේ සිටිය හැක්කේ ඊට ගැලපෙන අමනයින්ට මිස, ශිෂ්ඨයින්ට නොවේ. හයිටිය, ඇෆ්ගනිස්තානය, සිරියාව, මියන්මාරය වැනි මිලේච්ජ අඥාන ජාතීන් ජීවත් වෙන රටවලට අද අත්වී ඇති ඉරණම මේ අයගේ පාරාදීසයටත් අත්වෙන බව සක්කරයාටවත් වළක්වන්න බැහැ. කොහොමත් රටට බරක් වූ මේ රටේ පිම්පියන් රැල මේ රට විනාශ කළා. එක අතකට ඉතින් දරුමල්ලෙක් නැති එලොවටත් නැති, මෙලොවටත් නැති පාපතරයින්ට මොන ලෝකයක්ද? බඩ පැලෙන්න කාලා බීලා පාලකයින්ට ආවඩමින් ජීවත් වෙනවා හැර?

:       140       26

ganegodaWednesday, 27 October 2021 07:15 PM

අපි ඔබගේ අදහස් ඉතා අගයකොට සලකමු.

:       45       4

nimalWednesday, 27 October 2021 08:13 PM

මියන්මාරයේ ඉන්නේ ම්ලේච්ඡ අයද?

:       0       25

බම්බු ආරච්චි. Wednesday, 27 October 2021 06:27 PM

බම්බුආරච්චි හිතන්නේ එයා කියන ඔක්කොම දේ හරි අනිත් හැමෝම වැරැදියි කියලා. එක නීතියක් කොහේද තියෙන්නේ..? තමන්ගේ අය මිනීමැරුමක් කරලා හිරේ ගියත් බේරාගන්නවා. නඩු නිදොස්කොට නිදහස්. පොහොර නැහැ. සීනි නැහැ. හාල් ගිනි ගණන්. පිටි ඇතුළු සැමදේ ගිනි ගණන්... ජනතාව හිඟා නොකා හිඟා කනවා. නූගත් මෝඩ රැළක් පිස්සු කෙළිනා විට ඒවා හොඳයි කියනා බම්බු ආරච්චිලා තරම් ගොබ්බයින් තවත් ඉන්නවද? එහෙව් බම්බු ආරච්චිලා සරම ඇඳන් ඔලුවෙන් හිටගෙන පිස්සුවෙන් මෙන් බෙරිහන් දෙනවා. තමන්ගේ නිරුවත පෙනිලා මිනිසුන් හූ කියනා බව මේ ගොබ්බයන්ට පේන්නේ නැහැ. චික් විතරක්.. මෙහෙව් නොසණ්ඩාලයින්..

:       34       26

ගමේ එකාලා.Wednesday, 27 October 2021 11:12 PM

බමුණු ඉන්නේ මොලේ උඩ. එක රටක්. දුශිත පවුල් පාලනයක්. අපේ රටේ යුක්තිය නීතිය සාදරනය මුලුමනින්ම විනාශ කෙරුවේ පවුල් පාලනේ අය. මේ රටේ නීතිය දේශපාලුවන්ට වලංගු නැහැ. ඒකයි ඇත්ත.

:       19       6

BamunuarachchiFriday, 29 October 2021 02:07 PM

ගමේ එකා ඉන්නේ මායිම් ගම්මානයකද? නැති නම් හම්බ ගමකද? මේ දූෂිත පවුල් රට රැක දුන්නේ නම් වලලපු තැන්වල ප්‍රභාකරන් තෝස කඩ දාලා....

:       2       0

menna Wednesday, 27 October 2021 07:42 PM

ලංකාවට එක් රටක් එක නීතියක් ගේන්න නඩු අහන්න එක භාෂාවක් තිබුනොත් හොඳයි. භාෂා කිහිපයකින් නඩු ඇසීමෙන් එක රටක් එක නීතියක් ගේන්න ප්‍රයෝගික කරගන්න බැරිවෙනවා. සිංහල ක්‍රියාපද මුලික භාෂාවක්. අනෙකුත් භාෂා බොහෝදුරට නාමපද මුලික භාෂා. එමනිස එකම නිතිය වුවද මිනිසුන් විසින් නීති තේරුම් ගන්නේ ​විවිධාකාරයෙන්. ප්‍රථමයෙන් ලංකාවට එක රාජ්‍ය හා පරිපාලන භාෂාවක් තිබුනොත් හොඳයි. අනෙකුත් භාෂා විදේශ වෙළඳ කටයුතු සන්දහා යොදා ගැනීමට තිබුනොත් හොඳයි.

:       0       29

Kumara Wednesday, 27 October 2021 07:49 PM

දැන් ඇති ඔය බයිලාව වාදනය කළා

:       42       0

Rohana Wednesday, 27 October 2021 10:15 PM

නීතියක් රීතියක් සදාචාරයක් නැති හොරකමට හුරුවී ඇතිරටක එකරටක් එකනීතියක් ඇතිකරන්න ඥානසාර හිමිට භාරදීල බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ?

:       27       5

බළලා Thursday, 28 October 2021 01:41 AM

බළලා පැන්න මල්ලෙන් එලියට

:       22       3

Demuni Uduwara Thursday, 28 October 2021 04:03 AM

නීතිපතිවරයාගේ ප්‍රයෝජනය කුමක්ද? ගෝඨාභය ඔවුන්ගේ වැටුප් ගෙවනවාද? රියල් ජෝකර්!

:       15       3

Chandima Thursday, 28 October 2021 06:21 AM

කොහොම හරි ජාතිවාදී හැඟීමක් ඇතිකරලා ඡන්දේ දිනවලා දෙයිද.?

:       14       3

BamunuarachchiFriday, 29 October 2021 01:54 PM

අපේ රටින් 2/5 ඉල්ලනකොට සිංහල අපිට නම් ජාතිවාදී හැඟීමක් එනවා. දෙමළාටත් ජාතිවාදී හැඟීමක් එනවා.. එ්කනේ ඔවුන් රටෙන් 2/5 ඉල්ලන්නේ... ජාතිවාදයක් හිතට නොඑන්නේ ජාතියක් ජන්මයක් නැති කෙනෙකුට. අපිට මුස්ලිම් අයත් එක්ක ජාතිවාදයක් නැහැ මොකද.. මුස්ලිම් කියලා ජාතියක් නැහැ ආගමක් තිබෙන්නේ... අපිට ඔවුන් සමග තිබෙන්නේ ආගම් වාදයක්. තේරුණාද ගොයියෝ..?

:       2       0

සුරනිමල Thursday, 28 October 2021 06:25 AM

එකම රටක් එකම නීතියක් කියන එකේ අදහස එක් එක් ජන කොට්ටාසවලට වෙනත් නීති අයින් කර එකම නීතියක් ගෙනෙන එක විතරක් නෙමෙයි, සෑම පුරවැසියෙකුටම එකම නීතියක් කියන එකත් වැදගත්. එක්තරා දමිළ රජු කෙනෙක් තමාගේ පුතාට අශ්ව කරත්තය කකුල් දෙක උඩින් දක්කලා දඬුවම් කරපු කතාවක් අහල තියෙනවා මම ලංකා ඉතිහාසේ.

:       32       14

BamunuarachchiThursday, 28 October 2021 12:56 PM

එතකොට මේ සිංහල බෞද්ද රටේ තිබෙන්නේ කොයි රටෙන් ආපු නීතියක්ද? ඒ අතරටද රටේ 9% ඉන්න හමබයෝ ශාර්යා නීතිය ඉල්ලන්නේ. එතකොට 75% බෞද්දයෝ ඉන්න රටේ බෞද්දයිනට ගැලපෙන නීති හොන්ද නැද්ද? හරක් මරන්න තහනම් කියන නිඉතිය රටට ගැලපෙන්නේ නැද්ද?

:       0       0

Buddika Thursday, 28 October 2021 06:31 AM

එක රටක් තිබ්බට නීති ගොඩයි .තමන්ගේ මිනිස්සුන්ට නීතිය යනු පාලකයාගේ කැමැත්ත වෙලා .අනික මේ හාමුදුරුවෝ නීතිය උල්ලංගනය කල කෙනෙක් සහ නීතියෙන් දඬුවම් ලැබූ කෙනෙක් .එහෙම කෙනෙක් කොහොමද මේ තැනට පත් කරන්නේ ?ආණ්ඩුවට කඩේ ගිය නිසා වෙන්න ඇති

:       29       4

C.M. Madduma Bandara Thursday, 28 October 2021 07:29 AM

ඉපැරණි රුහුණු, මායා සහ පිහිටි "ත්‍රී සිංහලේ" ආකෘතිය අනුගමනය කරන්න. මෙමගින් ජාතික සමගිය සහ දිගුකාලීන ස්ථාවරත්වය සහතික කළ හැකිය.

:       24       1

kewin Thursday, 28 October 2021 01:24 PM

ලොක්කාට බැරි දේ සිල්වත් උත්තමයන් ලවා කරවන්නේ ඇයි? එක රටකට එක නීතියක් ක්‍රියාත්මක කිරීම පොලිසියටනේ භාර? පොලිසිය හරියට මෙහෙයවලා හාමුදුරුවන්ට පන්සලේ වැඩටික කරගන්න දුන්නම ඉවරයිනේ.

:       24       2

ranil Thursday, 28 October 2021 05:58 PM

ඔය බමුනු ආරච්චි කියන්නේ ඔන්න මෙන්න ඉන්න විශ්‍රාම ගිය පොරක්... මුණුබුරෙක්වත් හිටියා නම්, ඔය විදිහට බැලයෙක් වෙලා මෙතන පැය ගණන් කොටන්නේ නෑ.. මම හිතන්නේ තනියම ඉන්න මොන්ගල් පොරක්.. පව් වැඩේ... හිතින් පැසවනවා...

:       13       3

BamunuarachchiFriday, 29 October 2021 01:41 PM

දේශපාලනය, රටේ ඉතිහාසය, රටට තිබෙන හම්බ බලපෑම්, දෙමළ බලපෑම් ගැන දන්නේ වයසින් වැඩි හිතින් තරුණ තාමත් කඩුවක් උස්සන්න පුළුවන් බඩු. දැන් ඉන්න කොල්ලන්, තරුණයින් කියන වයසින් අඩු සිතින් වයස තුවක්කුවකට පතොරමක් දා ගන්න පුළුවන්ද? මොන නමින් හිටියත් අපිට හම්බයින් හඳුනාගන්න පුළුවන්. තනියම තමයි ඉන්නේ... ජෝඩුවම එන්න මේ පැත්තේ...

:       2       0

Bamunuarachchi Friday, 29 October 2021 01:30 PM

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, ශ්‍රී සරණංකර හිමි, දවමොට්ටවේ අමරවංශ හිමිවරු වැනි බොහෝ හිමිවරු පැත්තකට වෙලා නම්, භාවනා කළා නම් මේ වෙනකොට සිරිබිරිස් කෙනෙක් නැහැ.. එහෙනම් මෙතැන කමෙන්ට් කරන්නේ එක්කෝ සින්නලිංගම් කෙනෙක්, නැතිනම් මොහොමඩ් ලෙබ්බේ කෙනෙක්... බෞද්ධ ශාසනය රකින හාමුදුරු ගොල්ලන් වෙනයි.. බෞද්ධයා නිවන් මගට යොමු කරන හාමුදුරුවරුන් වෙනයි. ඔබ බෞද්ධයෙක් නම් පටලවා ගන්න එපා. ඔබ මුස්ලිම් නම් නොදන්නා දේවල් කතා නොකර ඉන්න.

:       3       0

පාසැල් දරුවා Friday, 29 October 2021 07:47 PM

කලබගෑනි වැඩි පංතියක විනය අඩුම දරුවා පංතියෙ මොනිටර් බවට පත්කිරීම ඉතා හොද විනය පාලන ක්‍රමයක් කියලයි ගුරුවරු කියන්නෙ. අපේ රටත් ඒ වගේ පංතියකට සමාන කරනව වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 400 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 832 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 971 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 675 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 180 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1832 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site