
(අංජුල මහික වීරරත්න)
පක්ෂ නායකත්වයන් ගැන නොසිතා සජබ එජාප සියලු දෙනා එක්ව වැඩ කර ජයග්‍රහණය ලබාගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග පළාත් පාලන නියෝජිත පිරිසක් හමුවේ පැවසීය.
කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයට පැමිණි කඩුවෙල ආසනයේ සජබ පළාත් පාලන නියෝජිතයෝ පක්ෂ දෙකේ එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ,ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහත්වරුද සජබ පළාත් පාලන ආයතන නියෝජිතයෝද සහභාගී වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ මෙම එකතුව රටට හොඳ අවස්ථාවක් බවයි. 1991දී දෝශාභියෝගයෙන් පක්ෂය දෙකට කැඩෙන්න තිබූ නමුත් ප්‍රේමදාස ජනාධිපතිතුමාට ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමේ වගකීම තමා බාර ගත් බවයි.
තලතා අතුකෝරළ මහත්මියගේ සහෝදරයාත් තමාට එදා උදව් කළ අතර දැන් තලතා අතුකෝරළ මහත්මිය සියලු පාර්ශ්ව වලට කතා කොට පක්ෂ එකතු කිරීමේ වගකීම බාරගෙන තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා අයින් වුණා නම් ඔය ඔක්කොම ප්‍රශ්න විසඳන්න පුළුවන්...
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කිව්වානේ... ඊට නරකද කකුල් මාට්ටු නොදා වැඩකර ජයගමු කිව්වා නම්...
රනියා හිතන්නෙම පක්ෂයේ නායකකම ගැන. අනිත් අයට බණ කියනවා.
දැන් අපට වැටහෙනවා... ඔබතුමා හිටියා නම් හොඳයි කියලා... මෙයාලා බොරු කාරයෝ... නිකන් පෙට්ටි කඩයක් වත් කරපු නැති මිනිස්සුන්ට අපි ඡන්දය දීලා කෙළවා ගත්තා.
මේ වගේ දුර්වල මිනිහෙක් දේශපාලනේ ඉඳලාම නැතිව ඇති.. ගොළු නැති නිසා කයිය ගහනවා.. එච්චරයි.
මේක මහ කරදරක් වුණානේ...
මෙතුමාට වගා සංග්‍රාමයක් වගේ කරලා රට දියුණු කරන්න ඉඩදෙන්න. ජනගහන ප්‍රශ්නයටත් විසඳුමක්...
රනිල්ට කවුරුවත් එක්ක එකට වැඩ කරන්න බැහැ බලයට පෙරේතයි, සිරිසේන සමග කරපු යහපාලන දිගේ තමයි එකට හොඳම උදාහරණේ, ටික දවසක් යනකොට අනිත් ඔක්කෝම හලලා එයාට ඔක්කෝම බලය රැස්කරගන්න තක්කඩි වැඩ කරනවා...
මෙයාලා අවුරුදු ගාණක් එකතුවෙලා කෙරුවේ හොරා කාපු එක... ජනතාවට ගින්දර දීලා කිසිම විනයක් නැහැ. නීතියක් නැහැ. පාතාලේ අය වටකරගෙන හරියට ලෝකෙන්ම සල්ලිකාර රට පාලනය කෙරුවා වගේ ආරක්ෂකයෝ 200ට වැඩියි. හොරා කන හින්දා බයයි. මේ සේරම බර ජනතාව පිට පටවලා දැන් එකමුතුකම ගැන කියන්න එනවා. වීජේවීර කාලේ මේ රට ඒ කට්ටියට බාර දුන්නා නම් අද මේ රට මුලු ලෝකෙම ඉහළින්ම වැජඹෙන ලස්සන පෝසත් රටක්... මෙයාව කූඩුවට දාන්න..
පහුගිය කාලවල තමුන්ගේ කෙරුවාවල් අපි හොඳාකාරවම දැක්කා. අසමගි ජනබලවේගය එක්ක වැඩ කරන එක හීනයක්...!
එජාපයට සහ සජබෙට ඡන්දයකින් බලයට පත්වෙන්න පුළුවන් වන්නේ, රනිල් දේශපාලනයෙන් සදහටම සමුගත් දවසටයි...
ඔයා තමයි සියලු ප්‍රශ්න වලට හේතුව ඔයා ගිය දවසට ඔය පක්ෂ දෙකේ සියළු අර්බුද ඉවරයි... ඒක නිසා දැන්වත් අයින් වෙන්න...!
අපේ සලිල් නාස්ති කරගෙන ජිම් කාටර් ගෙ අවමගුලට යන්නෙ නැතෙයි? නරුමයා
ඔබ unp එකෙන් ඉවත් වෙන්න. නැවත පක්ෂය බැබළෙනු ඇත
මූ චන්ද 20ක් විතර පරාජයට ලක්වෙලා නායකත්වයේ ඉන්න ගමන්, අනෙත් අයට කියනවා නායකත්වය ගැන හිතන් නාහ්ටුව එකතු වෙන්නලු... ඉස්සර තමන් ආදර්ශයක් දෙන්න ඕනේ. ඕකෙන් ඉවත් වෙලා
මැතිවරණ පරාජය වෙනවිට සමගිය හා පෙරමුණු මතක්වෙනවා. මැතිවරණයෙන් රනිල් දිනුවනම් සමගිය ගැන කතා නෑ. මේවාට කියන්නේ හතුපිපෙන පෙරමුණු මිසක් ප්‍රතිපත්තිමය වශයෙන් එකතුවන පෙරමුණු නොවෙයි.මේකෙ තහනම් වචනයකුත් තිබෙනවා. ඒක තමයි එජාප නායකත්වය ඉල්ලීම.