
(අංජුල මහික වීරරත්න)
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
මේ තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ඡාවකදී ය.
එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ ඉහත තීරණය එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (12) පැවැති සංවිධායකවරුන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේ දී ප්‍රකාශයට පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය ඇතුළෙත් සමගියක් නැතුව එ.ජා.පෙ.ට එකතුවෙන එක හීනයක් විතරයි. පක්ෂ නායකයන්ගේ කෙරුවාවල් ගැන රටම දන්නවා
ඒක හරියට ලොම් හැළුණු නාටු ගැහිච්චි බලු කුක්කෙක් කේසර සින්හයෙකුට අවස්ථාවක් දුන්නා වගේ ජෝක් එකක්. unp එක නන්නත්තාර වෙලා ජන ආකර්ශනයක් සහිත සියලුම නායකයෝ අහිමි වෙලා තියෙද්දී තවත් හිතේ ලොකුකම. ඉන්න නායකයෝ කියාගත්තු හැම මිනිහෙක්ම unp එකට වල කපන්න නායකත්වය දීලා තමන් කෙලවාගත් අතර පක්ෂයටත් කෙලවපු එවුන්. මේක හරියට බන්කලොත් වෙලා තුන් වේල කන්න නැතිව ඉද්දිත් ලොකුකම ඉවර නොවිච්චි වලව්කාරයා වගේ. Unp එකට සජබෙ පළාතටවත් යන්න බෑ...
අපිත් නො ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ දෙගොල්ලන්ම සෙට් වෙන ඒ සුන්දර මොහොත කොයි වෙලේ උදාවෙයිද කියලා? මහා හයියෙන් සාදුකාරයක් දෙන්න...