
(අංජුල මහික වීරරත්න)
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපනය කිරීමට අවශ්‍ය ගොඩනැගිලි සංකීර්ණ ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2023 අයවැය යෝජනාවකට අනුව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපනය කර ඇත.
ඒ අනුව, එම වර්ෂයේදී වෙන් කරන ලද රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන යොදවා, විශ්ව විද්‍යාලයේ ඇති ගොඩනැගිලි භාවිත කරමින් හා නවීකරණය කර ගනිමින් මේ වන විට සිසුන් 80 දෙනකු බඳවාගෙන ඇති අතර, පළමු සහ දෙවන අධ්‍යයන වර්ෂයන් ක්‍රියාත්මක වෙමින් පවතී.
නමුත් අවශ්‍ය දේශන ශාලා, පරිපාලන ගොඩනැගිලි සහ පූර්ව සායනික ගොඩනැගිලි මෙතෙක් ඉදිකර නොමැති වීම හේතුවෙන් එම වෛද්‍ය පීඨයේ කටයුතු විධිමත්ව පවත්වා ගෙන යාමට බාධා පැමිණ ඇත.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමිය තුළ දේශන ශාලා ද ඇතුළුව පූර්ව සායනික ගොඩනැගිල්ල සහ අත්‍යවශ්‍ය පරිපාලන ගොඩනැගිල්ල ඉදි කිරීම පිණිස අවශ්‍ය පිරිවැය රුපියල් මිලියන 2,149 ක් වශයෙන් ගණනය කර තිබේ. ඒ අනුව, මෙම වසර තුළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර, අවශ්‍ය ප්‍රතිපාදන 2026-2028 අයවැය කාලරාමුව තුළ වෙන් කර ගැනීම මඟින් අදාළ පහසුකම් සලසා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
KDU පෞද්ගලික උපාධියට මේ වසරේ බඳවා ගත්තා නම් ආණ්ඩුවට ඔය බිලියන දෙක උපයාගන්න තිබුණා. රටට බරක් නැතිව වැඩේත් කෙරෙනවා...