
(රෝෂන් තුෂාර)
ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි කියන සිද්ධියට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්( මූල්‍ය) සුමිත්‍රා සිල්වා සැකකාරිය ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද නියෝග කළේය.
මෙම සිද්ධියෙ ප්‍රධාන සැකකරු වන ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ,පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට අදාළ ගිණුම් ඉවත් කර ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකාරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත්කෙරිණි.
සැකකාරියට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ට ඇප
Umanda Friday, 25 April 2025 05:59 AM
පලාතේ සංවර්ධන කටයුතු සදහා මධ්‍යම රජයෙන් ලබාදුන් මුදල් ස්ථාවර තැන්පත් ලෙස බැංකුවේ තැබීමෙන් පලාතේ සංවර්ධනය වෙන්නෙ කොහොමද .එම මුදල් එසේ කිරීමෙන් පාඩුවක් වෙනවාද .එහෙම නැත්නම් ප්‍රදේශයේ සංවර්ධනය කටයුතු කිරීමෙන් පාඩුවක් වේද බලනවානම් හොදයි