
(ජේ.ඉඳුරුවගේ)
පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත.
ඒ අනුව සිසුන්ගේ කැමැත්ත ආ ඔවුන් පෙන්නුම් කරන සාධන මට්ටම් අනුව ඉදිරි ජුනි මස 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ප්‍රතිඵල ලැබෙන තෙක් තාවකාලික පදනම යටතේ සිසුන් උසස් පෙළ හැදෑරීමට අපේක්ෂිත විෂය ධාරා අනුව පන්ති ආරම්භ කළ යුතුවේ.
සාමාන්‍ය පෙළට සිසුන් පෙනී සිටි පාසලේ උසස් පෙළ පන්ති තිබේනම් එම පාසලේම එම සිසුන්ට පන්ති ආරම්භ කර තාවකාලිකව සිසුන් එම පන්තිවලට යොමු කළ යුතුය.
එසේ නොවන හෝ සිසුන් හැදෑරීමට අපේක්ෂිත විෂය ධාරා නොමැති පාසල්වල සිසුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ යෝජිත පාසල් පොකුරු තුළ තිබෙන සුදුසු පාසල්වලට තාවකාලිකව අනුයුක්ත කළ යුතුය.ඒ සඳහා හිටපු පාසලෙන් ශිෂ්‍ය කාර්ය දර්ශකය (අස්වීම් සහතිකය)අවශ්‍ය නොවේ.
මෙලෙස තාවකාලිකව ආරම්භ කරන උසස් පෙළ පන්තිවල 12 ශ්‍රේණියට අදාල විෂය නිර්දේශ ඉගැන්විය යුතු බවත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත්වූ පසු විධිමත්ව එම පන්ති විධිමත්ව ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Reply Forward Add reaction
COMMENTS
ඒක හොඳයි..!
ජාත්‍යන්තර පාසල්වලට ගිය ළමුන්ට එම පාසලේ උසස් පෙළ පන්ති නැතිනම් අනුයුක්ත කළ හැක්කේ කෙසේද?
ජාත්‍යන්තර පාසල්වලට ගිය ළමුන්ට එම පාසලේ උසස් පෙළ පන්ති නැති නම් අනියුක්ත කළ හැක්කේ කෙසේද?
2024 උ.පෙ. විභාගයට තව මාස 6 කට වඩා තිබෙනවා. ඒ අයගේ විෂය නිර්දේශය ආවරණය නොකර 2026 සිසුන් ගන්නවා කියන්නේ 2024 ළමයින් ටියුෂන්වලට යොමු කිරීමයි. අන්තිමට කියයි පාසල්වල විෂය නිර්දේශය අසම්පූර්ණ නිසා ප්‍රශ්න පත්‍රයට අදාල සීමාව අඩු කරන්න කියා.
ඊට වඩා වටිනවා සිසුන්ට කෙටි කාලීන තාක්ෂණික පුහුණුවක් සමග ඉංග්‍රීසි භාෂා කථන පුහුණුවක් ලබාදුන්නා නම්, ඒක ඊළඟ කුමන අංශයකට හෝ යන්න බලාපොරොත්තු වන කෙනෙක්ට ලොකු ආධාරකයක් වෙනවා. අද ළමයි මිටිය පාවිච්චි කරලා ඇණයක් ගහගන්නවත් දන්නේ නෑ.
මේක සම්පූර්ණයෙන්ම අවුලක් . ඉදිරියේ දී තේරෙයි අවුලේ බරපතලකම. ඒ නිසා ඒ බව විතරක් මතක තියාගන්න. මේ පෝස්ට් එකට ලයික් හරි, ඩිස්ලයික් හරි ඕනෑ නැහැ. ඉදිරියේ දී බලන්න ප්‍රායෝගික තත්ත්වය. එච්චරයි.