
(අංජුල මහික වීරරත්න)
අධිකරණය තීරණයක් ගත්විට කවුරුන් හෝ ඊට එරෙහිව පෙළපාළි යනවා නම්, කළුකොඩි දානවා නම් එය අධිකරණයට අපහාස කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
රනිල් මහත්තයා අත්අඩංගුවට ගත්තේ රහස් පොලිසියෙන් බව කී ටිල්වින් සිල්වා මහතා ඇප දෙන්නේ හෝ බන්ධනාගාර ගත කරන්නේ අධිකරණ තීරණය අනුව බව සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.
රනිල් මහත්තයා අත්අඩංගුවට ගත්තේ රහස් පොලිසියෙන්.එතුමා කරපු මහජන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ කර ඒ අත්අඩංගුවට ගැනීම සිදුකර තියෙනවා.එතුමා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසුව අධිකරණය දෙපැත්තේම කරුණු සලකා බලා රක්ෂිත බන්ධනාගාර ගත කර තියෙනවා. ඒක අපේ ප්‍රශ්නයක් නොවේ.
ඊට කවුරුත් කලබල වෙන්න ඕන නෑ. නීතිය එහෙමනේ .කවුරුන් හෝ වරදක් කළාම උසාවිය කරුණු සලකා බලා අවශ්‍ය නම් ඇප ලබා ලබාදෙනවා. නැතිනම් බන්ධනා ගත කරනවා.ඒක තමයි නීතියේ හැටි.
එතුමා හිරේ දාන්න ඕන කියලා පහුගිය කාලෙ බල කළේ දැන් එතුමා වටේ එකතු වෙලා ඉන්න කණ්ඩායම.2019 ජනාධිපතිවරණ කාලෙත් රනිල් හිරේ යවන්න ඕන කියලා රාජපක්ෂල කණ්ඩායම කිව්වා.දැන් එතුමගේ වටේ එකතුවෙලා ඉන්න කණ්ඩායමේ එකම ප්‍රාර්ථනය වුනේ එතුමා හිරේ යවන එක.
අපේ රටේ නීතිය කාටත් සාධාරණ වෙන්න ඕන.
අධිකරණය තීරණයක් ගත්විට කවුරුන් හෝ ඊට එරෙහිව පෙළපාළි යනවා නම්, කළුකොඩි දානවා නම්,එක අපේ රටේ අධිකරණයට අපහාස කිරීමක්.ඒක නිසා අධිකරණයට අපහාස කිරීමේ කටයුත්ත සඳහාත් ක්‍රියා කිරීමට නීති අංශ කටයුතු කරාවි.
ඔය එකතු වෙලා ඉන්න අයගෙන් සීයට අනූවකට විතර නඩු තියනවා.අපරාධ කරපු අය දැන් අපරාධ වලින් ගැලවීමට එකතු වෙලා ඉන්නවා.සියලු අපරාධකරුවන් එක ගොඩකට එකතුවීමත් ජනතාවට තේරුම් ගන්න ලේසි වේවි.
ජනතාව මේ ගැන පැහැදිලි මතයක ඉන්නවා .කොස් ගෙඩියක් පොල් ගෙඩියක් හොරකම් කරපු කෙනාට පමණක් නොව ජනාධිපතිවරුන්ට පොලිස්පතිවරුන්ට පවා නීතිය ක්‍රියාත්මක විය යුතුයි.ජනාධිපතිවරුන් වරදක් කළ විට නීතිය ක්‍රියාත්මක කරද්දී ඊට බාධා කරනවා නම් ඊට පස්සේ අපට කවදාවත් පාලනයේ ඉහළ අයට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා.එහෙම වුණොත් පාලනයේ ඉහළ ඉහල අය නීති කඩන්න බය වන්නේ නැහැ යනුවෙන්ද ටිල්වින් සිල්වා මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බලන්නේ කවුද කතා කරන්නේ කියලා. බලයේ ඉන්න /හිටපු ත්‍රස්තවාදීන් පිරිසක් සහ තනි පක්ෂ ත්‍රස්තවාදීන් ලෙස ක්‍රියා කරන පුද්ගලයෙක් දැන් පොදු දේපළවල වටිනාකම සහ අධිකරණ පද්ධතියේ ගුණධර්ම ගැන අපට දේශන පවත්වනවා. ගුණධර්මවල පරමාදර්ශය සහ රජයේ දේපළ ආරක්ෂා කරන්නන්. මගේ දෙවියනේ!
එතකොට තුන්ඩු කෑල්ලට උසාවි වහපු එක?
එතකොට ඔයාලා නඩුකාර වරුන් ව මැරුවේ ඒ කාලේ ?එක අපහාසයක් නෙමෙයි වෙන්න ඇති නේද ?
එතකොට අධිකරණ තීන්දුව යූටියුබ් සුදත්තෙයා කලින්ම ප්‍රකාශකිරීම අධිකරණයට අපහාසයක් නොවෙයිද සිල්වා
හොද පැහැදිලි කිරීමක්... නඩු ඇති, දූෂණ වලට සම්බන්ධ අය මේ වෙලාවේ කලබල වුණාට, සාමාන්‍ය ජනතාව බුද්ධිමත්ව එය තේරුම් අරගෙන සිටිනවා. නීතිය කාටත් පොදුයි කියන එක ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුයි.
මෙහෙම කියන්න මෙයා කවුද? මෙයා අඩු ගානේ නීතීඥයෙක්ද? මෙයාද රටේ අධිකරණ ක්‍රියාවලිය අර්ථ දක්වන්න ඉන්න කෙනා? මෙයා ඉන්නේ අධිකරණ ක්‍රියාවලියේ අනිත් හැමෝටම වඩා උඩින්ද? අයියෝ 68 ලක්ෂයක් මී හරක් අපේ රටට කරපු විනාසේ...
බඩගින්නට දරුවන්ට කන්න දෙන්න අයිතිකරුගෙන් අවසරයක් නොමැතිව කොස් ගෙඩියක් හොරෙන් කපාගත් මවකටත් හිරගෙදර යන්න උනා කියන ප්‍රවෘත්තිය Erikta දැනගන්න ලැබුනත් එච්චර ගානක් නැත්තේ එම කාන්තාව ඔබලාගේ පැලැන්තියේ කෙනෙක් නොවන නිසා වෙන්න ඇති
1971 ඉදන් කරපුවට අධිකරණ මාර්ග හරියට ක්‍රියාත්මක වුනානම් , තවමත් හිරබත් කනවා නේද ? කැරලි මඩපවත්වූවට නේද මේ දැන් එලෝ එලෝ උපායශීලීව පළි ගන්නේ ? දැන් කණ්ඩායමක් එකතුවෙලා රජය පෙරලන්න උත්සහා ගතහොත් ආයුද අතැතිව ඔබලා ඔවුන්ට රජය බාරදෙනවද? ඔහම බැලුවොත් LTTE එකත් හරිනේ . ඕව කර කර ඉන්න, ආයේ රට බංකොලොත් වෙනකල් දන්නෙම නැතුව යයි . ජනතාව ඉවරයි .
අපිට දැන් ඩිමෙන්ෂියා. වයසයිනෙ. ඒ නිසා අපි ඒ කාලේ උසාවි තීන්දු වලට විරුද්ධව කලු කොඩි උස්සපුවා මතක් කරන්න එපා හොඳේ.
චන්ද්‍රා, බයවෙන්න එපා හොරු අල්ලන වැඩේ කරන අය රටේ සංවර්ධන කටයුතු වලට ගන්න අය නෙවෙයි, එක එක වැඩේට වෙනවෙනම අය ඉන්නවා... ඔයා වගේ කටු ලෙවකාපු අයට රනිල් වගේ කරපටි හොරු අල්ලනකොට රිදෙනවා ඇති...