
(බී.ජී. චතුරංග )
උතුරු මැද පළාතේ පාසල් තුන්වන වාර පරීක්ෂණයේ 6,සහ 7 ශ්‍රේණි වල භූගෝල විද්‍යා, ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර, විභාගය පැවැත්වීමට පෙර අන්සතු කර, බාහිර සමාජයට මුදා හැරීමේ චෝදනාව මත වරද පිළිගත් ගුරුවරියගේ වැඩ තහනම් කල බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ඇලයාපත්තුව ප්‍රදේශයේ පාසලක සේවය කළ එම ගුරුවරිය ජනවාරි 7 වන දින පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් වැඩ තහනමට ලක් කරන ලදී.
මූලික විමර්ශනයකට යටත්ව රාජකාරියෙන් ඉවත් කර අදාළ මෙම ගුරුවරියගේ වැඩ තහනමට ලක් කළ බව, කල විමසීමේදී උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනේ අමාරුව
ඔන්න ළමයින්ට ආදර්ශමත් ගුරුවරු...
රැකියාවෙන් ඉවත් කළ යුතු වැරැද්දක්. නැත්නම් අවම වසර 10 ක් වත් වැටුප් වර්ධක නැතිකරන්න ඕනෑ. විභාගය අවලංගු කිරීමේ අලාභය ගණනය කරලා ඒකත් අයකර ගන්න.
රැකියාවෙන් ඉවත් කළ යුතූ වැරැද්දක් නෙවෙයිද ඔය කර තිබෙන්නේ... දරුවන්ගේ අනාගතය සමග සෙල්ලම් කරන අය. ආයිත් ඉතින් පාසලක් පැත්තට එන්න දෙන්න එපා. සම්පූර්ණ විශ්‍රාම වැටුප් කප්පාදු කරන්න. ස්ථීරවම රැකියාව අහිමි කරන්න.
අලාභය අයකර ගන්න. ශිෂ්‍යත්ව නඩු තීන්දුව වගේ, ඒ වගේම සේවය අවසන් කරන්න. එයාට උසාවි ගිහින් රැකියාව ගන්න කියන්න.
මට තේරුම් ගන්න බැහැ ඔය සාමාන්‍ය වාර පරීක්‍ෂණ ප්‍රශ්න පත්‍රයක් පිට කරලා මොකක්ද ලැබෙන්නේ? කඩයිම් විභාගයකුත් නෙවෙයි, ඉතින් මොකක්ද මේක පිට කරන්න ඕනෑ වුනේ?
උපරිම මසක් ඇතුළත විමර්ෂණය කරලා, උපරිම දඩ මුදලක් සමගින්, නැවත රාජ්‍ය සේවයට අනුගතවිය නොහැකි ආකාරයට රැකියාවෙන් නෙරපන්න. මේකත් දැන් ත්‍රස්තවාදයක් වෙලා.
නඩු පැවරීමක් කරලා දඬුවම් කිරීමක් සිදුවන්නේ කවදාද? බලවත් කෙනෙක් අල්ලාගෙන මූලික පරීක්ෂණ අවුරුදු ගාණක් ඇදගෙන යන්න පුළුවන්. ඉන් පසුව නීතිපති තව කාලයක් ඇදලා හිඟ පඩියත් සමග වන්දියකට ගිහින් වයස තිබේ නම් උසස් වීමක් සමග නැවත සේවයේ පිහිටු වීමක් ගන්න හැකියාවකුත් ලංකාවේ ඇත. ඔන්න ඕකයි තත්වේ...ෙ
ආපහු ගුරු සේවයට පත්වීම් දෙන්න එපා. ප්‍රින්ටින් කොස්ට් එක එයාගෙන්ම ගන්න ඕනේ. වෙන ජොබ් එකක් හොයාගත්තා නම් හරි...
වැඩ තහනම් කරලා හරියන්නේ නෑ... රුපියල් මිලියනක දඩයක් ගහලා සේවයෙන් පහ කරලා සිර දඬුවම් ලබාදිය යුතුයි. රස්සාවල් නැතුව උගත් පුහුණු අය ඕනතරම් ඉන්නවා
දැන් දරුවන්ට ඉගෙනීමට කාලයක් නැහැ කියල හිතෙනවා මොකද විභාගයට දින නියම කරනවා ගුරුවරුම මුදලක් සොයාගන්න පේපරේ පුද්ගලික පංතියේ උගන්වා මුදලකුයි හිතවතුන්ගේ පංතිවලට දීල මුදලකුයි සොයා ගන්නවා ඒක ප්‍රශිද්ධ වුනාම විභාගය අවලංගු කරල නැවත නැවත විභාග පවත්වනවා දරුවන්ගේ වයස නතර වෙන්නෙත් නැහැ දරුවො වියපත් වෙනවා මෙහෙම දේවල් කර දරුවන්ගේ අනාගතය කාබාසිනියා කරන එමගින් සමස්ත රාජ්‍ය සේවයම අපකීර්තියට පත්කළ සියලු දෙනාම විධිමත් විනය පරීක්ෂණයක් නොපමාව පවත්වා සේවයෙන් පහකිරීමට කටයුතු කළ යුතුය